දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රහාර නමයේ බෝම්බකාරයෝ හෙළි කරයි !
Homeප්‍රවෘත්ති

ප්‍රහාර නමයේ බෝම්බකාරයෝ හෙළි කරයි !

PropellerAds

පා ස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. පසුගිය 21 වැනිදා ස්ථාන අටකදී සිදු...

"ජනපති අපේක්‍ෂක නම් කරන්නේ කමිටු වාර්තාව අනුවයි" - පාන්දරම සජිත් කලබල වුණු අගමැතිගේ ප‍්‍රකාශය මෙන්න
නෙළුම් කුළුණ සමාගමක් කරනවා.. කැබිනට් අනුමැතිය ලැබුණා - ජනපති කියයි
සජිත් පාන්දරම තීරණාත්මක මාධ්‍ය හමුවක.. එපා කිවුවොත් හෙට දේශපාලනයෙන් සමුගන්න බව කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

පසුගිය 21 වැනිදා ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න් ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු එමගින් හෙළිකර ඇත.

කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටී.

මේ වනවිට මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන්ද අත්අඩංගුවට ගෙන තිබේ.

ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරය

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුව ඇති අතර ඉන් එක් පිපිරීමක් සිදු කර ඇත්තේ මෝහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාන් නැමැති පුද්ගලයා විසිනි.

කල්මුණේ සයින්දුමර්දු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිදුකරගත් පිපිරීම්වලදී තුවාල ලැබූ ඔහුගේ බිරිඳ සහ දියණිය මේ වන විට අම්පාර රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

සහ්රාන්ගේ පියා හා සහෝදරයින් දෙදෙනාවන රිල්වාන් හා ෂෙයිනි කල්මුණේ සිදුවූ පපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊට අමතරව සහ්රාන්ගේ රියදුරු වන ආදම් ලෙබ්බේ නොහොත් ගෆූර් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවේ.

ෂැංග්‍රිලා හෝටලයේ දෙවැනි පිපිරීම කරගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්සාම් අහමඩ් නැමැත්තා මහවිල උද්‍යාන පාර බේස්ලයින් පාර දෙමටගොඩ ලිපිනයෙහි පදිංචි කරුවෙකි. ඔහුගේ පියාවන මොහොමඩ් යුසුෆ් මොහොමඩ් ඊබ්‍රහීම් හා සහෝදරයින් දෙදෙනා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවේ.




සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරය

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිරිපිරීම සිදුකරගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තා ගේ බිරිඳද මේවන විට පසුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය.

කිංග්ස්බරී ප්‍රහාරය

මේ අතර කොළඹ කිංග්ස්බරී හෝටලයේ පිපිරීම සිදුකරගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ගේ බිරිඳ ද අත්අඩංගුවට පත්ව සිටී

ඔහු අලුත් යොන්වීදිය කොළඹ 02 යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

 කටුවාපිටිය දේවස්ථාන ප්‍රහාරය

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලකරනු ලැබුවේ අච්චිමොහොමුදු මොහොමුදු හස්තු නැමැත්තෙකි. ඔහුගේ බිරිය සාරා නැමැත්තිය සයින්දුමර්දු පිපිරීමකින් මියගොස් තිබේ. ඔවුන් ඒ.එච්.සී පාර වාලච්චේන ලිපිනයේ පදිංචිව සිට තිබේ.

කොච්චිකඩේ ප්‍රහාරය

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකර තිබුණේ අලව්දීන් අහමඩ් මුවාත් විසිනි. ඔහුගේ සහෝදරයා මේවන විට අත්අඩංගුවේ පසුවේ.

මඩකලපුවේ ප්‍රහාරය

මඩකලපුව සියෝන් දේවස්ථානයේ පිපිරීම සිදුකර තිබුණේ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නැමැත්තෙකි. ඔහු කනත්ත පාර, නව කාත්තන්කුඩි හි පදිංචිකරුවෙකි.

දෙහිවල පිපිරීම

දෙහිවල ටොප්‍රිකල් ඉන් ලැගුම්හලේ පිපිරීම සිදුකරගෙන ඇත්තේ අබුදුල් ලතීෆ් ජමීල් මොහොමඩ් නැමැත්තෙකි.

වෙලම්බොඩ ගම්පොළ පදිංචිකරුවකු වන ඔහුගේ බිරිඳ සහෝදරියින් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

 දෙමටගොඩ පිපිරීම

දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවස තුළ පිපිරීම සිදු කර ඇත්තේ ෆාතිමා ඉල්හාම්ය. ඇය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බකරුවකුගේ බිරිඳකි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රහාර නමයේ බෝම්බකාරයෝ හෙළි කරයි !
ප්‍රහාර නමයේ බෝම්බකාරයෝ හෙළි කරයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1OtRh_A6B4FjD2gs3B6xSN88h4pzZ0oH6xwvs0lREQk5MvvkkL_5d9_-aie03QvnGRiw8mt4tyDzFCNxfXTYe-EnqbWR480F_6cW6_zczSo-thqnOMoLbchEBfgpVSfcp7etWyaQQLWll/s320/123c1f80ed5adfd0e0da8951c6213a3f_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1OtRh_A6B4FjD2gs3B6xSN88h4pzZ0oH6xwvs0lREQk5MvvkkL_5d9_-aie03QvnGRiw8mt4tyDzFCNxfXTYe-EnqbWR480F_6cW6_zczSo-thqnOMoLbchEBfgpVSfcp7etWyaQQLWll/s72-c/123c1f80ed5adfd0e0da8951c6213a3f_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy