දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නොරොච්චෝල හදනකොට මට කොතරම් බැන්නද.. දැං කොහොමද..- ජනතා අත්පොලසන් මැද මහින්ද අසයි..

මේ ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය විදුලියවත් දීමට නොහැකි ආණ්ඩුවක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නාවලපිටිය, කුරුඳුවත්ත බෞද්ධ මධ්‍ය...

මේ ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය විදුලියවත් දීමට නොහැකි ආණ්ඩුවක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නාවලපිටිය, කුරුඳුවත්ත බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය මාවතුපොල අනුරුද්ධ නාහිමියන් රාමඤ්ඤ මහ නිකායේ මහෝපාද්‍යය ධුරයෙන් පිදුම් ලැබීම හා අභිනවයෙන් ඉදිකල චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,

‘යුද්ධය පැවති කාලයේද තම ආණ්ඩුව කිසිඳු කප්පාදුවකින් තොරව මුලු දිවයිනටම විදුලිය ලබා දුන්නා. අපි නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ, කෙරවලපිටිය වැනි විදුලිබලාගාර හැදුවා. සමහරු ඒ කාලයේ ඒවා හදනකොට අපට බැන බැන හිටියා. අපේ ආණ්ඩුව ඒවා හැදුවේ නැත්තනම් මේ වන විට හැම දෙනාටම අඳුරේ සිටිමට සිදුවෙනවා. අධිවේගි මාර්ගය හැදුවා 2018 දී නිමකිරීමට තිබු මධ්‍යම අධිවේගි මාර්ගය තාමත් මේ ආණ්ඩුවට නිම කිරීමට බැරි වී තිබෙනවා.

මම මන්ත්‍රීවරයෙකු, නීතීඥයෙකු, ඇමතිවරයෙකු හා ජනාධිපති ලෙස මෙම ප්‍රදේශයට පැමිණ තිබෙනවා. අපේ පාලන කාලයේ මහින්දානන්ද ඇමතිතුමා මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් විශාල ලෙස සංවර්ධනය කර තිබෙනවා. මෙම ප්‍රදේශයේ ඇතිවී තිබෙන සංවර්ධනය ගැන මම සතුටු වෙනවා. මෙම ප්‍රදේශයේ අපේ කාලයේ නිවාස 1000ට වැඩි ප්‍රමාණයක් ජනතාව වෙත සාදා දී තිබෙනවා. දැන් වාගේ වචන වලට සීමාවූ සංවර්ධනයක් නොව සැබෑ සංවර්ධනයක් අපි කලා.

මම දැක්කා අගමැතිතුමා කියනවා යාල වල් අලියි හම්බන්තොට සුදු අලියි ඉන්නවා කියලා, හම්බන්තොට දැන් අලි නැහැ. අපි එම් ප්‍රදේශවල වරායක්, ගුවන්තොටුපලක්, ජාත්‍යන්තර ක්‍රීඩාංගන සම්මන්ත්‍රණ ශාලා හදලා තියෙන්නේ. එම සංවර්ධනය මෙම ආණ්ඩුවට ඉදිරියට ගෙනයන්න බැරිවෙලා තියෙනවා. එමනිසා අපට විවිධ චෝදනා කරනවා.

ලොකුම ආයෝජනය කලා කියලා තෙල් පිරිපහදුවකට හා සිමෙන්ති කර්මාන්ත ශාලාවකට මුල් ගල තිබ්බලු. හැබැයි එය කවදා හදයිද දන්නේ නෑ. මේ හදන්නේ හම්බන්තොට ලුණුලේවාය හා කුරුළු අභයභූමි වසා දැම්මට. මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර ඇගයිම් වාර්තා ලබාගෙන නැහැ. සංවර්ධනය හොදයි.නමුත්අවුරුදු හතරක් මොනවද මේ ආණ්ඩුව කළේ. අපි ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතින් විවෘත කිරීම පමණයි.

අද මෙම ප්‍රදේශවල වැවෙන සුළු අපනයන භෝගවල මිලක් තියෙනවද? මේවා මේ ආණ්ඩුවේ දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් පිටරටින් ගෙන්වීම තුලින් අපේ නිෂ්පාදනවලට  නියම මිලක් ලැබෙන්නේ නැහැ.අපේ රජය යටතේ මේ රට අපි සහලින් ස්වයංපෝෂිත කළා. මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. අද පිටින් හාල් ගෙන්වන්නත් මේ ආණ්ඩුවට සිදු වෙලා. පසුගිය දින 52 ආණ්ඩුවෙන් අපිට දින 14ක් පමණයි වැඩකරන්න සිදු වුනේ. මේ අය උසාවි ගිහින් තහනම් නියෝග ගත්ත නිසා නමුත් අපි ඒ දින 14තුල ජනතාවට සහන දුන්නා. තෙල්මිල අඩුකලා පොහොර සහනාධාර දුන්නා. ඒ නිසා මේ සාර අස්වැන්න වැඩිවෙලා. නමුත්, ඔවුන්ගේ නිෂ්පාදනවලට මිලක් නැහැ.

ජනතාව නමට ආපු සල්ලි එන්නේ නැහැ. මහින්දෝදය විද්‍යාගාර හදලා පරිගණක දැනුම ලෝකයේ ඇති අනෙක් භාෂා හැදෑරීමේ පහසුකම් අපි ලබා දුන්නා. අපි විද්‍යාගාර 1000ක් හැදුවා. ඒකට අපට ගියේ අවුරුද්දක් පමණ කාලයක්. නමුත්, මෙම ආණ්ඩුව අවුරුදු 04ක් ගිහිල්ලත් තාම මේවා විවෘත කරගන්න බැරි වෙලා. ජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තුවෙන්නේ ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් හා තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා නිර්මාණය කර දෙයි කියලා.

යුද්ධය නිම කිරීමට හමුදාවලට නායකත්වය දුන් විරුවන් නව දෙනකුට රටවල්වලට යාමට වීසා දෙන්නේ නැහැ. එම රටවල්වලට ඇතුළු උනොත් නඩු දමනවාලු. මෙම ආණ්ඩුව රටවල් ගෙනෙන යෝජනාවලට සම අනුග්‍රහය දී තොණ්ඩුව බෙල්ලටම දමාගෙන ඇතැයි වැඩිදුරටත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ, අනුරාධ ජයරත්න, ආනන්ද අළුත්ගමගේ මධ්‍යම පළාත්සභාමන්ත්‍රී වීරසිංහ අළුත්ගමගේ යන මහත්වරුන්ද එක් විය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29575,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොරොච්චෝල හදනකොට මට කොතරම් බැන්නද.. දැං කොහොමද..- ජනතා අත්පොලසන් මැද මහින්ද අසයි..
නොරොච්චෝල හදනකොට මට කොතරම් බැන්නද.. දැං කොහොමද..- ජනතා අත්පොලසන් මැද මහින්ද අසයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRyly-QF8OJox5flqWiUJIgjkX4N6Dd0-MqzXjI6rR3YB1PIJxuLuOjeNrylqQsQ2HjEOr8bTDZMemnuO0wcbietJ18rw6oQKw-hIa8yT5xFUiadUVj2m3j133SrHhip1Dx3C90hS7KOw/s320/mahinda-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRyly-QF8OJox5flqWiUJIgjkX4N6Dd0-MqzXjI6rR3YB1PIJxuLuOjeNrylqQsQ2HjEOr8bTDZMemnuO0wcbietJ18rw6oQKw-hIa8yT5xFUiadUVj2m3j133SrHhip1Dx3C90hS7KOw/s72-c/mahinda-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_416.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_416.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy