දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගුරුවරියගේ කනට ගැසූ ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා

Loading... විලච්චිය, ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ 53 හැවිරිදි ගුරුවරියකට කනට පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස්‌ ඇතැයි කියන එම ප්‍රදේශයේම ප...

Loading...
විලච්චිය, ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ 53 හැවිරිදි ගුරුවරියකට කනට පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස්‌ ඇතැයි කියන එම ප්‍රදේශයේම පාසලක සේවය කරන ගුරුවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කොට ඇතැයි විලච්චිය පොලිසිය පැවසීය.

 පහර කෑමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ විලච්චිය, ඇත්දල්කල්ල රාහුල විද්‍යාලයේ ගීතා රංගනී ෙµdන්සේකා (53) නැමැති අවිවාහක ගුරුවරියකි. මෙම ගුරුවරිය මේ වනවිට අනුරාධපුර ශීක්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

විලච්චිය සිද්ධාර්ථ විද්‍යාලයේදී පසුගිය 26 වන දින පාසල් කිහිපයක්‌ අතර පැවැති ක්‍රීඩා තරග අතර තුරදී සාලියමාලා පාසලේ ක්‍රීඩා ගුරුවරයකු විසින් මෙම ගුරුවරියට පහරදී ඇතැයි මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන විලච්චිය පොලිසිය කියයි.

 පහර කෑමට ලක්‌ව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ගීතා රංගනී ෙµdන්සේකා (53) මහත්මිය මෙසේ පැවසුවාය.

 විලච්චිය කොට්‌ඨාසයේ පාසල් දහයක දරුවන් සහභාගි වූ ක්‍රීඩා උත්සවයක්‌ විලච්චිය සිද්ධාර්ථ විද්‍යාලයේදී පසුගිය 26 වැනිදා පැවැත්වුණා. මමත් එම ක්‍රීඩා උත්සවයට සහභාගී වුණා. මමත් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා උත්සවයේ රාජකාරීවල නිරත වෙලයි හිටියේ.

 මට පහර දුන්න මේ ගුරුවරයා අපි ක්‍රීඩා පිටියේ රැඳී ඉන්නවාට කැමැත්තක්‌ දැක්‌ වුයේ නැහැ. ඔහු අපි කිහිප දෙනකුට ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙන්න කියලා නිතර බලපෑම් කළා. අපි ඊට එක`ග වුණේ නැහැ. පසුව එක පාරටම මේ පුද්ගලයා සියලු දෙනා ඉදිරියේදීම මට පහර දුන්නා.

 කනට එල්ල වූ පහරින් කන් කැක්‌කුම ඇති වුණා. කන් ඇහෙන්නේ නැතිව ගියා. පසුව මම මෙදිනම විලච්චිය රෝහලට ඇතුළත් වුණා. විලච්චිය රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට එවූ බවද ඇය පැවසුවාය.

 සිද්ධිය සම්බන්ධයෙන් අප විලච්චිය පොලිස්‌ ස්‌ථානාධිපති වසන්ත කුමාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගොස්‌ ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ යොදවා ඇති බවද පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැවසීය.
-Divaina

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29540,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගුරුවරියගේ කනට ගැසූ ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා
ගුරුවරියගේ කනට ගැසූ ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiunmV4Sug4XSi89Gc4xZI_wnjFxQMRaOirRA1ZMl0Sqg6-0i8GY2Qm2WNGDfPURpM8D51oIXJMTfuMCAsmi4k6DxZD2z2YKzPLFUgqJb14jGiB0z_eOsRFP6Zii3Xm9gV8liWp2goE5Vg/s320/lanka.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiunmV4Sug4XSi89Gc4xZI_wnjFxQMRaOirRA1ZMl0Sqg6-0i8GY2Qm2WNGDfPURpM8D51oIXJMTfuMCAsmi4k6DxZD2z2YKzPLFUgqJb14jGiB0z_eOsRFP6Zii3Xm9gV8liWp2goE5Vg/s72-c/lanka.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy