මාර්ගය දෙපස වාහන නවතා යන්නේ නම් දුරකතන අංකය සහ නම සඳහන් පත්‍රිකාවක් වාහනයේ ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කර තබන ලෙස පොලීසිය දැනුම් දෙයි. පො...
මාර්ගය දෙපස වාහන නවතා යන්නේ නම් දුරකතන අංකය සහ නම සඳහන් පත්‍රිකාවක් වාහනයේ ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කර තබන ලෙස පොලීසිය දැනුම් දෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, වත්මන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවයි.
මාර්ගයේ නවතා ඇති වාහන සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන තොරතුරු මත අඛණ්ඩව පරීක්ෂා කිරීම් සිදුවන බැවින් සිදුවිය හැකි අපහසුතාවන් වළක්වා ගැනීම සඳහා එම ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙස පොලීසිය රථවාහන රියැදුරන්ට දැනුම් දෙයි.
COMMENTS