ජනාධිපති වැය ශීර්ෂය විවාදයේදී අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු යොදාගනිමින් එකට එක කරමින් 'රිටන් එකක්' දුන් බව සන්ධ...
ඩිලාන් පෙරේරා මහතා එබව සඳහන් කළේ ඊයේ (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට ආණ්ඩුවේ කිසිදු සැලැස්මක් නොතිබුණු බව පැවසු ඩිලාන් පෙරේරා මහතා, නමුත් අගමැතිවරයා නාටකයක් රඟ දැක්වූ බව කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතාට යළි අගමැති ධූරය පැවරු අවස්ථාවේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ළඟ තබාගෙන කළ ප්‍රකාශයට වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ජන්ද විමසීමකින් තොරවම සම්මත කර දී එදා කළ දේට රිටර්න් එක දුන් බව ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
අගමැතිවරයාගේ මෙම ලණුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ද හසු වූ අතර අයවැයට ජන්ද නොදී සිටින තත්ත්වයකට ඔවුන් පත් වූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS