දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලෝකෙන්ම එකයි,ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී.

වි දුලිබල අර්බුධය විසදීමට මිල අවම නවතාක්ෂණික ක්‍රමෝපායක් හඳුන්වාදී තිබේ. ඒ අනුව ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිමක් නිපදවා ඇති අතර එය ව...


විදුලිබල අර්බුධය විසදීමට මිල අවම නවතාක්ෂණික ක්‍රමෝපායක් හඳුන්වාදී තිබේ. ඒ අනුව ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිමක් නිපදවා ඇති අතර එය විෂයබාර අමාත්‍ය රවී කරුණනායක මහතාගේ අවධානයට ලක්ව තිබේ.
“ඇත්තෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් වශයෙන් මා විසින් සොයාගත් මෙම තාක්ෂණය යොදාගත හැකියි. කුඩා ජල ප්‍රභවයකින් වුවත් බලශක්තිය උත්පාදනය කළ හැකි ක්‍රමවේදයක් තමයි මා විසින් සොයාගෙන තිබෙන්නේ.
ඉදිරියේදී මේ රටේ විදුලිබල ක්ෂේත්‍රයේ වර්ධනයක් කිරීම පිණිස, මෙම නව ක්‍රමවේදය ව්‍යාප්ත කිරීමට රජයේ සහයෝගය ලබාදිමට විදුලිබල අමාත්‍යතුමන් පොරොන්දු වුණා. ඒ අනුව ඉදිරියේදී තවත් වර්ෂ එකහමාරක් වැනි කාලයක් තුළ සමස්ත දිවයින ආවරණය වන පරිදි ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විදුලි උත්පාදන ක්‍රමය යොදාගනිමින් විදුලි උත්පාදය කිරීමට හැකිවේවි.
මේ වනවිට දිවයිනේ භාවිත වන ජල විදුලි උත්පාදන ක්‍රමය වෙනුවෙන් විශාල ජල ප්‍රභවයන් අවශ්‍යයි. නමුත් මේ ක්‍රමය යටතේ අගල් දෙකක තුනක ජල ප්‍රභවයකින් පවා විදුලිය උත්පාදනය කළ හැකියි. අනාගතයේදී මේ ක්‍රමය සමස්ත ලෝකය පුරාම ප්‍රචලිත වේවි” යැයි නව බලශක්ති උත්පාදන ක්‍රමවේදයක් මගින් බලශක්ති අර්බුධයට විසදුම් ලබාදීමට ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම හදුන්වාදුන් මල්ලව රූපසිංහ මහතා පවසයි.
විදුලිබල,බලශක්ති සහ ව්‍යපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ මල්ලව රූපසිංහ මහතා විසින් සිය නව සොයාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කළේය.
මල්ලව රූපසිංහ මහතා විසින් මේ වනවිට මෙම ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම යොදාගනිමින් විදුලි නිෂ්පාදන කාර්යයෙහි සාර්ථක අන්දමින් කටයුතු කරයි. ඔහු තම නිවසේ ඇති ජල ටැංකියට මෙම ඒනජිම සවිකර කිලෝ වොට් 2 ක පමණ විදුලියක් උත්පාදනය කරයි. එම කිලෝ වොට් දෙකක බලාගාරය ඉදිකිරිමට ඔහුට වැයවී ඇත්තේ ලක්ෂ හයක් පමණ මුදලකි. මල්ලව රූපසිංහ මහතා පවසන පරිදි එම මුදලම වැයකර අවශ්‍ය නම් කිලෝවොට් විසිපහක බලාගාරයක්ද ඉදිකල හැකිය. එවැනි බලාගාරයකින් නිවාස 20 කට විදුලිය ලබාදිය හැකි බව ඔහු පවසයි.
– ada

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29550,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝකෙන්ම එකයි,ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී.
ලෝකෙන්ම එකයි,ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDJaH023ZK6htZ341hWedjPWgzCI7l0zX1Ny9a5o_E59fXLQ9aql7rUX2seOgkRcWZT6vncXCoelvy02lVHRjJ5LXhxcfakr5Bzd8-yRvmXJksVzYdKZysBwH1stLRFcIkQ9IDg6mkNb0/s400/electra.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDJaH023ZK6htZ341hWedjPWgzCI7l0zX1Ny9a5o_E59fXLQ9aql7rUX2seOgkRcWZT6vncXCoelvy02lVHRjJ5LXhxcfakr5Bzd8-yRvmXJksVzYdKZysBwH1stLRFcIkQ9IDg6mkNb0/s72-c/electra.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/2kw.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/2kw.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy