අ ගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදුටුවා. ඒ, පසුගිය අප්‍රේල් 21 ...
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදුටුවා.
ඒ, පසුගිය අප්‍රේල් 21 වන දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේදී මෙරට කතෝලික දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාරයේ දර්ශන ඇතුළත් DVD තැටියක් ද සමඟයි.
එමගින් පාප් වහන්සේ දැනුවත් කිරීමටත්, කළ හැක්කේ කුමක් ද යන්න පිළිබදව අවබෝධයක් ලබාදීමටත් අපේක්ෂා කරන බව රෝමයේදී අදහස් දක්වමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ සිද්ධීන් සම්බන්ධයෙන් පාප් වහන්සේ කම්පනයට පත්ව සිටි බවත්, ඒ පිළිබද තමන්ට පණිවුඩ එවූ බවත්, කාදිනල් හිමිපාණන්, පාප් වහන්සේ බැහැ දැකීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
කෙසේ නමුත්, පාප් වහන්සේ සහ කාදිනල් හිමිපාණන් අතර පැවති පෞද්ගලික හමුවේ තොරතුරු වතිකානුව මගින් ප්‍රකාශයට පත් කර නැහැ.
ඊට පෙර රෝමයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය බරපතල ලෙස වගකීම් පැහැර හැර ඇති බවයි.
කමිටු රැසක් හරහා දැන් සිදුකෙරෙන පරීක්ෂණවලින් වගකීම එකිනෙකාට පැවරීමට උත්සාහ කෙරෙනවා. එහෙත් පාස්කු ප්‍රහාරයේ සත්‍යය රජය වසන් කරන බවයි කාදිනල් හිමිපාණන් අවධාරණය කළේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් ලැබුණු ඔත්තු සේවා තොරතුරු රජය සැලකිල්ලට නොගැනීම පිළිබඳව ද කාදිනල් හිමිපාණන් මෙහිදී අදහස් පළ කළා.
එම තොරතුරු සැලකිල්ලට ගෙන තමා දැනුවත් කළේ නම් පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන වසා බැතිමතුන් නිවෙස්වලට යවා ප්‍රහාරයේ හානිය වැළැක්වීමට තිබූ බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේදී ප්‍රකාශ කළේ.

COMMENTS