හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ විපක්ෂයේ සන්ධානයකින් ඉදිරිපත් වුවහොත් ඊට එරෙ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ විපක්ෂයේ සන්ධානයකින් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සන්ධානයක් ගොඩ නැංවීමට සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සමග සාකච්ඡාවක් ද ආරම්භ වී ඇත. දැනටම ආණ්ඩුව පක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද ඊට අයත් බව සදහන්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දැක්වීම මෙම දේශපාලන සන්ධානයේ අරමුණ වී ඇති බව වාර්තා වේ. දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇත.
– සරත් රණසිංහ

COMMENTS