දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාතාල බුම්මාගේ මත් - අවි ගබඩාව එස්‌ටීඑෆ් වටලයි

Loading... පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15 වැනිදා) දහවල් කිලිනොච්චිය ඉරත්තිරිපුරම් ප්‍රදේශයේ සිදු...


Loading...

පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15 වැනිදා) දහවල් කිලිනොච්චිය ඉරත්තිරිපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී භාවිතයට ගත හැකි ටී අසූඑක වර්ගයේ නවීන මෝටාර් උණ්‌ඩ හයක්‌ සමඟ ගුවන්යානා නාශක අවියක කොටසක්‌ සොයාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන ගිය පාතාල නායක කෙනඩිගේ ප්‍රධාන පෙළේ ගෝලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවි ගබඩාවේ තිබී මයික්‍රො පිස්‌තෝල දෙකක්‌, මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝල 4 ක්‌ සහ විවිධ වර්ගයේ ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්‌ඩ 300 කට අධික ප්‍රමාණයක්‌ ද විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.

මෙහි තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 17 ක්‌, කොකේන් කිලෝග්‍රෑම් 1 ක්‌ , අයිස්‌ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 1/2 ක්‌ හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක්‌ තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මේ අතර කෙනඩිගේ නියෝග මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කළ මිනිස්‌ ඝාතන සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ද මෙහිදී සොයාගෙන ඇත.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු වූ මිනිස්‌ ඝාතන රැසක්‌ මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කර තිබූ බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.

මීට මාස කිහිපයකට උඩදී වත්තල හේකිත්ත ප්‍රදේශයේ මෝටර් රථයක යමින් සිටි තරුණයන් දෙදෙනකු පසුපස තවත් මෝටර් රථයකින් පන්නා ගෙන ගොස්‌ වෙඩි තබා ඝාතනය කර තිබුණේ ද මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා විසින් බව හෙළි වී ඇත.

මීට සති කිහිපයකට උඩදී පිටකොටුව ප්‍රදේශයේ අසංක නමැති තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ ද මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා විසින් බව හෙළි වී ඇත.

කොටහේන ජම්පටා වීදියේ 'සෙල්ලී' නමැති පාතාල නායිකාවගේ කල්ලිය සමඟ කාලයක්‌ තිස්‌සේ කෙනඩිගේ පාතාල කල්ලිය ගැටුම් ඇති කරගෙන තිබූ අතර මේ වනවිට ඔවුන් දෙපාර්ශ්වයේම පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ ඝාතනය වී ඇති බව පොලිසිය පවසයි.

ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ කුලියට ලබාගත් එම නිවසේ කාලයක්‌ තිස්‌සේ රැඳී සිටින කෙනඩිගේ පාතාල කල්ලිය මිනී මැරුම්, කප්පම් ලබා ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී විවිධ අපරාධවල නිරතව සිට ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීµa මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකාය විමර්ශන පවත්වයි.
-දිවයින පුවත්පත

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාතාල බුම්මාගේ මත් - අවි ගබඩාව එස්‌ටීඑෆ් වටලයි
පාතාල බුම්මාගේ මත් - අවි ගබඩාව එස්‌ටීඑෆ් වටලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcXFeasLQEc0wAkH9pjVpBenkULJiNw1O81QEqAFdP0kSeJSszy-qOAJqsF_hs9bTQ1ri8OtzeSG8vcbPTiCti_adffBdTFpuDSQSGpfGEcqG74mAwW0w4nFxtC5NcwE-jBXCtG59mvsI/s320/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcXFeasLQEc0wAkH9pjVpBenkULJiNw1O81QEqAFdP0kSeJSszy-qOAJqsF_hs9bTQ1ri8OtzeSG8vcbPTiCti_adffBdTFpuDSQSGpfGEcqG74mAwW0w4nFxtC5NcwE-jBXCtG59mvsI/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_642.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_642.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy