දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනියම් සැමියා නිවසට ගේන්න තෙනුරි දැරිය මරා ඔයට දැමූ අම්මා
Homeගොසිප්

අනියම් සැමියා නිවසට ගේන්න තෙනුරි දැරිය මරා ඔයට දැමූ අම්මා

PropellerAds

පු ත්තලම කලුවරගස්වැව ප්‍රදේශයේ වයස 4 ක් වූ තෙනුරි තිසාරා නමැති දැරියක අතුරුදන් බවට පැවති ආරංචිය මත පසුගිය දින 5 ක් තිස්සේ පැවති ආන්දෝලනය වි...

ඩිලානිගෙ දුව කවීෂාගේ උපන්දිනය ඇමරිකාවෙදි සැමරූ හැටි (video)
මියුසික් වීඩියෝවට ගයාත්‍රීගෙ තට්ටෙ පෑදු හැටි හෙළිවේ
TNL TV Osanda & Kanchana's Wedding
පුත්තලම කලුවරගස්වැව ප්‍රදේශයේ වයස 4 ක් වූ තෙනුරි තිසාරා නමැති දැරියක අතුරුදන් බවට පැවති ආරංචිය මත පසුගිය දින 5 ක් තිස්සේ පැවති ආන්දෝලනය විමතියක් බවට පත් කරමින් දැරියගේ 21 හැවිරිදි මව ඊයේ ප්‍රකාශ කර තිබුනේ තමන් දැරිය ඝාතනය කර ඔයට විසිකළ බවයි.
ඒ අනුව දැරියගේ මව වන එච්.එම්. නයනා කුමාරි නමැත්තිය අද (4) අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවමත් සොයාගන්නට බැරිවූ දැරියගේ සිරුර
සෙවීමේ සෝදිසි මෙහෙයුම් කලා ඔය පීරමින් නැවතත් අරඹා තිබෙනවා.
පසුගියදා 30 වැනිදා සිට අතුරුදන්ව සිටින සාලියවැව නීලබැම්ම ව්‍යාපාරයේ ඔලිමඩුව ගම්මානයේ පදිංචිව සිටි සිවු හැවිරිදි ඩබ්ලිව්.පී. තෙනුරි තිසාරා පෙර පාසල් යමින් සිටි දැරියකි.
දැරිය සිටි නිවසේ ඇගේ මවත් මිත්තනියත් මිත්තණියගේ දෙවැනි කසාදයේ සැමියාත් වාසය කරමින් සිට තිබිණි.
සැකකාර මව පොලිසියට පවසා තිබෙන්නේ පසුගිය 30 වැනිදා දියණිය පෙර පාසල් යෑම සඳහා සූදානම් කරමින් සිටින විට ඇති වූ කෝපය නිසා දියණියට පයින් පහර එල්ල කළ බවත් එම අවස්ථාවේ දියණිය සිහිමූර්ඡා වන්නට ඇතැයි විශ්වාස කර ඇයගේ මුහුණට වතුර ඉසුවත් පලක් නොවූ තැන දැරිය ඔසවාගෙන ගොස් කලා ඔයට විසිකර දැමූ බවත්ය.
ඝාතනය වූ තම පියාගේ සිරුර කලා ඔයට දමා ඇත්තේද මෙම ස්ථානයෙන් බවට සැක කර තිබූ බවත් එම සිරුර මෙතෙක් හමු නොවීම නිසා දියණියගේ සිරුරද සොයා ගැනීමට නොහැකි වන්නේ යැයි තමා අනුමාන කළ බවද ඇය පොලිසියට

පවසා තිබේ.
දේවාරූඪ මිත්‍යා විශ්වාස වල දැඩි ලෙස එල්බ සිටින ඇය මියගිය තම පියා දරුවා තමා වෙත එවන්නැයි සිහිනෙන් කියා තිබූ කතාවක්ද පවසා තිබේ.
දැරිය ඔයට විසි කර දැමීමෙන් පසු නිවෙසට පැමිණ නැවතත් ව්‍යාජ ආරූඪයක් මවාගෙන සොහොන් පිටියට දිවගිය බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත. එසේ ආරූඪයෙන් දිව ගිහින් ඒ යන අතරමඟ සිටි පුද්ගලයන් සම්බන්ධයෙන්ද ඇය පොලිසියට තොරතුරු ප්‍රකාශ කොට ඇත.
ඝාතනයවූ දැරියගේ මව වන සැකකාරියව වයස අවුරුදු 14දී පමණ ප්‍රදේශයේ අයකු විසින් දූෂණය කර ඇත. ඉන් අනතුරුව ඇය තවත් පුරුෂයන් 15 දෙනකු පමණ ඇසුරු කර ඇති බවත් දැරියගේ පියා ඉන් එක් අයකු බවත් අනාවරණය වී ඇත.
සැකකාර කාන්තාවගේ පියාද මීට වසර කීපයකට පෙර අතුරුදන්වී ඇති බවත් ඔහුව ඝාතනය කර කලා ඔයට දමා ඇති බව පසුව හෙළි වී ඇත. සැකකාරියගේ මව වර්තමානයේ ජීවත් වන්නේ පියා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර දැනට ඇප මත මුදා හැර ඇති අයකු සමඟය.
එමෙන්ම මෙම කාන්තාව තමන් මුලින්ම දූෂණය කළ බව කියන එක් අයකු සමඟ නැවත ජීවත් වීමට කැමැත්තක් ඇති බවත් එයට දියණිය සහ මවගේ දෙවැනි සැමියා බාධාවක් බැවින් මෙලෙස මරාදමන්නට ඇති බවට සැක බවටද අසල්වැසියන් මත පළ කර තිබේ.
 මවගේ දෙවැනි සැමියාව නිවෙසින් පලවා හැරීමේ අදහසින් තමන් පියා ආරූඪ වූ බවත් ව්‍යාජ ලෙස පෙන්වන්නට නිරතුරුව ඇය උත්සාහ කළ බවද පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
දැරියගේ මිත්තණිය වන ටී. නිලූකා විජේරත්න යන අය කියා සිටියේ සිද්ධිය වනවිට තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා කලා ඔයෙන් ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා ගොස් සිටි බවත්, එවිට 'සීයේ.. ආච්චියේ' කියා දැරිය කෑගසන ශබ්දයක් ඇසුණු බවත්ය. ඉන් අනතුරුව ඇය සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බවත්ය.
 එමෙන්ම තම දියණිය වන අතුරුදන් වී ඇති දැරියගේ මවට කිසියම් අයකු ආරූඪ වන බවත් එවිට 'මගේ මිනිපිරි මට ගෙනත් දියන්' යනුවෙන් කෑගසන බවත්ය. දියණියට ආරූඪ වන්නේ මියගොස් ඇති තම සැමියා බවට විශ්වාස කරන්නේ යැයිද ඇය පොලිසිය හමුවේ කියා සිටියාය. සිද්ධිය වූ දින නිවෙසට පැමිණ බලන විට දියණිය හෝ මිනිපිරිය පෙනෙන්නට නොසිටි බවත් පැය 1/2කට පමණ පසුව දියණිය පමණක් ගමේ සොහොන් පිටියේ සිට හමු වූ නමුත්

