දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොටි පිබිදීම ගැන විමර්ශන ජනපති අපේක්ෂකයකුට අවාසි වෙතැයි යටපත් ‌කෙරෙන හැඩ !
Homeප්‍රවෘත්ති

කොටි පිබිදීම ගැන විමර්ශන ජනපති අපේක්ෂකයකුට අවාසි වෙතැයි යටපත් ‌කෙරෙන හැඩ !

PropellerAds

ර ටේ ආරක්ෂාව අස්ථාවර බවට දකුණේ මතයක් පැතිරීම ජනාධිපති අපේක්ෂකයකුට අවාසියක් වන නිසා එල්.ටී.ටී.ඊ.ය. හිස එසවීම පිළිබඳව කෙරෙන විමර්ශන යටපත් කිර...

ටේ ආරක්ෂාව අස්ථාවර බවට දකුණේ මතයක් පැතිරීම ජනාධිපති අපේක්ෂකයකුට අවාසියක් වන නිසා එල්.ටී.ටී.ඊ.ය. හිස එසවීම පිළිබඳව කෙරෙන විමර්ශන යටපත් කිරීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මේ නිසා ‘තීබන්’ හෙවත් රොබින්සන් නමැති කොටි ප්‍රබලයා යටතේ ඇති බවට හෙළි වූ කණ්ඩායම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන යටපත් විය හැකි බවද එය ඉදිරියේදී තර්ජනයක් වනු ඇතැයිද ආරක්ෂක අංශ අනතුරු අඟවයි.

යුද හමුදා බුද්ධි අංශ මගින් ඉකුත් 11 දා සේරුනුවරදී තීබන් ගිනි අවියක්ද සමග අල්ලාදීමෙන් පසුව අවි ආයුධ තොගයක් කිලිනොච්චියේ නිවසින් හමුවිය. වැඩිදුර විමර්ශනවලදී යාපනයේ කොණ්ඩාවිල්වලින් කිලෝ පහළොව බැගින් වූ ක්ලේමෝ බෝම්බ දෙකක්ද හමුවිය.

නැගෙනහිර පළාතේදී කරුණා අම්මාන් ඇතුළු දේශපාලන ඉලක්ක ගැනීමට සූදානම් වූ බව කියන තීබන්ගේ හෙළිදරව්ව මත රාමයියා විවේකානන්දන් (දිනේෂ්) නමැති කොටි ප්‍රබලයාද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ත්‍රස්තයන්ගෙන් හෙළි වූ තොරතුරු මත අධිබල ‘සිෆෝ’ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඇතුළු අවි ආයුධ සොයා මෙහෙයුම් අරඹා තිබුණත් ඉහළ බලපෑමකින් අවි ආයුධ සොයන මෙහෙයුම් අඩාළ වී ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර නායකයන් දෙමළ ඩයස් පෝරාවේ සහායද ඇතිව දසවතාවක් යළි හිසඔසවන්නට ගියද යුද හමුදා බුද්ධි අංශ අවදියෙන් සිටීම නිසා ඒවා අනාවරණය විය. ඉන්දියාවට පැමිණ ඇති ජාත්‍යන්තර නායකයන් තීබන් මෙහෙයවන බව අනාවරණය කරගනිමින් හමුදා බුද්ධි අංශය කළ මෙහෙයුමකින් මෙම කොටි ජාලය හෙළිවූවත් වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පමණක් භාරදී තිබිණි.

කලින් අවස්ථා ගණනකදීම එල්.ටී.ටී.ඊ. යළි ​හිසඔසවන බවට සාක්ෂි සාධක සහිතව දුන් විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යටපත් කළ බව එම ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන කළ විමර්ශන අතරේ හෙළි විය.

– aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොටි පිබිදීම ගැන විමර්ශන ජනපති අපේක්ෂකයකුට අවාසි වෙතැයි යටපත් ‌කෙරෙන හැඩ !
කොටි පිබිදීම ගැන විමර්ශන ජනපති අපේක්ෂකයකුට අවාසි වෙතැයි යටපත් ‌කෙරෙන හැඩ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2Y_eGUhmsCK9uZR19y2bRDoYAzkIAGKh1vFMFu2MZFs8XhmziXc_9ae2i2DtKJKB6LnmHDNWM5Wgm5yFTk4jAQLiRbY06tH8pDPhfDkxdfFVqmgrX4JpQszZE52cD2452iuJp7Vg9mRsl/s320/army.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2Y_eGUhmsCK9uZR19y2bRDoYAzkIAGKh1vFMFu2MZFs8XhmziXc_9ae2i2DtKJKB6LnmHDNWM5Wgm5yFTk4jAQLiRbY06tH8pDPhfDkxdfFVqmgrX4JpQszZE52cD2452iuJp7Vg9mRsl/s72-c/army.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_151.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_151.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy