දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැය අතරේ ආණ්ඩුවේ ඇතුළේම ගැටුම්
Homeදේශපාලන

අයවැය අතරේ ආණ්ඩුවේ ඇතුළේම ගැටුම්

PropellerAds

Loading... අයවැය හා ආණ්ඩුවේ ඇමැතිවරුන් අතර ගැටුම් මෙන්ම රාජ්‍ය ආයතන රැුසක් සඳහා නව ප‍්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් ආදී විවිධ ස...

අතිපූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නාහිමි අපවත් වෙයි
පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
"දෙපාරක් හිතන්න" - කෙහෙළිය ගුරුවරුන්ට කියයි
Loading...

අයවැය හා ආණ්ඩුවේ ඇමැතිවරුන් අතර ගැටුම් මෙන්ම රාජ්‍ය ආයතන රැුසක් සඳහා නව ප‍්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් ආදී විවිධ සිදුවීම් අතරේ රටේ ආර්ථික ගැටලූ බරපතළ වී තිබේ. රටේ සියලූම ක්ෂේත‍්‍රවලට අයහපත් ආර්ථික තත්වය බලපා ඇති බැවින් සාමාන්‍ය ජනතාවට ආර්ථික අසීරුතා රැුසක් බලපා තිබේ. 

 මෙවර අයවැයෙන් ජනතාවට සහන රැුසක් ලබා දෙන බවට මාස ගණනක් තිස්සේ සිට රජය පැවසුව ද පසුගියදා ඉදිරිපත් කරන ලද අයවැය තුළ එතරම් ආකර්ෂණීය බවක් දක්නට නොමැත. 

 මෙවර අයවැය මගින් ජනතාව වර්තමානයේ මුහුණ දෙන ගැටලූ සඳහා විසඳුම් ලබා දෙනු ඇතැයි බොහෝ අංශ බලාපොරොත්තු වූයේ එය මැතිවරණ අයවැයක් බව පවසමිනි.

 එහෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම, ජීවන වියදමට සහන සැලසීම හෝ තාවකාලිකව ජනතාවට සහනයක් විය හැකි කිසිදු ක‍්‍රමවේදයක් මෙම අයවැය තුළ දක්නට නොමැත. රජයේ සේවක වැටුප වැඩි වුව ද රටේ සෙසු ජනතාව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැත.

 අධිවේගී ගාස්තු ඉහළ දැමීමට ජනතා විරෝධය 

 අධිවේගී මාර්ග ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ජනතාව තුළ තිබේ. දිනපතා අධිවේගී මාර්ගය භාවිතා කරනු ලබන විශාල පිරිසක් සිටින අතර අධිවේගී මාර්ග ගාස්තු වැඩි කිරීම මගින් සාමාන්‍ය ජනතාව අධිවේගී මාර්ග භාවිතා කිරීම අඩු වේ. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ වත්තල - කඩවත කොටස ළඟදී විවෘත වන්නට නියමිත අතර ඉන්පසුව බොහෝ මාර්ගවල තදබදය අඩු වන්නට නියමිතව තිබුණේ ඒ හරහා කොළඹ නගරය මඟ හැර රටපුරා ඕනෑම ස්ථානයකට යා හැකිව තිබූ නිසාය. එහෙත් මේ ගාස්තු වැඩි කිරීම මගින් ජනතාව අධිවේගී මාර්ගවලින් ඈත්වීම සිදුවේ. අධිවේගී මාර්ගවලින් රජය ලාභ සෙවීමට වඩා මාර්ග තදබදය අඩු කිරීම හරහා ජනතාවගේ ඉන්ධන පරිභෝජනය අඩු වීම හා කාලය ඉතිරිවීම සිදුවේ. එයින් රටට විශාල ලාභයක් ලැබෙන්නට තිබුණ ද මේ අ¥රදර්ශී තීරණ නිසා එය සිදු නොවේ.

 ත‍්‍රිරෝද රථ හා කුඩා කාර් රථ සඳහා පනවනු ලද බදු මුදල් නිසා සාමාන්‍ය ජනතාවගේත් දුප්පත් ජනතාවගේත් වාහන සිහිනය තවදුරටත් ඈත්වේ. මේ රජය බලයට පත්වීමේදී ඒ සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු මෙවර අයවැය මගින් සිහින බවට පත් කර තිබේ.

 පෝස්ටර් යුද්ධ මැද මංගලගෙන් දැඩි පියවර 

 කෙසේ වෙතත් තමන් යටතේ ඇති ආයතනවලට චෝදනා එල්ල වූ විට ඍජුවම පියවර ගනිමින් එම චෝදනා එල්ල වූ පුද්ගලයන් ඉවත් කිරීමට මුදල් ඇමැතිවරයා ලෙස මංගල සමරවීර ඇමැතිවරයා පියවර ගැනීම පසුගිය සතියේ සිදු විය. මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස ආණ්ඩුවේම වෙනත් ඇමැතිවරයකුගේම නිර්දේශ මත පසුගිය දිනවල පත්වීම් ලැබූ පුද්ගලයකු එම ආයතනයට ගෑස් සැපයුම්කරුවකුගේ දේශීය නියෝජිතයා ලෙස මීට පෙර කටයුතු කර තිබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර වහාම මුදල් ඇමැතිවරයා විසින් ඔහු එම තනතුරින් ඉවත් කරන ලදී. ඊට අමතරව තවත් අධ්‍යක්ෂවරුන් පස් දෙනකු ඉවත් කර නව අධ්‍යක්ෂවරුන් පත් කර තිබේ. කෙසේ වෙතත් ඇතැම් අධ්‍යක්ෂවරුන් තනතුරුවලින් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කර තිබීම නිසා බරපතළ ගැටලූ මතුවී තිබේ. මේ ප‍්‍රශ්නය නිසා ආණ්ඩුවේම විවිධ පාර්ශව අතර පෝස්ටර් ගසා ගනිමින් මඩ ගසා ගැනීම් ද කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල දක්නට ලැබිණි.

 මේ අතර එම ආයතනය තුළ පසුගිය කාලයේ සිදුවූ බව කියන මිලදී ගැනීම් හා විවිධ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් එහි සේවක පිරිස් ඇමැතිවරයාට පැමිණිලි කීපයක් සිදුකර ඇති අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් ද පූර්ණ පරීක්ෂණ සිදු කරන බව සඳහන්ය. අවශ්‍ය තරම් නව ගෑස් සිලින්ඩර් තිබියදී නව ගෑස් සිලින්ඩර් ලක්ෂ ගණනින් ඇණවුම් කර ගබඩා කර තැබීම , අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩියෙන් ගෑස් ඇණවුම් කිරීම හා වැඩි මිලට ගෑස් මිලදී ගැනීම් ආදී ගනුදෙනු රැුසක් සම්බන්ධයෙන් මේ පැමිණිලි ලැබී තිබේ. මේ හරහා එහි ඉහළ නිලධාරීන් පිරිසක් මිලියන ගණනින් අයථා ඉපයීම් සිදුකර ඇති බව ද විශාල ලෙස බැංකු ණය මත මේ මිලදී ගැනීම් සිදු කිරීම නිසා දීර්ඝ කාලීනව පාඩු සිදුව ඇති බව ද සේවක පැමිණිලිවල සඳහන්වේ. මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මුදල් අමාත්‍යංශය පවසයි.

 මුලින් ජනාධිපතිවරණයක්ද? මහ මැතිවරණයක්ද?

 මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.

 අද රට තුළ ඇති දේශපාලන අස්ථාවරත්වය මත මෙම තත්ත්වය ඇති විය හැකි බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

 ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය ගැන ජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ අයවැය සම්මත කර ගැනීම ගැන ප‍්‍රශ්නයක් ඇති බව ආණ්ඩු පක්ෂයේම ඇතැමුන් ප‍්‍රකාශ කර ඇති නිසාය.

 මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට විරුද්ධ වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද දැනටමත් අයවැයට විරුද්ධව ඡුන්දය දෙන බව පවසා ඇත. අයවැයට විරුද්ධ විය යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් දැඩිව ප‍්‍රකාශ කර තිබේ. අයවැයට පක්ෂ විය යුතු යයි පවසන්නේ එම්. ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පමණි.

 මේ තත්ත්වය මත දෙමළ සන්ධානයේ මන්ත‍්‍රිවරුන් 15 දෙනාගෙන් වැඩි පිරිසක් අයවැයට විරුද්ධ වීමට හෝ වර්ජනය කිරීමට ඉඩ තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ, ආනන්ද අලූත්ගමගේ විපක්ෂය සමග සිටිති. දෙමළ සන්ධානයේ එක් මන්ත‍්‍රීවරයෙක් ද තවදුරටත් විපක්ෂය සමග කටයුතු කරමින් සිටී. මේ තත්ත්වය මත අයවැය සම්මත කර ගැනීම එතරම් පහසු නොවන බව ආණ්ඩුවේම ඇතැමුන් පවසා තිබේ.



 ආණ්ඩුව ඇතුළේ ජිනීවා ගැටුම 

 මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා තම නියෝජිතයන් ද සහභාගි කරවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

 ඇමැති සරත් අමුණුගම, ඇමති මහින්ද සමරසිංහ, උතුර ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස ඊට සහභාගි වෙති.

 තම රටෙහි ප‍්‍රශ්න තම රට තුළ විසඳා ගැනීමට ඉඩ දෙන ලෙස ජිනීවාහිදී ඉල්ලා සිටීමට මෙම පිරිස සූදානම් වෙති. එසේම අදාළ විසඳුම් ලබා දීම සඳහා වසර දෙකක් කල් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටීමට නියමිතය.

 මහින්ද හා ජවිපෙ සාකච්ඡුා

 ජනතා විමුක්ති පෙරමුණ හා විපක්ෂ නායකවරයා අතර පසුගියදා පැවති සාකච්ඡුාව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

 මෙහිදී විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් වන්නේ නම් වර්තමාන ඡුන්ද ක‍්‍රමය හා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී පවසා තිබේ.

 එමෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් තමන්ට එකඟ විය නොහැකි වුවත් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට ප‍්‍රතිපත්තිමය වශයෙන් තමන්ද එකඟ යැයි විපක්ෂනායකවරයා පවසා ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන් සමඟ සිටින සෙසු දේශපාලන පක්ෂ සමඟ ද දීර්ඝව සාකච්ඡුා කර ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ සමඟ යළිත් සාකච්ඡුා කිරීමට සූදානම් යැයි විපක්ෂ නායකවරයා පවසා ඇත.

 විපක්ෂනායක කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡුාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක අනුර කුමාර දිසානායක, ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් සහභාගී වූහ.

 මහ බැංකු බැඳුම්කර වංචාව යළිත් කරළියට 

 මහ බැංකු බැඳුම්කර වංචාව නැවත කරළිය පැමිණෙමින් තිබේ. ඒ අනුව ඉදිරි දිනවල ඒ සම්බන්ධ අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනෙනු ඇත.

 මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් සිදු කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවැති කැබිනට් රැුස්වීමේදී තීරණය කර ඇත.

 ඒ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව වෝහාරික විගණනය කිරීම සඳහා විශේෂඥයින් පත් කිරීමටත් ඊට අවශ්‍ය මුදල් වෙන් කිරීමටත් නියමිතය. බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩු ගණනය කිරීම සඳහා 2007 වසරේ සිටම වෝහාරික විගණනයක් කළ යුතු බව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබිණි.

 අධිකරණයේ නව පත්වීම් 

 ව්‍යවස්ථාදායක සභාවට දැඩි චෝදනා එල්ල වුණු අධිකරණය හා සම්බන්ධ පත්වීම් පිළිබඳ ප‍්‍රශ්නය තවමත් නිමා වී නැත. ඒ අතර නව අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා පසුගියදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එසේම වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් විනිසුරුවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට නියමිත බව ද පැවසේ.

 මේ දිනවල රටේ විවිධ පාරිභෝගික සංගම් හා මහජන අයිතිවාසිකම් සංගම් ලෙස පෙනී සිටින ඇතැම් සංවිධානවල හැසිරීම් සම්බන්ධයෙන් මහජනතාව තුල බරපතල සැක මතු වී තිබේ. මේ ඇතැම් සංවිධාන විවිධ පාර්ශව වෙනුවෙන් විවිධ ප‍්‍රකාශ නිකුත් කරන බව පෙනේ. හිරු එළියෙන් නිපදවන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 16 තෙක් අඩු කිරීමට විදුලි බල අමාත්‍යංශය ගත තීරණයට ඇතැම් පාරිභෝගික සංගම් විරෝධය පළකර එය වැඩි කළ යුතු බව පවසා තිබිණි. පාරිභෝගික සංගම් කළ යුත්තේ ජනතාවට අඩු මිලට විදුලිය ලබාගැනීම වෙනුවෙන් සටන් කිරීම මිස ඒ සඳහා වැඩි මිලක් ගැනීමට පුද්ගලික සමාගම්වලට උදව් කිරීම නොවේ. විදුලි බල හා බලශක්ති ක්ෂේත‍්‍රයේ පසුගිය කාලයේ සිදුවූ අයථා ගනුදෙනු නිසා අපේ රටේ විදුලි ගාස්තු බොහෝසෙයින් වැඩි විය. ඒවායෙන් ඉපයූ මුදල් විදේශ රටවල පවා තැන්පත් කර ඇති අයුරු ‘පැනමා පේපර්ස්‘ හරහා පවා හෙළිදරව් විය. මේවා ගැන සෙවීම හා විදුලි බිල අඩු කිරීමට සටන් කිරීම වෙනුවට මහජන මුදලින් වැඩි මිලක් සමාගම්වලට ලබා දෙන ලෙස ඉල්ලීම පාරිභෝගික සංගම්වල කාර්ය භාරයද යන්න ගැටලූවකි.
-දිවයින පුවත්පත
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැය අතරේ ආණ්ඩුවේ ඇතුළේම ගැටුම්
අයවැය අතරේ ආණ්ඩුවේ ඇතුළේම ගැටුම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvlkuwe6yRD1gYw4KPM04IGYjEqRnSdwymRKD5CfZrN25C156w7dmkb9_iSns8w0OVJEJtoPVOsI867Uko1B5NnKHuQUFT5_GKDOCT_A0ivDX0CIw-xz-QIjqtZ9Vzqlv_lZq5Hti2KlE/s400/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvlkuwe6yRD1gYw4KPM04IGYjEqRnSdwymRKD5CfZrN25C156w7dmkb9_iSns8w0OVJEJtoPVOsI867Uko1B5NnKHuQUFT5_GKDOCT_A0ivDX0CIw-xz-QIjqtZ9Vzqlv_lZq5Hti2KlE/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_912.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_912.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy