ජ නපති අපේක්ෂකයන් පස්දෙනෙකුගේ නම් කියවෙන බවත්, ඒ අතර කාන්තාවකගේ නමක් නම් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියයි. කෙසේවුවද, ජනපති අප...
ජනපති අපේක්ෂකයන් පස්දෙනෙකුගේ නම් කියවෙන බවත්, ඒ අතර කාන්තාවකගේ නමක් නම් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියයි.
කෙසේවුවද, ජනපති අපේක්ෂකයා අගෝස්තු 11 වැනිදාට පෙර හෙළි නොකරන බවද ඒ මහතා කියා සිටී.
2015 මැතිවරණ පරාජයට විදෙස් බලපෑම් සිදුවූ බවද කියන හිටපු ජනපතිවරයා ඇමරිකාව හා ඉන්දියව ඊට හවුල් බවත් ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටී.
කෙසේවුවද, දැන් තත්ත්වය වෙනස් බවත්, ඉතිහාසය අමතක කර සියලු රටවල් සමඟ සමගියෙන් කටයුතු කරන බවත් ඔහු කියයි.
නඩුවල තීන්දුවලට කෝල් දුන්නේ නෑ - නඩුකාරයින්ගේ උපන්දිනවලට කතාකරා
මහින්ද මහතා අරලිගහ මැදුරේ දුරකථනයෙන් නඩු තීන්දු දුන් බවට ඇති මතය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා ඇත්තේ නඩුකාරයින්ට දුරකථනයෙන් කතා කළා නම් කතා කළේ ඔවුන්ගේ උපන්දිනවලට සුභ පැතීමට බවයි.
මේ අතර, ජනාධිපතිවරයාට විවේකයක් ලැබෙන තෙක් ඔහු සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද රාජපක්ෂ මහතා කියයි.
ඒ ශ්‍රීලනිප සන්ධානය ගැන සාකච්ඡා කිරීමට බවත් කියා සිටී.
මෛත්‍රී ජනපතිවරයා මම එකපාරයි ඉන්නේ දෙවැනිපාර තරග කරන්නේ නෑ කියල බොහොම ප්‍රසිද්ධියේ කරපු ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් තියෙනවා ඒ නිසා ඔහු නැවත ජනපති අපේක්ෂකයකු නොවනු ඇති බවද රාජපක්ෂ මහතා පවසයි.

COMMENTS