ප සුගිය දා එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව තම වගකීම පැහැර හරිමින් කටයුතු සිදු කිරීම සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත...
පසුගිය දා එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව තම වගකීම පැහැර හරිමින් කටයුතු සිදු කිරීම සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව ඩැන්ටන් පාලින්ද වික්‍රමිසිංහ මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පුද්ගලික නඩුවක් ලෙස අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
එම නඩුව ගොනු කර තිබෙන්නේ පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ එරික් බාලසූරිය මහතා යි.
බුද්ධි අංශ විසින් අදාළ ප්‍රහාරය පිළිබඳව දැනුවත් කර තිබියදීත් ඔවුන් විසින් මහජන ආරක්ෂාව අනතුරේ හෙළමින් නොසැලකිලිමත්ව කටයුතු කිරීම නිසා අදාළ පුද්ගයන් මරණයට පත් වීම හා බරපතල ලෙස තුවාල සිදු වීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනා වන අතර ඒ සඳහා ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 298 හා 329 යන වගන්ති යටතේ වරදක් කර දඬුවම් හිමි විය යුතු බවත් පෙන්වා දෙයි.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ අයුරින් තම වගකීම පැහැර හරිමින් කටයුතු කිරිම පිළිබඳව ශ්‍රි ලාංකික පුරවැසියෙක් විසින් රාජ්‍ය නිලධාරින් දෙදෙනෙකුට එරෙහිව ගොනු කරන ලද මෙම නඩුව ඉතිහාසයට එක් වෙනු ඇත.
– අධිකරණ විශේෂ

COMMENTS