දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

LTTE සමාගමකට ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විකුණා දමයි,කැබිනට් පත‍්‍රිකාව එන සතියේ..

ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත්, ඒ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එල්. ටී. ටී. ඊ. මු...


ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත්, ඒ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එල්. ටී. ටී. ඊ. මුදල් ප‍්‍රතිපාදන යටතේ ක‍්‍රියාත්මක වන ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සදහා වූ කැබිනට් පත‍්‍රිකාව ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත්, ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසූවේ කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම ශ‍්‍රී ලංකන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීහු ද එක් වී සිටියහ.
මේ සඳහා මූලික පියවරක් ලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින් වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ‍්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ‍්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ලයිකා මොබයිල් ආයතනයට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත්, මේ නිසා ශ‍්‍රී ලංකන් ගුවන් සේවය නිකම්ම ඇදවැටී බංකොළොත් වන බවත් සභාපතිවරයා පැවසීය.
එමෙන්ම මේ වනවිට ලයිකා මොබයිල් ආයතනය ද දැනට ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක් ද තම ඉදිරි සේවා කටයුතු සඳහා බඳවා ගෙන ඇති බව ද ඔහු කීවේය.
මෙම ගනුදෙනුව පිටුපස 1998 දී ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සදහා මුල් වූ රටේ උසස්ම තනතුරක් දැරූ කාන්තාවක් මෙන්ම වත්මන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු ද සිටින බවද සභාපතිවරයා පැවසීය.
වර්තමාන රජය ශ‍්‍රී ලංකන් ගුවන් සේවය රැකගැනීම සහ දියුණු කිරීම සඳහා කිසිවක් නොකළ බවත්, ඒ වෙනුවට පසුගිය රජයේ ක‍්‍රියාකලාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදු කළ බවත් පැවසීය. මේ නිසා පසුගිය වසර 10 ක කාලයේ ද ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85 ක් බවත්, එහෙත් වත්මන් රජය යටතේ මෙම පසුගිය වසර 4 ක අලාභය රුපියල් බිලියන 100 ක් බවත් පැවසීය.
මෙවැනි විශාල අලාභයක් ලැබීමට ප‍්‍රධාන වශයෙන් කරුණු 03 ක් හේතු වූ බවත්, මෙයින් පළමු වැන්න පසුගිය වසර 4 ක කාලයේදී අමාත්‍යාංශ 04 ක් යටතේ , අමාත්‍යවරුන් 08 දෙනකු යටතේ විධායක නිලධාරීන් 04 දෙනකු සහ සභාපතිවරුන් 03 ක් යටතේ ආයතනය පාලනය කිරීමට සලස්වා තිබීම බවද ඔහු පැවසීය.
දෙවැනි කරුණ වන්නේ පසුගිය රජය සමයේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මිලදී ගැනීමට සැලසුම් කළ පුළුල් බඳ සහිත නවීනතම ඒ.- 350 එයා බස් ගුවන් යානා ගනුදෙනුව අහෝසි කිරීම තුළින් පැරණි ගුවන් යානා ගුවන් සේවයට එක් වූ අතර, ප‍්‍රංශයේ එයා බස් සමාගමට වන්දි මුදල් ගෙවීමට සිදුවීම බවත් පැවසීය.
මීට අමතරව මෙම තත්ත්වයන් නිසා ඒ.- 330 එයා බස් ගුවන් යානා දෙකක් සේවයේ නොයොදවා අතිරික්තව පවතින බවත්, එම ගුවන් යානා සඳහා ද ලීසිං වාරික ගෙවීමට සිදු වී ඇති බවත් ඔහු කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා,
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ ඉදිරි සතියේ දී රජය විසින් ලයිකා මොබයිල් ආයතනය වෙත විකිණීමට තැත් කළහොත්, තමන් ශ‍්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර දොරටුව එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට පසුබට නොවන බව පැවසීය.
මේ සඳහා තමන් සමග ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සියලූ වෘත්තීය සමිතිවලට අනුයුක්ත සේවකයින් 8,000 ක් දෙනා ද ඉදිරිපත් වන බවත් ඔහු පැවසීය.
– divaina

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29550,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: LTTE සමාගමකට ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විකුණා දමයි,කැබිනට් පත‍්‍රිකාව එන සතියේ..
LTTE සමාගමකට ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විකුණා දමයි,කැබිනට් පත‍්‍රිකාව එන සතියේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBnCZ1DLYMjd07MtTSMzW7PHvBZpm7jO_Krvw9idXpydxLaLFmxHuAaBiDVyuWBSXNMUZKcHOpfuRkfGzOXUMm8B5_Qvc9iO2wsaG_VpP3SVTOkC57iUw0t1YcgKO3gdJe8ufx5h-GL34/s320/SriLankan-Airlines.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBnCZ1DLYMjd07MtTSMzW7PHvBZpm7jO_Krvw9idXpydxLaLFmxHuAaBiDVyuWBSXNMUZKcHOpfuRkfGzOXUMm8B5_Qvc9iO2wsaG_VpP3SVTOkC57iUw0t1YcgKO3gdJe8ufx5h-GL34/s72-c/SriLankan-Airlines.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/ltte.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/ltte.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy