දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපතිවරණයට පෙර පළාත් සභා ජන්දයක්..? ජනපති ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි

ජ නාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ලබන සතියේ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නි...

නාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ලබන සතියේ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (24) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්විය යුතු බවට යෝජනාවක් ඒකමතිකව සම්මත වීමෙන් පසු ජනාධිපතිවරයා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තීරණය කළ බව ද මහ ලේකම්වරයා ඊයේ (25)  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

 පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට පක්ෂය තීරණය කරන්නේ නම් තමන් ද ඌව පළාත් සභාව විසුරුවීමට කටයුතු කරන බව ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් මහතා ගෙනා යෝජනාව මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව සම්මත වූ බවද මහ ලේකම්වරයා කීවේය.

 ඒ අනුව ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් පළාත් සභා මැතිවරණය නව ක‍්‍රමයට හෝ පැරණි ක‍්‍රමයට පැවැත්වීම පිළිබඳව සහ මැතිවරණ ප‍්‍රමාද වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පියවර ගනු ඇති බවත්, එහිදී පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29549,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිවරණයට පෙර පළාත් සභා ජන්දයක්..? ජනපති ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි
ජනපතිවරණයට පෙර පළාත් සභා ජන්දයක්..? ජනපති ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjMcM9MzhSlmSD-KHENxUEKBG9lIfE-jjGe9pgTeu_e4FMyvA3c5igPyguvyQHxDeOxERkdq2zhyyjrWGtVtpa6Ra5H-UT7JTcUDSWP-Ma-SyP4Fmb3omEAlj7ccvHqz0m8txXhxHdxzfA/s320/f57aac4495702cce9a115ecc1155f80165c5767b.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjMcM9MzhSlmSD-KHENxUEKBG9lIfE-jjGe9pgTeu_e4FMyvA3c5igPyguvyQHxDeOxERkdq2zhyyjrWGtVtpa6Ra5H-UT7JTcUDSWP-Ma-SyP4Fmb3omEAlj7ccvHqz0m8txXhxHdxzfA/s72-c/f57aac4495702cce9a115ecc1155f80165c5767b.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_460.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_460.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy