දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාල්ලේ පොහොට්ටු බල මණ්ඩය චන්දිම වීරක්කොඩි පන්නා දමයි
Homeප්‍රවෘත්ති

ගාල්ලේ පොහොට්ටු බල මණ්ඩය චන්දිම වීරක්කොඩි පන්නා දමයි

PropellerAds

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් බලමණ්ඩල රැස්වීම පැවතියේ ඉකුත් සති අන්තයේය. රංජිත් ද සොයිසා, දොස්තර රමේෂ් පතිරණ, මොහාන් පී ද ...

චීන ජනපති සමග සාකච්චාවේදී අද්භූත දෙයක් විමල් හෙලි කරයි.. හම්බන්තොට වරායෙන් කොටසක් නොමිලේ දෙයි…
පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..
තවත් පාලම් පාරුවක් පෙරළිලා 5ක් වැටිලා අයෙක් අතුරුදහන්!
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් බලමණ්ඩල රැස්වීම පැවතියේ ඉකුත් සති අන්තයේය. රංජිත් ද සොයිසා, දොස්තර රමේෂ් පතිරණ, මොහාන් පී ද සිල්වා යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙකී රැස්වීම පැවැත්විණි. ගාල්ල දිස්ති‍්‍රක්යේ හිටපු පළාත් සභා මන්තී‍්‍රවරු, පළාත් පාළන ප‍්‍රධානීන් ඇතුළු පොහොට්ටුවේ කි‍්‍රයාකාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

පොහොට්ටුවට එක්වූ ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර හා හිටපු ඇමැති චන්දිම වීරක්කොඩිට මෙකී රැස්වීම සඳහා ආරාධනා කොට තිබුණේ නැත. චන්දිම මෙකී රැස්වීමට සම්බන්ධවීම සඳහා දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් චන්දිමගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත. බලමණ්ඩල රැස්වීම සඳහා ආරාධනා පත‍්‍ර යවා තිබුණේ පොහොට්ටුවේ ගාල්ල දිස්ති‍්‍රක් නායක දොස්තර රමේෂ් පතිරණ හා නියෝජ්‍ය නායක මොහාන් පී ද සිල්වා යන මන්තී‍්‍රවරුන්ගේ අත්සනිනි. බලමණ්ඩල රැස්වීම සඳහා සම්බන්ධ වන ලෙස ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයාට ද. රමේෂ් ආරාධනා කළේය. ඩලස් ඒ සඳහා කැමැත්ත පළ කළේය. මේ අතර චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී බලමණ්ඩල රැස්වීමට තමන්ට ආරාධනා නොකිරීම ගැන පැමිණිලි කළේය. විපක්ෂ නායකවරයා ඩලස් අලහප්පෙරුම මන්තී‍්‍රවරයාට දුරකථනයෙන් කථා කළේය. ගාල්ලේ රැස්වීමට චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයාත් එක්ක යන්න මහින්ද රාජපක්ෂ ඩලස්ට කීවේය. පසුව චන්දිම ඩලස්ට ද කථා කළේය. බලමණ්ඩල

රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ දිනට පෙරදින ඩලස් රමේෂ්ට කථා කළේය. මට රැස්වීමට එන්න වෙන්නේ නැහැ. මාතර තරුණ සංවිධාන පිහිටුවීමේ රැස්වීම් මාලාවක් තියෙනවා ඩලස් රමේෂ්ට කීවේය. ඩලස් බලමණ්ඩල රැස්වීමට සම්බන්ධ නොවන බව චන්දිමට ද ආරංචි වී තිබිණි. චන්දිම ද සටන අත්හැරියේ නැත. ඔහු බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා හමුවී මේ ගැන කීවේය.

රමේෂ්ගේ ප‍්‍රතිචාරය.

මේ ගැන සොයා බලන ලෙස බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාට පැවරුවේය. බලමණ්ඩල රැස්වීම සඳහා සම්බන්ධවීමට චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා වලිකන බව ඒ වනවිට ගාල්ල දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ප‍්‍රධානීන්ටද ආරංචි වී තිබුණේය. රේණුක පෙරේරා පොහොට්ටුවේ ගාල්ලේ නායකයා වන දොස්තර රමේෂ් පතිරණ මන්තී‍්‍රවරයාට දුරකථනයෙන් මේ ගැන කථා කොට ඇසුවේය. චන්දිම ගැන මට පුද්ගලික ප‍්‍රශ්නයක් නැහැ. නමුත් ඔහු පසුගිය කාලයේ අපේ පක්ෂයේ අයට නොයෙකුත් හිරිහැර කළා. හබරාදුවේ පැවති පොහොට්ටුවේ

රැස්විවීම සංවිධානය කිරීමේ දී චන්දිම කළ බාදාවන් ගැන ද රමේෂ් කීවේය. ඒ විතරක් නොව චන්දිම සමග එකට සම්බන්ධ වී දේශපාලන කටයුතු නොකිරීමට බලමණ්ඩල රැස්වීමේ දී තීන්දුවක් ගෙන තියෙනවා. ඒ තීන්දුවට පිටින් මට කටයුතු කරන්න බැහැ. චන්දිමට ඕන නම් ආරාධනා කරන්න ඒ ගැන මට ප‍්‍රශ්නයක් නැහැ. නමුත් විරෝධතාවයක් ආවොත් මට චන්දිමගේ පැත්ත ගන්න බැහැ. මට ගන්න වෙන්නේ මිනිසුන්ගේ පැත්ත රමේෂ් කීවේය. රමේෂ් පතිරණ මන්තී‍්‍රවරයා කියූ කථාවත් සමග චන්දිමගේ අවසන් උත්සාහයද ව්‍යර්ත වී ගියේය. පසුව චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා බලමණ්ඩල රැස්විමේ දී වන දේ ගැන දැන ගැනීම සඳහා තම පුද්ගලික හිතවතකු සම්බන්ධ කිරීමට කටයුතු කළේය. ඔහු රැස්වීමට පැමිණ තිබුණේ අනාරාධිතවය. ඔහු ගැන සැක සිතී පොහොට්ටුවේ කි‍්‍රයාකාරිකයකු මොහුගෙන් ප‍්‍රශ්න කළේය. මහත්තයා කොහොන්ද ආවේ යැයි පෙහොට්ටුවේ කි‍්‍රයාකාරිකයා ඇසුවේය. අක්මීමන ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයකු තමයි එන්න කීවේ මොහු කීවේය. මම එන්න කීවේ නැහැ මොහු චන්දිමගේ ගොලයෙක් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා පොහොට්ටුවේ කි‍්‍රයාකාරිකයාට කීවේය. පසුව ඔහු රැසවීමෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. චන්දිම වීරක්කොඩි මන්තී‍්‍රවරයා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත්තද ඔහු පොහොට්ටුවට වැද්දා ගැනීමට තවමත් ගාල්ලේ පොහොට්ටුවේ ඇත්තන් කැමති නැත.

චන්දිම බැරිවෙලාවත් රැස්වීමට පැමිණියා නම් ඔහුට විරෝධය දැක්වීමටද පිරිසක් සූදානමින් සිටියහ. ගාල්ලේ පැවැත්වෙන පොහොට්ටුවේ රැස්වීමකදී මහින්ද හා බැසිල් මහත්වරුන්ට වැඳලා ප‍්‍රසිද්ධියේ සමාවගෙන කරපු පව් කමාකරගතහොත් චන්දිම ගැන සලකා බලන්න පුළුවන් රැස්වීමෙන් පසු පොහොට්ටුවේ කි‍්‍රයාකාරීන් චන්දිම ගැන එසේ කීවේය.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාල්ලේ පොහොට්ටු බල මණ්ඩය චන්දිම වීරක්කොඩි පන්නා දමයි
ගාල්ලේ පොහොට්ටු බල මණ්ඩය චන්දිම වීරක්කොඩි පන්නා දමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvmQm4ca6_vArlsZFRGMvyHsO4ARYwc5eIPIYG2C95I2X8G8mLHnMc3TJ9eq4kWlQ-xiqJjIiTosa9FS0833tiaEMCbg3fAfUCaaXFIWzDLq8XHVqFDCy86VFAgF0ypitk4Y3thn49flYh/s320/chandima.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvmQm4ca6_vArlsZFRGMvyHsO4ARYwc5eIPIYG2C95I2X8G8mLHnMc3TJ9eq4kWlQ-xiqJjIiTosa9FS0833tiaEMCbg3fAfUCaaXFIWzDLq8XHVqFDCy86VFAgF0ypitk4Y3thn49flYh/s72-c/chandima.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_287.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_287.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy