දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු - මන්ත‍්‍රී ප‍්‍රසන්න
Homeප්‍රවෘත්ති

දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු - මන්ත‍්‍රී ප‍්‍රසන්න

PropellerAds

පා ර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. දැන දැනම ත්‍රස්තවාදීන් රැක්ක ජනපති , අගමැති...

මහාධිකරණ විනිසුරු ඉලංන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු තනතුරට සමුදෙයි
මහ වැස්සෙන් 11ක් මරුට - 84,943 ක් පීඩාවට
"උතුරේ ජනතාව සමරුවේ ත්‍රස්තවාදීන් නොවේ" - ෆොන්සේකා (VIDEO)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

දැන දැනම ත්‍රස්තවාදීන් රැක්ක ජනපති , අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු.

ISIS සංවිධානයට සම්බන්ධවී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිළිබදව දැනසිටි බවත් විදෙස් ත්‍රස්ත කණ්ඩායම්වලට සම්බන්ධ සාමාජිකයන් මෙරට නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා SKY පුවත් සේවයට පසුගියදා පවසා තිබිණි.

අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිව පැවසෙන්නේ ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ආපසු දිවයිනට පැමිණි බව ඔහු දැන සිටි බවයි. ඒ අනුව පසුගිය ඉරිදා (21) පාස්කු දිනයේදී මෙරට කතෝලික දේවස්ථාන හා ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් කීපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සෘජුවම වග කිව යුතුය.

ත්‍රස්තවාදීන් පිළිබදව තොරතුරු දැන දැනත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැළක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි? ඔහු පවසන්නේ විදෙස් රටවල ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායම් වලට සම්බන්ධ සාමාජිකයින් මෙරට නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට නොහැකි බවයි. එමගින් තහවුරු වනනේ වික්‍රමසිංහ මහතා මෙම ත්‍රස්ත වාදීන්ට එරෙහිව කිසිදු පියවරක් නොගත් බවය.

ත්‍රස්ත වාදය පිලිබද තොරතුරු දැන ඒ පිළිබදව ක්‍රියාත්මක නොවීම රටක අගමැති වරයෙකුට කිසිසේත් ඔබින ක්‍රියාවක් නොවේ. රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රතිඥා දී සිටින අගමැති වරයා එම තොරතුරු නොසලකා හැරීම බරපතල වරදකි. පවතින ආණ්ඩුවේ අගමැතිවරයාගේ මෙම වගකීම් වලින් තොර නිර්ලජ්ජිත ප්‍රකාශයෙන් තහවුරු වන්නේ මෙරට ජනතාවගේ ආරක්ෂාව පිළිබද අගමැති වරයාට කිසිදු වගකීමක් නොමැති බවය. අගමැතිවරයාට මේ තොරතුරු ලැබුනු විට ඔහු කල යුතුව තිබුනේ අවශ්‍ය නීති රීති නැත්නම් වහා ඒවා ගෙන ඒමයි. එලෙස නීති හදුන්වා දී හෝ  ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමයි. එසේ නොමැතිව නීති රීති නැතැයි අත පිස දමා ගැනීම නොවේ.

කෙසේ වෙතත් මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ මේ වන විට රටේ පවතින නීතිය මෙවැනි පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණ‍වත් බවයි. ඒ සදහා අවශ්‍ය නීති රීති ඕනෑවටත් වඩා තිබෙන බව ඔවුන්ගේ අදහසයි. ඒ අනුව පවතින නීති රාමුව තුල හෝ ඒ සදහා අවශ්‍ය නව නීතී හදුන්වා දී හෝ තමන් දැනගත් ISIS ත්‍රස්ත වාදීන්ට එරෙහිව නීතියම කටයුතු නොකර අගමැතිවරයා එම තොරතුරු නොසලකා හැරීම තුලින් කර ඇත්තේ මෙරට ජනතාව අනතුරේ හෙලීමයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු ජාත්‍යන්තරයට ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ ත්‍රස්තවාදය  වැලක්වීමේ පණත අහෝසිකරන බවයි. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මෙරට බොහෝ දෙනා ඊට එරෙහි වුවද  ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දෙමළ ඩයස් පෝරාවට සහ බටහිර රටවලට  ලබාදුන් පොරොන්දුව ඉටුකරමින් ත්‍රස්තවාදය වැලක්වීමේ පණත ස්වාභාවික මරණයකට පත් කලහ. කොටස් 02ක් පමණ ඉතිරි වන පරිදි අනෙක් වගන්ති අහෝසි කෙරිණි. දැන් මේ වන විට රට තුල ඇත්තේ අංග විකල ත්‍රස්ත විරෝධී පණතකි.

මෙරට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ත්‍රස්තවාදය වැලක්වීමේ පණත මගින් අවශ්‍ය නීතියම සහයෝගය ලැබිණි. ජාත්‍යන්තර උවමනාව මත රනිල් – මෛත්‍රී ආණ්ඩුව එය ස්වාභාවික මරණයකට පත්කිරීමත් සමගම සිදුවූයේ මෙරට අහිංසක සිවිල් ජනතාව ත්‍රස්තවාදයට යලි නිරාවරණය වීමයි. ත්‍රස්තවාදීන් යනු සාමාජික හැදුනුම්පතක් ගෙන කටයුතු කරන්නෙක් නොවේ. සැක කටයුතු පුද්ගලයන් අත් අඩංගුවට ගෙන ඔවුන් රදවාගෙන ප්‍රශ්න කිරීමටත් ඒ අනුව ත්‍රස්තවාදය මර්දනයට අවශ්‍ය පියවර ගැනීමටත් ආරක්ෂක අංශවලට මෙම පණත යටතේ හැකියාව තිබිණි. එමෙන්ම බුද්ධි අංශ අකර්මන්‍යය කර රටතුල ත්‍රස්තවාදීන්ට නිදහසේ ක්‍රියාත්මක වීමේ වාතාවරණය සැකසුවේද ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව මිස අන්කිසිවෙන් නොවේ. බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කරමින් ආණ්ඩුව හැසිරුණේ අමනෝඥ ලෙසය. දැන් මේ සිද්ධියෙන් පසුව පවා බුද්ධි අංශ සාමාජිකයන් පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි මහා සංඝරත්නය, විපක්ෂය සහ මහ ජනතාව ඉල්ලා සිටිත්දීත් ආණ්ඩුව අදගොළු බිහිරි ලීලාවෙන් කටයුතු කරන බව පෙනේ. කෙසේවෙතත් දෙමළ ඩයස්පොරවට හා ඇතැම් බටහිර රටවලට අවශ්‍ය පරිදි බුද්ධි අංශ අකර්මන්‍යය කරමින් ත්‍රස්ථවාදය වැලක්වීමේ පණත ස්වාභාවික මරණයකට ලක්කරමින් රටත් ජනතාවත් ත්‍රස්තවාදයට නිරාවරණය කිරීමේ පාපයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට  ගැලවීමක් නැත.ඒ අනුව බලන විට අද රට තුල ඇතිව තිබෙන නොසන්සුන් තාවයට හා ජනතා පීඩනයට සෘජුවම වගකිව යුත්තේ ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවය. ආණ්ඩුවේ නායකයන් දෙදෙනා එකිනෙකාට ඇගිල්ල දිගු කරමින් ජනතාව නොමග යැවීම සදහා කරනු ලබන මේ රංගනය දැන්වත් නතර කල යුතුය.

කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කර වසර 10 ක් ගතවීමටත් පෙර අපේ රට නැවතත් ත්‍රස්ත බියෙන් මුසපත්ව ඇත. රටේ සියළුම ජන කොටස් ජීවත් වනනේ සැක බිය මුසු හැගීමෙනි. දැනට වසර 10 කට පෙර මෙරට පාසල් මුරකරන්නට මවිපියන්ට සිදුවිය. අඹු සැමියන් රැකියා වලට ගියේ  වෙන වෙනම බස්වලය. අද මතුව ඇත්තේද එවැනිම තත්වයකි. එදා මෙන්ම ජනතාව ජීවත් වෙන්නේ බියෙනි. මේ තත්වයට වගකියයුත්තේ ජනපති අගමැති දෙපල සහ මේ අදූරදර්ශී ආණ්ඩුවය. ඒ නිසා තව දුරටත් රටේ ජනතාව අනතුරේ නොදමා  ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරමු.!

– ප්‍රසන්න රණතුංග (පා.ම)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු - මන්ත‍්‍රී ප‍්‍රසන්න
දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු - මන්ත‍්‍රී ප‍්‍රසන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDGqhhlMCiwHFx07Cm0-a2fuqC1usJDvDALcpfZCAjGzj_HlNPka_BiZwVIAzpLAfS5qHtVpZSbdLrOGF0boYNV3W-aJsr-TIW6idEFm6foE0_IwYsqG0VLyE8sa9yp40qyhY3k5f-jlfO/s320/prasanna-ranatunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDGqhhlMCiwHFx07Cm0-a2fuqC1usJDvDALcpfZCAjGzj_HlNPka_BiZwVIAzpLAfS5qHtVpZSbdLrOGF0boYNV3W-aJsr-TIW6idEFm6foE0_IwYsqG0VLyE8sa9yp40qyhY3k5f-jlfO/s72-c/prasanna-ranatunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_671.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_671.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy