කවුරු කුමන නැටුම් නැටුවත් මට ඇත්තේ උදා ගම්මාන 20,000ක් සාදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. අම්පාර දිස්...
කවුරු කුමන නැටුම් නැටුවත් මට ඇත්තේ උදා ගම්මාන 20,000ක් සාදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ දමන ඉදිවූ 166 වැනි උදා ගම්මානය වන "සුනිලදියගම" ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙසේද පැවැසීය.
රටේ උදා ගම්මාන ඉදිවනවාද නැද්ද කියා තීන්දු කළ යුත්තේ රටේ ජනතාව වන ඔබයි. ඒ සඳහා ඉදිරියේදී ඔබේ අතට හැන්ද එනවා.අපට තනතුරු හෝ තානාන්තර පිළිබඳව ඉලක්ක නැහැ. අපගේ ඔළුවේ තිබෙන්නේ ඒ පිළිබඳව නොව පොදු ජනතා ඉලක්කයි. රටේ ජනතාවගේ පොදු ජන පැතුම, පොදු ජන අපේක්ෂාව, පොදු ජන බලාපොරොත්තුව අප හොඳින් හඳුනාගෙන තිබෙනවා. රටේ ජනතාව වන ඔබේ පැතුම කිසිවකුගේ වහලකු නොවී සමාජයේ කිසිවකු ළඟ වැඳ නොවැටී කිසිවකුගේ අතකොළුවක් නොවී උසස් ජන ජීවිතයක් ගත කිරීමයි.
රටේ උදා ගම්මාන ඉදිවනවාද නැද්ද කියා තීන්දු කළ යුත්තේ රටේ ජනතාව වන ඔබයි. ඒ සඳහා ඉදිරියේදී ඔබේ අතට හැන්ද එනවා.අපට තනතුරු හෝ තානාන්තර පිළිබඳව ඉලක්ක නැහැ. අපගේ ඔළුවේ තිබෙන්නේ ඒ පිළිබඳව නොව පොදු ජනතා ඉලක්කයි. රටේ ජනතාවගේ පොදු ජන පැතුම, පොදු ජන අපේක්ෂාව, පොදු ජන බලාපොරොත්තුව අප හොඳින් හඳුනාගෙන තිබෙනවා. රටේ ජනතාව වන ඔබේ පැතුම කිසිවකුගේ වහලකු නොවී සමාජයේ කිසිවකු ළඟ වැඳ නොවැටී කිසිවකුගේ අතකොළුවක් නොවී උසස් ජන ජීවිතයක් ගත කිරීමයි.
එවැනි ශක්තිමත් උසස් ජන ජීවිතයක් ගත කිරීමට නම් මෙරට සෑම පුද්ගලයකුටම තමන්ගේම කියා බිම් අඟලක් තිබිය යුතුයි. එම භූමියේ තමන්ගේම කියා නිවෙසක් තිබිය යුතුයි. එම නිවෙස තුළ සතුටින් ජීවත් වීමට හැකි විය යුතුයි. ඔබට ජන සමාජයේ ආඩම්බරයෙන්, නිදහස්ව හා නිවහල්ව සිටීමට හැකි විය යුතුයි. යහපාලනයේ අපේ පැතුම එවන් ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි. අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ පූර්ණ ශක්තිය හා ආශීර්වාදය තුළ එම යුගය ඔබට උදාකර දෙන්ට අප ඇප කැප වෙනවා.
මගේ නිවාස සංවර්ධන කටයුතු සඳහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශාල සවියක්, ශක්තියක් මට ලබාදෙනවා. ඔවුන් කිසිවිටක මගෙ කකුලෙන් අදින්නේ නැහැ. බාධා කරන්නේ නැහැ. මට රිසි සේ අද නිවාස සංවර්ධන කටයුතු සිදු කරන්නට ඔවුන් දෙපළ මට ශක්තිය ලබාදී තිබෙනවා. නමුත් පසුගිය පාලන සමයේදී ඇමැතිවරුන්ට සංවර්ධන කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන නිසි ලෙස වෙන් කළේ නැහැ.
එදා මුදල් ප්‍රතිපාදන වෙන් කළේ රජ පවුලේ සාමාජිකයන්ගේ පැවැත්මට පමණයි. නමුත් අද එලෙස සිදුවන්නේ නැහැ. පසුගිය පාලන කාලයේදී සිදුවුණේ රජ පවුල විසින් ඇමැතිවරුන් නැටවීමයි.රාජපක්ශලා මෙ රටට කරපු විනාශයට විදවලා මැරෙන්නේ කවදාහරි. අද එවැනි පාලනයක් යහපාලන රජය සතුව නැති බව මා සතුටින් කියනවා. අප අද පැහැදිලි ජාතික ඉලක්කයක් සහිතව අපේ සංවර්ධන ක්‍රියාත්මක කරමින් සිටිනවා. අප අද අපේ ඉලක්ක නොබියව ප්‍රකාශ කරනවා. නමුත් එදා එලෙසින් සිදු වුණේ නැහැ. පසුගිය කාලයේ මෙන් අද පවුල් පාලනයක් අප ක්‍රියාත්මක කරන්නේ නැහැ.
අද විරුද්ධවාදීන් අතර පවුල් පොරයක් නිර්මාණය වී තිබෙනවා. එක්කෙනෙක් කියනවා මම තමා ජනාධිපති. වෙන කෙනෙක් කියනවා නෑ නෑ මමයි. තව අයෙක් කියනවා ඒ දෙන්නම නෙවෙයි මමයි ජනාධිපති. වෙන කවුරුත් නෙවෙයි අම්මා තමයි. නෑ නෑ මාමා තමයි ජනාධිපති. එයා නෙවෙයි බාප්පා. තව අය හින්ට් ගහනවා. තව අය වහෙන් ඔරෝ පවසනවා. මහා විහිළුවක් වෙලා. ජනතා සේවය මෙයද? මේ නාඩගම් බලන්න රටේ ජනතාවට අවශ්‍ය නැහැ. මේ අය මේ නැටුම් නටන විට සජිත් ප්‍රේමදාස ගෙවල් හද හදා රට වටේ යනවා. දේශපාලනයේ ඉදිරියට යන්නට නම් හැකියාව හා දක්ෂතාව තිබිය යුතුයි. කයිවාරු නොව වැඩ පෙන්විය යුතුයි. කවුරු කුමන නැටුම් නැටුවත් මට තියෙන්නේ එකම නැටුමයි. ඒ රටේ උදා ගම්මාන 20,000ක් සාදා ජනතාව ළඟට ගොස් පූජා කිරීමේ නැටුමයි. කවුරු බාධා කළත් එම නැටුමෙන් තමන් අනිවාර්යෙන්ම දිනනවා.
උපුටාගැනිම-ලංකාලෝකය.
COMMENTS