මිනිපිරිය එහි නොසිටි බවත් ඇය කියා තිබුණි.
දැරිය මරාදැමූ නයනා කුමාරි (21) සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදුවන මුල් අවස්ථාවේ කියා සිටියේ දියණිය සහ තමන් නිවෙසේ සිටි බව මතක ඇති නමුත් ඉන් ඔබ්බට කිසිවක් නොදන්නා බවකි. කෙසේ වෙතත් ගම්මුන් දැරිය ගැන සෝදිසි කරමින් සිටි අතර ඇය කැලේට යන්න ඇතිය.. ඇය ඔයට වැටෙන්න ඇතිය ආදී ලෙස විවිධ කතා ඇය පවසා තිබූ අතර මේ නිසා දැරියගේ අතුරුදන්වීම පසුපස මව සිටින බවට ගම්මුන්ට මෙන්ම පොලිසියට සැක ඇති විය.
දැරිය සිද්ධියට පෙර දින අවසන්වරට පෙර පාසැලට පැමිණි බව එහි පාලිකාව දන්වා සිටි අතර පාලිකාව පැවසුවේ පෙර දිනයේ කිසිදු ගැටලුවකින් තොරව ඇය සතුටින් සිටි බවයි. කෙසේ වෙතත් මින් ඉහත ටික කලකට පෙර දැරියට මව විසින් වේවැලකින් පහරදී පිටේ තුවාල තිබූ බවත් ඒ ගැන පෙර පාසලේදී හසුවීමෙන් පසු පොලිසියට දන්වා දැරිය ටික කලක් පරිවාස ගත කර තිබූ සිද්ධියක් තිබෙන බවත් ඇය හෙළි කර සිටියාය.

පසුගිය 30 වැනිදා පෙරවරු 7.30 සිට දැරිය අතුරුදන් වී ඇති බව සැලකිරීමෙන් පසු ඇය සෙවීමේ මෙහෙයුම් දින 05ක් පුරා ක්‍රියාත්මක විය.
නිවෙසට මීටර් තුන්සියයක් පමණ දුරින් පිහිටි කලාඔයෙත්, නීලබැම්ම හා විල්පත්තු රක්ෂිතය තුළත්, සැක සහිත ප්‍රදේශවලත් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබූයේ නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය, සිවිල් ආරක්ෂක බළකාය, පොලිසිය, සහ ගම්වාසින් එක්වය. නමුත් ඇයගේ සිරුර මෙතෙක් හමුවී නැත. හය වැනි දිනටත් ඇය සෙවීමේ මෙහෙයුම් අද(04දා) පෙරවරුවේ ක්‍රියාත්මක කර තිබුණ අතර පොලිස් නිල සුනඛයා යොදා කළ පරීක්ෂණයේදී ඌ ඔය අසළට ගොස් නවතින අයුරු නිරීක්ෂණය වී තිබුණි.

සැකකාරිය පදිංචි නිවෙස අවට පදිංචිකරුවන් පිරිසකගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබා ගෙන ඇත.
දැරිවිය කෑගසන අවස්ථාවේ තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කරමින් සිටි බව මිත්තණිය ප්‍රකාශ කර ඇතත් එයද මුසාවක් විය හැකි බවත් ඒ වනවිට ඔවුන් කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි බව පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත. දැරියගේ ඝාතනයට ඇයගේ මිත්තණිය කිසියම් ආකාරයකට අනුබල දී ඇද්ද යන්න සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු වී ඇත.අයහපත් සබඳතා රාශියක් පැවැත්වූ කාන්තාවකවූ දැරියගේ මව තම විවාහයට බාදාවක් නිසා දැරිය මරාදමන්නට ඇතැයි විහ්වාස කෙරේ. ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාලියවැව පොලිසියට භාර දීමට කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත.
 පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි චන්ද්‍රරත්න ජයකොඩි මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.








Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනියම් සැමියා නිවසට ගේන්න තෙනුරි දැරිය මරා ඔයට දැමූ අම්මා
අනියම් සැමියා නිවසට ගේන්න තෙනුරි දැරිය මරා ඔයට දැමූ අම්මා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgycejslXcZqmImEfeY6IVSFJIBRMwk-FLlejB8NNKDgK3US0jq2ThvlMFZWFx9Mc2McIP_D5CuHXbRSEyyredcNHZ8RHd7fZtga0dk-vllvjAJHc-lnACSbMMNdOeW-c3frFCuxYWuC_c/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgycejslXcZqmImEfeY6IVSFJIBRMwk-FLlejB8NNKDgK3US0jq2ThvlMFZWFx9Mc2McIP_D5CuHXbRSEyyredcNHZ8RHd7fZtga0dk-vllvjAJHc-lnACSbMMNdOeW-c3frFCuxYWuC_c/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_752.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_752.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy