දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මාලිංගත් එක්ක ගහන්න තිසර කැමති නෑ,කෝච් එකපැත්තක,පිතිහරඹ පුහුණුකරු තව පැත්තක.- ක‍්‍රිකට් පිලේ කරුමය ක‍්‍රිඩකයෙකුම හෙලි කරයි

Loading... දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරග...

Loading...

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිටියේ වෙනත් පුහුණුකරුවකුද නැතහොත් ක්‍රිකට් නොදන්නා අයද යන්න සිතාගත නොහැකිව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීහු ලතවෙති.
තුන්වැනි එක්දින තරගයත් ලකුණු 71 කින් පරාජය වීමෙන් පසු නායක ලසිත් මාලිංගට තිබුණේ පහසු උත්තරයකි.
“තරගාවලිය (පරාජයවෙලා) ඉවරයි. අපට මෙතැනින් එහාට ඒගැන යමක් කරන්න බැරි බව අපි හොඳින්ම දන්නවා. ඒත් අපි අදත් අපට පුළුවන් උපරිම වශයෙන් උත්සාහ කළා” යයි කී මාලිංග සම්පූර්ණ කතාවම වාක්‍ය දෙකකට සම්පිණ්ඩනය කළේය. එහෙත් සියල්ල එතැනින් අහවර වේද ?
ලෝකයේ අංක 2 හිමි ටෙස්ට් කණ්ඩායමේ ගෙමිදුලටම ගොස් 2-0 ක තරාගාවලි ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කුමක් සිදුවීද ? එක්දින තරගාවලිය පරාජය වීමෙන් පසුව ලසිත් මාලිංග මෙසේ කීවේය.
“පන්දු රැකීමේ දුර්වලතා කිහිපයක් නිසා අපි ඒ ගොල්ලන්ට ලකුණු 20 ත් 50 ත් අතර වගේ ප්‍රමාණයක් වැඩිපුර දුන්නා. ඒත් අපි කතා වුණේ අපට හොඳ සම්බන්ධතාවක් දෙකක් ලැබුණොත් තරගයක් දෙන්න පුළුවන් කියලයි”
“වැස්සට තරගය නවත්වන විට අපි කඩුලු 2 කට 75 ක් ලබා සිටියා. ඒත් වැස්ස ආවාට පස්සේ, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව (ඉලක්කය සංශෝධනය කිරීමෙන් පසු) ඒක ලබාගන්න ඉතාමත් අසීරු ඉලක්කයක්….(වර්ෂාව නිසා තරගය නතර කරන විට) තීරණයක් ලබාගන්න ඕනෑ වුණේ තවත් ඕවර 4 ක් විතරයි. ඒ නිසා අපි දැනගෙන හිටියා වැස්ස නතර වෙච්ච ගමන්ම අපට නැවතත් පන්දුවට පහර දෙන්න වෙනවා කියලා. අපි ඒකට සූදානම් වෙලයි හිටියේ” යයි මාලිංග කීවේය. සූදානමේ ප්‍රතිඵල ඕවර කිහිපයකදී දැකගත හැකිවිය
එක්දින තරග තුන පරාජය වූ සීමා දෙස බැලීමේදී ශ්‍රී ලංකාවේ පිතිකරුවන් දුර්මුඛ වූ අකාරය ඉතාම පැහැදිළිය. පළමු තරගයේදී කඩුලු 8 ක දැවැන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තුන්වැනි එක්දින තරග වලදී ලකුණු 113 කින් සහ ලකුණු 71 කින් පරාජය විය.
ඇත්ත ඇති සැටියෙන් ගෙන බැලුව හොත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරන ලද්දේ දකුණු අප්‍රිකානු පිලේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ෆෆ් ඩු ප්ලෙසි (ලකුණු 205), ක්වින්ටින් ඩි’කොක් (ලකුණු 296), ඉම්රාන් තහීර් (කඩුලු 7 යි) සහ කගීසෝ රබාඩා (කඩුලු 5) යන සිව්දෙනා විසිනි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ගේ දායකත්වය කෙසේ වූයේද ?
ක්වින්ටින් ඩි’කොක් සහ ශ්‍රී ලංකා උපනායක නිරෝෂන් දික්වැල්ල දෙදෙනාට ඇත්තේ එකම භූමිකාවකි. එනම් කණ්ඩායමේ කඩුලු රකින්නා වෙමින් ආරම්භක පිතිකරුවාගේ කාර්යය ද ඉටු කිරීමයි.
ක්වින්ටින් ඩි කොක් තරග 3 කදී ලකුණු 296 ක් ලබාගනිද්දි ඔහුගේ ප්‍රතිවාදියා වන දික්වැල්ල ලබාගත්තේ ලකුණු 16 ක් පමණි. කණ්ඩායමේ උපනායකයා වී සිටියදීත් තරග තුනේදීම ඔහු මුහුණ දී ඇත්තේ පන්දු 24 කට පමණි
මාසයකට පමණ ඉහතදී ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව ක්‍රීඩා ඇමතිවරයා කුමක් කීවද එක්දින කණ්ඩායමේ සැබෑ තත්ත්වය ක්‍රීඩකයකු විසින්ම විස්තර කරනු ලබන්නේ මෙලෙසිනි.
“මාලිංගත් එක්ක ගහන්න තිසර කැමති නෑ……ඒත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා නම් ඔය කට්ටියම වැරදියි කියන එකත් කියන්න ඕනේ”
“අපේ ටීම් එකේ ලොකු කට්ටිය එක එක්කෙනාව ලොකු කරගන්නවා. අර නික් පොතාස් කියලා ෆීල්ඩින් කෝච් කෙනෙක් හිටියේ එයා මුලදී හොඳට වැඬේ කරගෙන ගියා. අපේ අය (ක්‍රීඩකයෝ) ආපු දවස්වල එයත් එක්ක හොඳට හිටියා. ඊට පස්සේ එයා ගැන (කේලම්) කියලා අයින් කරන තැනට දැම්මා”
“දැන් හතුරුසිංහව ගෙන්න ගත්තෙත් අපේ කට්ටියමනේ (ක්‍රීඩකයෝ). හොඳයි හොඳයි කිය කිය හිටියා. දැන් කියනවා හරි නෑ කියලා…මෙනවද මේ කතා? යයි විමසන මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා….. “කෝච් එකපැත්තක්. ජෝන් ලුවිස් (පිතිහරඹ පුහුණුකරු) තව පැත්තක්” යයිද පැවසීය.
දකුණු අප්‍රිකාවෙන් ලැබෙන ඉතාම විශ්වාසකටයතු ආරංචිමාර්ග වලින් වාර්තා වූයේ තුන්වැනි එක්දින තරගයට පෙර දිනයේ පුහුණුවීම් සඳහා පැමිණියේ නායක ලසිත් මාලිංග සහ ලක්ෂාන් සඳකැන් පමණක් බවයි. නායකයා සම්බන්ධයෙන් සෙසු ක්‍රීඩකයන් අතරේ තිබෙන ආකල්පය එයින් වටහාගත හැකිය. කණ්ඩායමට කළමණාකරුවකු කුමටද යන්නත් ඇසිය යුතුව තිබේ.
කෙසේ වෙතත් ලසිත් මාලිංග තවමත් බලාපොරොත්තු අතහැර නැති බව ඔහුගේ ප්‍රකාශ වලින් පෙනේ.
​“මේ වෙනකම් නම් මගේ පන්දු යැවීම ගැන මා තෘප්තිමත් වෙනවා. මම ඉදිරි තරග වලදී ක්‍රීඩා කරන්නත් බලාපොරොත්තු වෙනවා……අපට තවත් තරග දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට දේශීය තරගාවලියක් තියෙනවා. ඒ තරගාවලියෙදි අපි විශ්වාසනීයත්වයෙන් ක්‍රීඩා කරන්න ඕනේ….” යයි ඩර්බන්හිදී පැවසූ මාලිංග “මේ වගේ තත්ත්වයන් යටතේ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් යොදවා ගන්න එක ගැන අපි හිතන්න යන්නේ නෑ. ඒත් අපි අන්තර්ජාතික ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ලෝක කුසලාන තරගාවලියට හොඳ ක්‍රීඩකයන් කවුද කියලා අපිට තීරණයක් ගන්න වෙන්නේ” යයිද පැවසීය.
මාධ්‍ය හමුවේ කුමක් කීවද ලංකා කණ්ඩායමේ පන්දු යැවීම නම් කමකට නැති බව මාලිංගම පිළිගනී. ප්‍රිටෝරියා නුවරදී පිතිකරුවන් අවස්ථා අපතේ යැවීම ගැන මහත් විස්සෝපයෙන් කතා කළ මාලිංග ඩර්බන්හිදී කීවේ වෙනත් කතාවකි.
“අපි බලාපොරොත්තු වුණ ආකාරයෙන් (පන්දු යවන්නන්ගෙන්) එක ළඟ කඩුලු දෙකක් ලබාගැනීම අපට කොයි වෙලාවකවත් කරගන්න බැරිවුණා. අපි එක කඩුල්ලත් ගත්තත් ඒගොල්ලන් තවත් සම්බන්ධතාවක් හදාගන්නවා…….පසුගිය තරග දෙක තුනේදීම අපට බැරිවුණ දේ තමයි එකළඟ කඩුලු දෙකක් ලබාගැනීම”
“මේ වගේ තණකොළ අඩු තණතීරුවල වේග පන්දු යවන්නන්ගෙන් කඩුලු ලැබුණේ නැති වුණත්, කඩුල්ලක් දවාගන්න තැනට පිතිකරුවන් තල්ලු කරන්න ඒ ගොල්ලන්ට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගොල්ලන් (පිතිකරුවෝ) තනි ලකුණ වගේම අවශ්‍ය වෙලාවලදි හතරේ පහරවලුත් ලබාගත්තා” යයි මාලිංග කීවේය.
ශ්‍රී ලංකා පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් මාලිංග සහ තිසර පෙරේරා තරග තුනේදීම දවාගෙන ඇත්තේ කඩුලු 3 ක් පමණි. තරගයකට එක කඩුල්ලකි. ශ්‍රී ලංකා සංචිතයේ 17 දෙනෙකු සිටියද පන්දු යැවීමේ අංශයේ වාර්තාව එයයි.
තිත්ත ඇත්ත නම්, පසුගිය වසරේ සැප්තැම්බරයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේ සිට, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 13 කින් ජය ලබා ඇත්තේ එකක් පමණක් වීමයි. තවත් තරගයක් වර්ෂාව නිසා විසඳුමකින් තොරව නිමා වූ අතර ඉතිරි තරග 11 ම පරාජය වී තිබේ.
– lankadeepa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29556,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලිංගත් එක්ක ගහන්න තිසර කැමති නෑ,කෝච් එකපැත්තක,පිතිහරඹ පුහුණුකරු තව පැත්තක.- ක‍්‍රිකට් පිලේ කරුමය ක‍්‍රිඩකයෙකුම හෙලි කරයි
මාලිංගත් එක්ක ගහන්න තිසර කැමති නෑ,කෝච් එකපැත්තක,පිතිහරඹ පුහුණුකරු තව පැත්තක.- ක‍්‍රිකට් පිලේ කරුමය ක‍්‍රිඩකයෙකුම හෙලි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjky0ro4hN3gT5XSQ0_tluW5PaKGKvsGY-kLsXpLozJOu7_5v7qrXZjgbnu9dW66r18XUGgiMcgIZeFX8jBu4E0B5rArnTsKSyOTIykpVVPpHCCMey7pT4qLQ5wn5o_99jRI0jBoqRc7gk/s320/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjky0ro4hN3gT5XSQ0_tluW5PaKGKvsGY-kLsXpLozJOu7_5v7qrXZjgbnu9dW66r18XUGgiMcgIZeFX8jBu4E0B5rArnTsKSyOTIykpVVPpHCCMey7pT4qLQ5wn5o_99jRI0jBoqRc7gk/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_867.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_867.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy