දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Arjuna Ranatunga
Homeප්‍රවෘත්ති

Arjuna Ranatunga

PropellerAds

දි නෙන් දින දියුණුවට පත්වන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දේශපාලනීකරණය කර විනාශ නොකරන ලෙසට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ම...

බැඳුම්කර සම්බන්ධයෙන් බරපතල රහසක් එළියට
ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන් වෙන්න සැරසේ.. සම්මුඛ පරීක්‍ෂණ කැදවයි..
රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…
දිනෙන් දින දියුණුවට පත්වන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දේශපාලනීකරණය කර විනාශ නොකරන ලෙසට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම මණ්ඩලයේ ජාතික සේවක සංගම් වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා සිටියි.
ඒ දැනට සුළු සේවක කණ්ඩායමක් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

අදාල වෘත්තීය සමිති නායකයින් සමඟ පැවැති එම සාකච්ඡාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් මෙන්ම මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, රාජ්‍ය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරීහුද එක් වූහ.

එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ සේවකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට තමා නිරන්තරයෙන් කැපවන නමුත් මහජනතාවත් ආයතනයත් අපහසුතාවයට පත් කරන ක්‍රියාවන් කිසිසේත්ම අනුමත නොකරන බවයි.

දැනට ශ්‍රී ලංකා ගමන මණ්ඩලයේ සේවක පිරිසක් නිරතවන වැඩවර්ජනය මෙහෙවන්නේ ජාතික සේවක සංගම් වෘත්තීය සමිතියේ සුළු කණ්ඩායමක් විසිනි. පසුගිය දින 52 ආණ්ඩු සමයේදී දේශපාලන මැදිහත්වීමෙන් අවධිමත් උසස්වීම් රැසක් ලබා දී තිබුණි. එහෙත් මේවනවිට එම අවධිමත් උසස්වීම් සියල්ල අහෝසි කර ඇත. කෙසේවුවත් දින පනස් දෙකේ ආණ්ඩුවෙන් පසුව වත්මන් ආණ්ඩුව පත්වූ මුල් දවස් කිහියේදී නැවත වරක් පන්දහසකට ආසන්න ප්‍රමාණයකට අවධිමත් උසස් වීම් ජාතික සේවක සංගම් වෘත්තීය සමිතියේ මැදිහත් වීමෙන් ලබා දීමට කටයුතු කර තිබේ.

එම උසස්වීම් අභියෝගයට ලක් කරන බහුතර සේවකයින් සහ සෙසු වෘත්තීය සමිති පවසන්නේ එම උසස් වීම් ප්‍රධාන විධායක නිලධාරීවරයා බිය ගන්නවා බලහත්කාරයෙන් සහ ඇතැම් අවස්ථාවලදී මුදලට ලබා ගෙන ඇති බවයි. එම අවධිමත් උසස් වීම් අහෝසි කරන ලෙසට විවිධ පාර්ශ්ව විසින් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගවලටද යොමුව තිබේ. කෙසේනුමත් වැඩවර්ජනයේ නිරත ජාතික සේවක සංගමයේ සුළු සේවක කණ්ඩායම ඉල්ලා සිටින්නේ එම උසස්වීම් තවදුරටත් තහවුරු කරන ලෙසත් ඊට අදාල වැටුප් ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.
ඉන්පසුව නියමිත පටිපාටියට අනුව උසස්වීම් ලබා දීම ගැන විරෝධයක් නොමැති බවද වැඩවර්ජනයේ නිරත සේවක පිරිස් අද සාකච්ඡාවේදී පවසා තිබේ. එයට පූර්ණ එකඟතාව පළ නොකළ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේ දැනට අනුමත කර ඇති පටිපාටිය ප්‍රකාරව සුදුසුකම් ලැබූ අයට උසස් වීම් ලබා දීමේ විරෝධතාවක් නොමැති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ සියලු ක්‍රියා මාර්ග ගැනීමේදී ආයතනයත් මහජනතාවත් අපහසුතාවට පත් නොවන අයුරින් කටයුතු කළ යුතු බවයි. සෑම ආණ්ඩුවක්ම ශ්‍රී ලංගමය භාවිත කර ඇත්තේ තම දේශපාලන අවශ්‍යතා වෙනුවෙනි. එය ලංගමයේ වර්තමාන පරිහානියට ප්‍රධාන හේතු වී තිබේ. එවැන්නක් තවදුරටත් සිදුවීමට ඉඩ නොතබන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.

“පොසොන් සමයේ වැඩවර්ජනවලට යාම සුදුසු නැහැ. එය තනිකරම මහජනතාව අපහසුතාවට පත් කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක්. එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලට යොමුවී මහජනතාව අපහසුතාවයට පත් කරන සියලු දෙනාටම එරෙහිව විනයානුකූල පියවර ගන්නවා. බස්රථ නියමිත පරිදි ධාවනය කිරීමත් ප්‍රාදේශීක කළමනාකරුවන්ට සහ ඩිපෝ කළමනාකරුවන්ට පැවරෙන වගකීමක්. එම වගකීම ඉටු නොකරන්නේ නම් ඒ පිළිබඳවත් අවධානය යොමු කරනවා. ඒවගේම ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් සලකා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිවාඩු අවලංගු කිරීමටත් කටයුතු කරනවා. එය නොතකා සේවයට වාර්තා නොකරන සියලු දෙනාම සේවය අතහැර ගියා සේ සලකන්නටත් අපිට සිදු වේවි. අපි පළමුවෙන්ම බැලිය යුත්තේ මහජනතාවගේ පැත්තෙන්. මේ පොසොන් සමයේ මහජනතාව අපහසුතාවයට පත් වෙනවානම් දැඩි තීරණවලට එළැඹීමට අපිට සිදු වෙනවා. අද අපි ලංගම දියුණු කරගෙන ඉදිරියට ගෙනි යනවා. නවීන සැපපහසු බස්රථ ගෙනෙනවා. එවැනි තත්ත්වයක් තුළදී මේ ලංගම ඇතුළට දේශපාලනය ගෙන්න එපා. අපි දැනටමත් මානව සම්පත් කළමනාකරණ සැලැස්ම අවසන් අදියරට ගෙනවිත් තියෙනවා. එයින් අපිට ලංගමයේ ඉන්න හැම කෙනකුටම සාධාර්ණයක් ඉටු කරන්න පුළුවන්. උසස්වීම් සුදුසුකම් මත දෙන්න පුළුවන්. එහෙම තිබියදී අනවශ්‍ය දේවල් කරලා ලංගම වට්ටන්න එපා. අමාත්‍යවරුන් දෙදෙනාට නොදන්වා වැඩවර්ජනයකට යාමෙන් මේ වෘත්තීය සමිති බරපතල වරදක් කරලා තියෙනවා. සේවකයින්ට සහන සැලසීම ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් යහපාලන ආණ්ඩුව යටතේ පෙර ආණ්ඩුවල වැරදි තවදුරටත් වෙනවා නම් මට ඊට ඉඩ දෙන්න බැහැ….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම සාකච්ඡාවේදී කියා සිටියේය.

සාකච්ඡාවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ අමාත්‍යවරුන් ලෙස අපව දැනුවත් නොකර මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීම බරපතල වරදක් වන බවයි. එවැන්නකට යොමු වීම මහජනතාව මෙන්ම ආණ්ඩුවද අපහසුතාවයට පත් කරන්නක් බවද රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව බඳවා ගැනීමේ සහ උසස්වීම් පටිපාටිය දැනටමත් සියයට අනූවකින් අවසන් කර තිබේ. ඉදිරියේදී ඉතිරිව තිබෙන විධායක ශ්‍රේණියේ බඳවා ගැනීමේ සහ උසස්වීමේ පටිපාටියද සකස් කර රාජ්‍ය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම සාකච්ඡාවේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අමාත්‍යතුමා වැඩිදුරටත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ එම අනුමත පටිපාටියට අනුව ඉදිරියේදී අදාල උසස්වීම් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලෙසයි.

– තමීර මංජු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Arjuna Ranatunga
Arjuna Ranatunga
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqNd-C2PGqGfFlq87OFMdhc4-NbraovHUOv2-odYlStfmfpnU1A51z5iATrCLoq45y3WTLAIijRdKVn6H1uxMF2VpkMZmuZGWF4l-GXJYse0myVAgxqa4G78MGRe7xq5HhPcaHR2tU8d0/s320/arjuna-ranathunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqNd-C2PGqGfFlq87OFMdhc4-NbraovHUOv2-odYlStfmfpnU1A51z5iATrCLoq45y3WTLAIijRdKVn6H1uxMF2VpkMZmuZGWF4l-GXJYse0myVAgxqa4G78MGRe7xq5HhPcaHR2tU8d0/s72-c/arjuna-ranathunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/arjuna-ranatunga.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/arjuna-ranatunga.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy