හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය 06 වනදා (බදාදා) අමෙරිකානු තානාපති කාර්යාලයට අයැදුම්පත්...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය 06 වනදා (බදාදා) අමෙරිකානු තානාපති කාර්යාලයට අයැදුම්පත්‍රයක් භාරදී තිබේ.
එසේ භාරදුන් අයැදුම්පත්‍රය අමෙරිකානු තානාපති කාර්යාලය මගින් වොෂින්ටනයේ පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිතය.
පසුගිය ජනවාරි මාසයේ අමෙරිකාවට ගොස් සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය මූලික ලේඛන සකස් කර ගෙන පැමිණ ජනවාරි 20 වනදා සතිඅන්ත පුවත්පතකට ‘‘දැන් පුරවැසිකම අදාළම නෑ.’’ යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ඒ අනුවයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ආගමන හා ජාතිකත්ව පනතේ 349/A5 වගන්තියට අනුව ස්වේච්ඡාවෙන් පුරවැසිභාවය අහෝසි කර ගන්නා ආකාරය එහි සඳහන් කර තිබේ.
පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර අයැදුම්පත්‍රය භාර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එය පිළිගැනීමෙන් පසු නිසි දිවුරුම් ප්‍රකාශයක් කොට ගුවන් ගමන් බලපත්‍රයද භාරදිය යුතුය.
පුරවැසිභාවය අහෝසි කර ගැනීමේ අයැදුම් පත්‍රය භාරදීමෙන් පසු එය ප්‍රතික්ෂේප වන්නේ අවස්ථාවන් 02ක දී පමණක් බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
සිහිකල්පනාවෙන් තොරව එම අයැදුම්පත භාරදීම හා කුඩා වියේ සිටින දරුවකු විසින් පුරවැසිබව ප්‍රතික්ෂේප කිරීමේ අයැදුම්පත භාරදීම එම අවස්ථා 02යි.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මෙම මස 26 වැනි දින සිට අප්‍රේල් 12 වැනිදා දක්වා වූ කාලය තුළ විදේශගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය 15 වනදා අවසර ලබාදුන්නේය.
ඒ අනුව ඇමෙරිකාවේ වෙසෙන තම පුතුගෙන්ද එරට සිටින සිය හිතවතුන්ගෙන්ද සමුගෙන නැවත අප්‍රේල් 12 වැනි දින යළි පැමිණීමෙන් පසු සෙසු ලිපිලේඛන තානාපති කාර්යාලයට භාරදීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇති අමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් දිවුරුමක් ලබාදී සිය සන්තකයේ ඇති ගුවන් ගමන් බලපත්‍රයද භාරදීමට නියමිතය.
කෙසේ වෙතත් පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර අයැදුම් පත්‍රයක් සකස් කර තානාපති කාර්යාලයට භාරදුන් පසුව එය නැවත අවලංගු කර ගැනීමට නොහැකි බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
COMMENTS