දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලංකාව සම අනුග‍්‍රහය දුන් ජිනීවා අලුත් යෝජනාවලියෙන් රණ විරුවන් අතිශය අවදානමේ,ලංකාවෙන් පිට ඔ්නෑම තැනකදී අත්අඩංගුවට

Loading... පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් ...

Loading...

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
එක්සත් රාජධානිය, කැනඩාව, ර්ජමනිය, මොන්ටෙනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල අනුග්‍රහයෙන් ලංකාවට එරෙහි නව යෝජනාවක් මානව හිමිකම් සභාවට ඉදිරිපත් කෙරුණා. මේ යෝජනාවෙන් 2015 ඔක්තෝම්බර් මාසයේ ලංකාවට එරෙහිව 30/1 දරණ යෝජනාව තහවුරු කිරීමක් සිදු කෙරෙනවා. ඒ වගේම මානව හිමිකම් කොමසාරිස් මෙවර සැසියට ඉදිරිපත් කළ වාර්තාවේ නිරදේශ ක්‍රියාත්මක කරන මෙන් දැනුම් දීමක් කරනවා.
මානව හිමිකම් කොමසාරිස් ඉදිරිපත් කළ ඒ/එච්ආරසි/40/23 යන වාර්තාවේ 68(සී) ඡේදයෙන් දෙමුහුන් අධිකරණ පිහිටුවීම යලිත් අවධාරණය කරලා. මෙහි වඩාත්ම භයානක ඡේදය වන්නේ 72(සී) ඡේදයයි. 72(සී) ඡේදයෙන් ලෝකයේ ඕනෑම රටක දී ලංකාවේ රණවිරුවන් අත්අඩංගුවට ගෙන නඩු පවරා දඬුවම් කරන මෙන් අනිත් රටවලින් මානව හිමිකම් කොමසාරිස් වරයා ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පිටතදී අපේ රණවිරුවන් අතිශය අනාරක්ෂිත වී තිබෙනවා. වන්දනාවකට ඉන්දියාවටවත් යන්න නොහැකි තත්වයක් උදාවීමේ අවදානමක් තියෙනවා.
ඒ වගේම ලසන්ත වික්‍රමතුංගගේ මරණයට වගකිවයුතු අයට තවමත් දඬුවම් ලබා දීලා නෑ කියලා වාර්තාවේ චෝදනාවක් අඩංගුයි. මේක අපූරු කතාවක්. ලසන්ත ඝාතනය කලේ 2008. නමුත් ඇමෙරිකාවේ ජනාධිපති ජෝන් කෙනඩි ඝාතනය කලේ 1963. රටේ ජනාධිපති ඝාතනය වෙලාත් තවමත් වගකිවයුතු අය හඳුනා ගෙන නෑ. ඒකයි කියලා ඇමෙරිකාවට විරුද්ධව එකම එක වාරතාවක් වත් ලියන්න මානව හිමිකම් කොමසාරිස්ට කොන්දක් තිබුණා ද?
ඒ වගේම රණවිරුවන්ට පමණක් යුද අපරාධ චෝදනා නැගීම අතිශයින්ම අසාධාරණයි. එක්කෝ නිදහස් කළ කොටි 12,000 ද යළි අත්අඩංගුවට අරන් දෙපාරශවයටම දඬුවම් කළ යුතුයි. නැතිනම් දෙපාරශවයටම සමාව දිය යුතුයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කලේ දෙපාරශවයටම සමාව දීමේ ප්‍රතිපත්තිය. නමුත් වත්මන් ආණ්ඩුව කරන්නේ ත්‍රස්තවාදියා නිදහස් කරන ගමන් රණවිරුවාට දඬුවම් කිරීමයි. මානවහිමිකම් කොමිසමේ නිර්දේශය වී ඇත්තේත් එයයි. අපට කිසිසේත් එයට එකගවිය නොහැකියි.
30/1 යෝජනාව ගෙනා අමෙරිකා එක්සත් ජනපදය 2018 ජූනි මාසයේ දී මානව හිමිකම් සභාවෙන් ඉවත් වුණා. එසේ ඉවත් වුණේ එය දේශපාලන වශයෙන් පක්ෂපාතිව කටයුතු කරන අසූචි වලක් ලෙස චෝදනා කරමින්. ඇමෙරිකාවත් මානව හිමිකම් සභාව දේශපාලන වශයෙන් පක්ෂපාතියි කියනවා නම් එවැනි පක්ෂග්‍රාහි ආයතනයක් ලබා දුන් නිර්දේශ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු ද? ඒ නිසා මේ යෝජනාව දැන් අවලංගු බවට සලකන මෙන් ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළ යුතුයි. නැතහොත් සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශයක් කළ හැකියි. අද ඒ යෝජනාවේ අන්තරගතය ක්‍රියාත්මක කරන්න කියලා අපට දැඩි බලපෑම් එන්නේ අපි සමඅනුග්‍රහය දැක්වූ නිසායි. මානවහිමිකම් කොමසාරිස්වරිය තමන්ගේ වාර්තාව පටන්ගන්නේම ශ්‍රී ලංකාව සම අනුග්‍රහය හරහා පෙර සිටි කොමසාරිස්වරයා විසින් නිකුත්ක වාර්තාව පිලිගෙන ඇති බැවින් මේ වාර්තාව නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ගැන සියලු දෙනා කනස්සල්ලට පත්ව ඇති බව කියමිනුයි. මේක අපිට මසුරන් අවස්ථාවක් යෝජනාවෙනුත් ඉවත්වෙලා සම අනුග්‍රහයෙනුත් ඉවත් වෙන්න.
ලෝකයේ අන් රටවල් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ එ එක්සත් ජාතින්ගේ සංවිධානය වැඩිම යෝජනා ගණනක් සම්මත කර ඇත්තේ ඊශ්‍රාලයට එරෙහිව. එය ගණනින් 228ක්. මානව හිමිකම් සභාව පමණක් සම්මත කර ඇති යෝජනා ගණන 33ක්. නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රාලය කටයුතු කරලා නෑ. ඒ වෙනුවට තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කරමින් ඊශ්‍රාලය යෝජනාවට විරුද්ධ වුණා. ලංකාව සමඅනුග්‍රහය දක්වන්නේ නැතුව යෝජනාවට විරුද්ධව කටයුතු කළා නම් අද අපට මෙහෙම පීඩනයක් නෑ.
ශ්‍රී ලංකාවට මේ මරාලයෙන් ගැලවෙන්න ස්ර්වණමය අවස්ථාවක් ලැබිලා තිබිය දී අළුත් යෝජනාවකටත් සමඅනුග්‍රහය දැක්වීමට තීරනය කර ඇතැයි මාර්තු 6 විදේශ අමාත්‍යන්ශය මාධ්‍ය නිවේදනයකින් දැනුම් දෙනවා. මෙය සම කළ හැක්කේ 2015 ඔක්තෝම්බර් 1දා මහ රෑ වැටුණු වලට 2019 මාර්තු මාසයේ මහ දවාලේ පැනීමටයි. ඒ නිසා එක්සත් රාජධානිය ගෙනෙන යෝජනාවට සමඅනුග්‍රහය දක්වා රට අඳුරෙන් අඳුරට ගෙන යෑමෙන් වැලකී අනාගතයේ බිහිවන ආණ්ඩුවලට ශ්‍රි ලංකාවේ ස්වයිරී භාවය රැකගැනීමට බාදා ඇති නොකර එක්සත් රාජධානියේ යෝජනාවල සම අනුග්‍රහය දැක්වීමෙන් වැලකී සිටින මෙන් අපි ආණ්ඩුවෙන් දැඩිව ඉල්ලා සිටිනවා.
ඒවගේම ජනාධිපතිතුමන් අගය කළ යුතු පියවරක් අරගෙන තියෙනවා. අප ඒ ගැනත් සඳහන් කළයුතුයි. ජනාධිපතිතුමා විසින් එතුමන්ගේ විශේෂ නියෝජිතයින් තුන්දෙනෙක් මෙවර මානව හිමිකම් කවුන්සිලය වෙත යවා තිබෙනවා. ඒ හරහා මානව හිමිකම් කවුන්සිලයට යම් පණිවුඩයක් යනවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පවා එක්සත් රාජධානිය විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ සිටිනුයේ බෙදුණු මතයක කියන එක. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඒකමතික අදහස නොවෙයි මේ විදේශ අමාත්‍යංශයේ නියෝජිතයන් මානව හිමිකම් කොමිසමට කියන්නේ කියන පණිවුඩය මේ හරහා ලබා දී තියෙනවා. අනාගත අපේ ආණ්ඩුවක් මේ සම අනුග්‍රහයෙන් ඉවත්වීම සඳහා දරන වෑයම ශක්තිමත් කරගැනීමට ආණ්ඩුව බෙදී සිටිනවා කියන පණිවිඩය මෙවර මානව හිමිකම් කොමිසමට ගෙන යෑමට කටයුතු කිරීම දූරදර්ශී පියවරක් විදිහටයි අපි දකින්නේ.
– අරවින්ද අතුකෝරල


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29556,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව සම අනුග‍්‍රහය දුන් ජිනීවා අලුත් යෝජනාවලියෙන් රණ විරුවන් අතිශය අවදානමේ,ලංකාවෙන් පිට ඔ්නෑම තැනකදී අත්අඩංගුවට
ලංකාව සම අනුග‍්‍රහය දුන් ජිනීවා අලුත් යෝජනාවලියෙන් රණ විරුවන් අතිශය අවදානමේ,ලංකාවෙන් පිට ඔ්නෑම තැනකදී අත්අඩංගුවට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzoJuyqTHT4C09rJ1qbiLS0T2hQnc0oge_klPbF6NUdZ_Oiq-51QzUn3h-o_ghm56wSPLq2IosTYWy8iMniDlC6B5_nH89j5TUWOy-SXXnpJTUpid5mO0_VbbNbhWu0ws9fuaERp0tVbE/s320/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzoJuyqTHT4C09rJ1qbiLS0T2hQnc0oge_klPbF6NUdZ_Oiq-51QzUn3h-o_ghm56wSPLq2IosTYWy8iMniDlC6B5_nH89j5TUWOy-SXXnpJTUpid5mO0_VbbNbhWu0ws9fuaERp0tVbE/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_972.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_972.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy