දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ජාතික ආරක්‍ෂාව දෙන්නේ ත‍්‍රස්තවාදීන්ට ආයුද දීලාද? 60000ක් පාරවල්වල පුච්චලාද? - මොහොමඞ් මුසම්මිල්
Homeප්‍රවෘත්ති

සජිත් ජාතික ආරක්‍ෂාව දෙන්නේ ත‍්‍රස්තවාදීන්ට ආයුද දීලාද? 60000ක් පාරවල්වල පුච්චලාද? - මොහොමඞ් මුසම්මිල්

PropellerAds

හි ටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් එදා තම ආරක්ෂාව සලසා ගත්තේ කොටි ත‍්‍රස්තවාදීන්ට ආයුධ ලබා දී මෙරට තරුණ තරුණිය...

ජනාධිපති ගෝඨාභය දස වසරක් රට පාලනය කරනවා - කාරුණා අම්මාන්
"ප්‍රශ්නය අරලිය නම් ආණ්ඩුවට ගන්න" ඩඩ්ලි සිරිසේන ආණ්ඩුවට කියයි - (video)
එජාප මහ ඡන්දය මෙහෙය වන්නේ කරූ !
හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් එදා තම ආරක්ෂාව සලසා ගත්තේ කොටි ත‍්‍රස්තවාදීන්ට ආයුධ ලබා දී මෙරට තරුණ තරුණියන් 60,000ක් ‘ටයර් සෑයවල’ යවා යැයි වැඩිහිටි පරම්පරාවට අමතක නොමැති බවත් තම සදාදරණීය පියා ගිය මාර්ගයේ යන බවට වහසිබස් දොඩවන, සජිත් පේ‍්‍රමදාස මහතා, තමන්ට ජනාධිපති ධුරය ලැබුණොත් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ද ඒ ආකාරයටම දැයි ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රශ්න කර සිටී.

අද පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් එහි ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ප‍්‍රශ්නකර සිටියේය.

ඊයේ බදුල්ලේ පැවති රැලියකදී සජිත් පේ‍්‍රමදාස මහතා දුප්පත්කම නැති කරන බවට කරන සුපුරුදු කථාවෙන් මිදී රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය, වෙළඳඳ ගිවිසුම් ආදිය ගැන කතා කළ බවත් එය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා කළ කතාවේ කොපියක් යැයි සිතෙන තරමට සමාන බවත් මෙහිදී මුසම්මිල් මහතා පෙන්වා දුන්නේය.

ඊයේ ‘රටට අහිතකර වෙළෙඳ ගිවිසුම්වලට ඉඩ නොදෙමි’ කියූ සජිත් පේ‍්‍රමදාස මහතා තමා කැබිනට් අමාත්‍ය ධුරයක් දරන ආණ්ඩුව රටට ඉතාම අහිතකර ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම මෙරට වෘත්තිකයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු සියලූදෙනාගේ දැඩි විරෝධය මැද අත්සන් කරන විට නිහඬව සිටියේ ඇයි දැයි ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා ප‍්‍රශ්නකර සිටියේය.

එමෙන්ම ඊයේ ‘රටට අහිතකර ආරක්ෂක ගිවිසුම් අත්සන් තැබීමට ඉඩ නොදෙමි’ කියූ සජිත් පේ‍්‍රමදාස මහතා මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවටත් හොරෙන් ඇමෙරිකාව සමඟ ඇක්සා ගිවිසුම අත්සන් කරන විටත් සෝෆා ගිවිසුම අත්සන් කරන්නට සියලූ කටයුතු සූදානම් කරන විටත් කළේ කුමක්දැයි යන ප‍්‍රශ්නය ද රටේ සිහි බුද්ධියක් ඇති ජනතාවට ඇති වන බවත් එ් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘ලිච්ඡවී පාලනයක්’ ගෙන එන බව කියමින් බලයට පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා වසර හතරහමාරක් තුළ රට ඇද දැමූ තැන අමුතුවෙන් කිවයුතු නැති බව ද එ් මහතා සඳහන් කළේය. එසේ තිබියදී එ් තත්ත්වයට රනිල් සේම වගකිවයුතු එම පක්ෂයේ නියෝජ්‍ය නායක ‘දසරාජ ධර්මයෙන්’ රට පාලනය කිරීමට තමන් සූදානම් බව පවසන බවත් එසේ බුදුදහමේ සඳහන් උතුම් සංකල්ප මේ ආකාරයට මේ අය අවමානයට ලක් කිරීම මුස්ලිම් ජාතිකයකු ලෙස වුවත් තමන් දැඩි සේ හෙළා දකින බවත් මොහොමඞ් මුසම්මිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව සමයේ වැඩ ඇරඹූ රණාල ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ජනතාව වෙත භාර දීමේ වැඩසටහනක දී ඊයේ රනිල් වික‍්‍රමසිංහ මහතා, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල කතාව විකෘති කරමින් බොරු බේගලයක් ඇදබෑ බවත් ඉන් මේ අය ඉදිරි මැතිවරණයකදී එදා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඡයාරූපයක් විකෘති කරමින් කළ සෙල්ලම වැනි එ්වා කිරීමට දැන් සිටම සූදානම් වන බව පෙනෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2010 හා 2015 ජනාධිපතිවරණවලට ඉදිරිපත් නොවී එජාපය ගෙන ආ අපේක්ෂකයාට සහයෝගය දුන් ජවිපෙ, මෙවර එ් දෙය කිරීම දැඩි ජනතා පිළිකුලට හේතුවන නිසා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව ද මුසම්මිල් මහතා මෙහිදී අනාවරණය කළේය. කෙසේ වුවත් ඒ අපේක්ෂකයා, ජනාධිපතිවරණය අතරතුර දී එජාප අපේක්ෂකයාට බොරු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කොට ඉල්ලා අස්වීම මේ ජවිපෙ නාටකයේ අවසන් ජවනිකාව වනු ඇති බව ද ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ජාතික ආරක්‍ෂාව දෙන්නේ ත‍්‍රස්තවාදීන්ට ආයුද දීලාද? 60000ක් පාරවල්වල පුච්චලාද? - මොහොමඞ් මුසම්මිල්
සජිත් ජාතික ආරක්‍ෂාව දෙන්නේ ත‍්‍රස්තවාදීන්ට ආයුද දීලාද? 60000ක් පාරවල්වල පුච්චලාද? - මොහොමඞ් මුසම්මිල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlJphGchHZPMfeClHFzklfPnIqN4JNAvSUl0W_iQ1feQjxxCbdSe66kxmSM5wgNmZWolaeeIigD6HtY7SS4tMMPYftOXEv20CB5F1lfxEm0C3EtrHPe7ux2HlAbVMNPqWjytagVR31apEr/s320/muslim.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlJphGchHZPMfeClHFzklfPnIqN4JNAvSUl0W_iQ1feQjxxCbdSe66kxmSM5wgNmZWolaeeIigD6HtY7SS4tMMPYftOXEv20CB5F1lfxEm0C3EtrHPe7ux2HlAbVMNPqWjytagVR31apEr/s72-c/muslim.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/60000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/60000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy