දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධුෂ් හසුවීම - FEB 16 Morning Updates
Homeගොසිප්

මධුෂ් හසුවීම - FEB 16 Morning Updates

PropellerAds

මදුෂ් සමග සබඳතා පැවැත්වූ බන්ධනාගාර හා පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ මාකඳුරේ මදුෂ් ඇතුළු පාතාල කල්ලි නායකයන් හා සාමාජිකයන් සමග විවිධාකාර ගන...

මදුෂ් සමග සබඳතා පැවැත්වූ බන්ධනාගාර හා පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ

මාකඳුරේ මදුෂ් ඇතුළු පාතාල කල්ලි නායකයන් හා සාමාජිකයන් සමග විවිධාකාර ගනුදෙනු පැවැත්වූ බව කියන විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන් දහතුන් දෙනකු හා බන්ධනාගාර නිලධාරීන් විසි දෙනකු පිළිබඳව
විමර්ශන පවත්වන බව රහස් පොලිස් ආරංචි මාර්ග වාර්තා කර ඇත.මධුෂ්ගේ ඩුබායි සාදයට ද පොලිස් නිලධාරින් දෙදෙනකු සම්බන්ධ වී ඇත.
ඒ අය පැවැත්වූ සබඳතාවලට අදාළ දුරකථන සංවාද කිහිපයක්ද හමුව ඇත.


මදුෂ් ගැන විස්තර ලංකාවට එන්නේ පොලිසිය හරහා නොවේ

 ඩුබායි පොලිසිය අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් පිළිබඳ මෙරට මාධ්‍යවලට මෙන්ම රටේ ජනතාවට තොරතුරු ලබා දෙන්නේ එම සැකකරුවන් පිරිස වෙනුවෙන් නීති ආධාර ලබා දීමට එහි ගොස්‌ සිටින

නීතිඥයන් හා ලංකාවේ සිට විවිධ රැකියා සඳහා ඩුබායි ගොස් සිටින අයගෙන් බවත් මේ වනතුරු කිසිදු නිල පොලිස් නිලධාරියෙකු ඒ සඳහා අනුයුක්ත කර නැතැයිද වාර්තාවේ.
ඒ හේතුවෙන් ඇතැම් කරුණුවල පරස්පරතා මෙන්ම සාවද්‍ය කරුනු වාර්තාවීම් ඉහළ යාම්ද වාර්තාවී තිබේ. මෙම තොරතුරු අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින අය ලබාදීමද ගැටලුකාරී තත්වයක් ළුී ඇති අතර ඒ නිසා අවාසි කරුනු වාර්තා නොවන තත්වයක් නිර්මාණය ළුී ඇති බවද පැවසේ.


මධුෂ් ඇතුළු සැකකරුවන් ගැන නිල වාර්තාවක්

සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා සම්බන්ධයෙන් නිල වාර්තාවක් අන්තර්ජාතික පොලිසිය හරාහා මෙරටට එවා ඇති බවට ආරංචි පවතී.
ඉකුත් 13 වැනි දින මෙම නිල වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටි මෙරට අන්තර්ජාතික පොලිසියේ ශාඛාව වෙත එවීමට ඩුබායි රාජ්‍යය කටයුතු කර ඇති බවත් වාර්තා විය.
නම් ලැයිස්තුවේ සදහන් පුද්ගලයන් 31 දෙනා සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ වාර්තාවක්

නැවත ඩුබායි රාජ්‍යයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.


නිල පොලිස් කණ්ඩායමක් ඩුබායි යවන සූදානමක්

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා පොලිස්‌ නිලධාරින් කන්ඩායමක් එරටට පිටත් කර යැවීමේ සූදානමක් ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
 මේ සම්බන්ධයෙන් පොලිස්‌ මූලස්‌ථානයේ උසස්‌ නිලධාරියකු දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට අතිශය වැදගත්කමක්‌ ඇති මෙම අපරාධකරු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඩුබායි වෙත යෑවිය යුතුව තිබූනේ මින් පෙර බවයි.
මෙම අපරාධකරුවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීම තවමත් අවිධිමත් තත්වයේ පසුවීම මත මෙම කණ්ඩායම පිටත් කර යැවීම අත්‍යවශ්‍ය වී තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධුෂ් හසුවීම - FEB 16 Morning Updates
මධුෂ් හසුවීම - FEB 16 Morning Updates
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmzL4I5KasuYm8gZO_k1_dNLo0AZxSufmO1ZNjD5WmOI9wJ2hCopsFXwfH6_9HnIZq0ET6r-EK4myXdjUk1PUOWRYYeXoz2cFzZKPyD5vkLT2zx17eoqn8v9X0m9Rlyuez7Oq_m8VzLFk/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmzL4I5KasuYm8gZO_k1_dNLo0AZxSufmO1ZNjD5WmOI9wJ2hCopsFXwfH6_9HnIZq0ET6r-EK4myXdjUk1PUOWRYYeXoz2cFzZKPyD5vkLT2zx17eoqn8v9X0m9Rlyuez7Oq_m8VzLFk/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/feb-16-morning-updates.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/feb-16-morning-updates.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy