දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට මහින්ද කියු දේ මෙන්න
Homeප්‍රවෘත්ති

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට මහින්ද කියු දේ මෙන්න

PropellerAds

ප සුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන අවුල් සහගත තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආණ්ඩුවේ ඇමත...

රාජිත එරෙහිව විශ්වාසභංගයක්!
උතුරු සභාව තුල මැති ඇමති වරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණයක
මොණරාගල සහ තංගල්ල රෝහල් වල ඖෂධ හිගයක් නෑ
සුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන අවුල් සහගත තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදුයුදීන්, ඒ එච් එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්  (08) දින විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.

එසේ තනතුරු වලින් ඉවත් වීමට හේතු සාධක ඔවුන් ඉදිරිපත් කළද එවැනි ක්‍රියාවක් කිරීම සුදුසු නොවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

එම ක්‍රියාව තුළින් මුස්ලිම් නොවන සමාජයේ ආගමික නායකයින් සහ ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වීමට ඉඩ ඇති බවද මොනම අවස්ථාවකදීවත් ජාතිවාදය රටතුළ ඇවිලවීමට කිසිවෙකුටත් නොදිය යුතු බවද එතුමා අවධාරණය කළේය.

විවිධ පක්‍ෂ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම තීන්දුව ගැනීමට මූලික හේතුව වූයේ මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ජීවිත අවදානම ගැනද සලකා බැලීමෙන් පසුව බව මුස්ලිම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

මුස්ලිම් දේශපාලනඥයින් හා මුස්ලිම් ජනතාව කිසි දිනක ත්‍රස්තවාදයට සහයෝගය දක්වා නැති බවත් ඒසේ නොකළ නිසා වසර 30ක යුද්ධයේදී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් සමූල ඝාතනයට ලක් වූ බවත් මෙහිදී ඔවුන් විපක්‍ෂ නායකතුමා වෙත පැවසූහ.

මෙම අවස්ථාවේදී ගරු විපක්‍ෂ නායකතුමා තවදුරටත් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව ප්‍රථමයෙන් මුස්ලිම් දේශපාලනඥයින් පිළිබඳව විශ්වාසය ඇති කරගත යුතු බවයි.

ඉන් පසු අනෙකුත් ජාති ආගම් නියෝජනය කරන ජනතාව  මුස්ලිම් නායකයින් විශ්වාස කිරීමට පටන් එළඹෙන බවද එසේ වුවහොත් වර්ථමානයේ ඇති වී තිබෙන අනවබෝධකාරී තත්වය සමතයකට පත්කර ගත හැකි බවද විපක්‍ෂ නායකතුමා අවධාරණය කළේය.

තවද, මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායකතුමාගේ ප්‍රසාදයද පළවිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ද සහභාගී වූහ.

 රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට මහින්ද කියු දේ මෙන්න
ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට මහින්ද කියු දේ මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ1DFWDs9RoDACFE-5dTDvl4uvxpnfGDjOACvHnKF5tv3P4FME_M_7Z1kz7MkDzpw7ahPq4F0VWdkUtY9sJGEUWN4LyaDc5lX8vam4W6oavw-rOfwKDsWWguRIy-rP0GWaUw419qT8TY97/s320/mahinda-rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ1DFWDs9RoDACFE-5dTDvl4uvxpnfGDjOACvHnKF5tv3P4FME_M_7Z1kz7MkDzpw7ahPq4F0VWdkUtY9sJGEUWN4LyaDc5lX8vam4W6oavw-rOfwKDsWWguRIy-rP0GWaUw419qT8TY97/s72-c/mahinda-rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_789.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_789.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy