දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

FCIDය රාජපක්ෂ සමයේ තවත් දේපල ගනී.

රාජපක්ෂ පාලන සමයේදී නීති විරෝධී ආකාරයට උපයා ගන්නා ලද ධනයෙන්, රාජපක්ෂ පවුලේ උදවිය හා ඔවුන්ගේ අන්තේවාසිකයන් හිමිකර ගත් දේපළ රාජ සන්තක කිරීමේ...


රාජපක්ෂ පාලන සමයේදී නීති විරෝධී ආකාරයට උපයා ගන්නා ලද ධනයෙන්, රාජපක්ෂ පවුලේ උදවිය හා ඔවුන්ගේ අන්තේවාසිකයන් හිමිකර ගත් දේපළ රාජ සන්තක කිරීමේ දැවැන්ත මෙහෙයේ නව අදියරක් උදා කරමින් 'Entrust Group of Companies' සමූහ ව්‍යාපාරය සතු සමාගම් 15 ක සියළුම චංචල හා නිශ්චල දේපළ රජය සතු කර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාශය  (FCID) විසින් කටයුතු යොදා තිබේ. 

මෙකී 'Entrust' සමූහ ව්‍යාපාරය මහින්ද රාජපක්ෂගේ මස්සිනා වීමට නියමිත  පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ සොයුරා වන චානුක  රත්වත්තේට අයත් වූවකි. මෙම චානුක රත්වත්තේ නැමැත්තා 'Entrust' සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක ඉසිර දිසානායක ඇතුළු අනෙක් අධ්‍යක්ෂවරුන් සමග මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ.

මෙසේ රාජසන්තක කරන ලද නිශ්චල දේපළ අතරට ඉසිර දිසානායක නැමැත්තාට අයත් මහනුවර, දිගනේ ගොල්ෆ් ක්‍රීඩා පිටියට යාබදව පිහිටා ඇති අක්කර 2000 ක ඉඩමක් ද වේ. 

කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක B/290/16 දරන පැමිණිල්ල යටතේ මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) උසාවියෙන් මෙම ඉල්ලීම කර තිබේ. එකී ඉල්ලීම ප්‍රකාරව පහත දැක්වෙන 'Entrust' සමූහ ව්‍යාපාරයට අයත් සමාගම්වල චංචල සහ නිශ්චල දේපළ රාජසන්තක කොට තිබේ.

1. Entrust Limited
2. Entrust Wealth Management Limited
3. Entrust Health Care Limited
4. Entrust Invesment Limited
5. Western Sports Management (pvt) Limited
6. Entrust Capital Partners
7. Entrust Holdings Limited 
8. Multi Finance PLC.
9. The Standared Credit Finance Limited
10. Entrust Capital Market (pvt) Limited
11. Continental Capital (pvt) Limited
12. Maruthi Estate (pvt) Limited
13. Platinum Capital (pvt) Limited
14. Pacific Trust (pvt) Limited

මෙම සමාගම් සතුව පවතින, එහෙත් තවමත් එළිදරව් නොවූ නිශ්චල හා චංචල දේපළ රාශියක් ඇති අතර එකී දේපළද රාජසන්තක කිරීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වනවිට විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: FCIDය රාජපක්ෂ සමයේ තවත් දේපල ගනී.
FCIDය රාජපක්ෂ සමයේ තවත් දේපල ගනී.
http://ift.tt/2cHIQ7Q
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/fcid_7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/fcid_7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy