දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෙම්වතිය යොදවා ලිංගික කප්පම් ගන්න හැදූ මාධ්‍ය ආයතන මාර්කටින් එක්සෙකටිව් හසුවේ
Homeගොසිප්

පෙම්වතිය යොදවා ලිංගික කප්පම් ගන්න හැදූ මාධ්‍ය ආයතන මාර්කටින් එක්සෙකටිව් හසුවේ

PropellerAds

සි ය පෙම්වතිය යොදාගනිමින් මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලු බව කියන මාධ්‍ය ආයතනයක අලෙවි විධායකයෙක...

නව ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු
බර්ලිනයේ එළිදුටු ශ්‍රී ලංකා සංස්කෘතිය
Sumanadasa Abeygunawardane's 65th Birthday
සිය පෙම්වතිය යොදාගනිමින් මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලු බව කියන මාධ්‍ය ආයතනයක අලෙවි විධායකයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මාධ්‍ය ආයතන අලෙවි විධායකයාගේ පෙම්වතිය අදාළ ව්‍යාපාරිකයාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස
කටයුතු කර තිබෙන අතර එම කාන්තාව සමග මම  ව්‍යාපාරිකයා ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයේ සිටියදී ගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ව්‍යාපාරිකයාගේ බිරිදට ලබා දෙන බව පවසමින් මෙම සැකකාර අලෙවි විධායකවරයා රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලා ඇතැයි වාර්තා විය.
කප්පම් මුදල වෙනුවෙන් මුල් අවස්ථාවේදි රුපියල් ලක්ෂ 60ක් ලබා දිමට එකග වී ඇති මෙම කෝටිපති ව්‍යාපාරිකයා මේ පිළිබදව කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමෙන් පසු පරික්ෂණ ආරම්භ කර ඇති එම කොට්ඨාසය

ලබාදුන් උපදෙස් අනුව රුපියල් ලක්ෂ හැටකට අදාළ මුදල් සහිත අනුරූ බෑගයක් සකස් කර කප්පම් මුදල් ලබාදිමට සූදානම්ව ඇත.
එම අවස්ථාවේ කප්පම් ඉල්ලන අලෙවි විධායකයා කප්පම  බාරගන්නට තැන් කියමින් වරින්වර රස්තියාදු කර ඇති අතර අවසානයේ දන්වා ඇත්තේ වෙනත් කිසිවෙකුට නොව පුද්ගලික ලේකම්වරියටම දෙන ලෙසත් ඇයගෙන් තමාට ඉල්ලා ගත හැකි බවත්ය.
බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේදී  අදාළ කප්පම් මුදල් ලබා දෙන අවස්ථාවේදි  පෞද්ගලික ලේකම්වරිය ඉකුත් 25 වැනිදා  අත්අඩංගුවට ගනු
ලැබ තිබේ. ඇයගෙන් පසුව පොලිසිය සිදු කළ විමසීම් වලදී කප්පම් ඉල්ලූ පුද්ගලයා ගැන සියලු විස්තර හෙළිකරගත හැකිව ඇත.
වසර 15කට ආසන්න කාලයක් සැකකාර අලෙවි විධායකයා සේවය කළ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කර තිබූ තිස් පස් හැවිරිදි එක්දරු මවක වූ මෙම පුද්ගලික ලේකම්වරිය විවාහවූ පසුවත් අලෙවි විධායකයා පෙම්වතෙකු ලෙස තබාගෙන අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තැනැත්තියකි.පසුව එම මාධ්‍ය ආයතනයෙන් ඉවත්වී පැමිණිලිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස සේවයට බැඳී ඇත.

කාලයක් යද්දී ඇය ව්‍යාපාරිකයා සමග අනියම් ඇසුරක් ගොඩනැගීම සඳහා පෙලැඹවීම් ඇති කර තිබේ. අපිට මෙහෙදි එකතුවෙන්න බෑ වෙන තැනකට යමු යයි යෝජනා කර ඇත්තේ ඇයයි. ඇය එසේ සිදු කර ඇත්තේ ඇගේ පෙම්වතාගේ උපදෙස් පරිදිය.
සැකකාරිය පැමිණිලිකාර කෝටිපති ව්‍යාපාරිකයා සමග

ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයෙන් ලැගුම්හලක් වත යාම සඳහා පිටතට එන්නේ මෙම සංවාදයෙන් පසුවය.

තමා කෝටිපතියා දැලේ දාගත් බවත් දැන් එන්න යනුවෙනුත් ඇය වරින්වර පෙම්වතාට එස්එම්එස් පණිවිඩ යවා ඇත. එම අවස්ථාවේ ලැගුම් හලේදී පෙම්වතිය හා ව්‍යාපාරිකයා එකට තබා ඡායාරූප ගන්නට සැලසුමක් තිබී ඇත. කෙසේ වෙතත් වාහනය මගහැරීමේ සිදුවීමක් නිසා එය ප්‍රමාද වී ඇති අතර පෙම්වතාට ලැගුම් හළ සොයාගෙන ඒ වෙත එන්නට ප්‍රමාදවී තිබේ.  පුද්ගලික ලේකම්වරිය ව්‍යාපාරිකයා සමග කායික සබඳතා පවත්වන අතර වයාපාරිකයාගෙන් ලැගුම්හලේ නම විමසා ජංගම දුරකතනය රහසේ සඟවාගෙන නාන කාමරයට ගොස්  එස්.එම්.එස්. පණිවුඩයක් මගින් ඔවුන් සිටිනා තැන පෙම්වතාට යොමු කර තිබේ. කෙසේ වෙතත් පෙම්වතා එතැනට එනවිට ව්‍යාපාරිකයා හා පුද්ගලික ලේකම්වරිය කායික සබඳතා පවත්වා අවසන්ය.

ඇය ඔහු සමග අත්වැල් අල්ලා පිටතට එද්දීම සැකකරු ඔහුගේ මෝටර් රථයෙන් ලැගුම්හළ වෙත පැමිණ වීඩියෝ හා ඡායාරූප ලබාගෙන ඇත. පසුව සැකකරු එම වීඩියෝ දර්ශන ඔහුගේ භාර්යාවට පෙන්වන බවට ව්‍යාපාරිකයාට දුරකථන මගින් තර්ජන කර තිබේ.කප්පම් සිද්ධිය මතුවූයේ මෙම පසුබිම යටතේය.

පුද්ගලික ලේකම්වරියගේ විවාහය කඩාකප්පල්වී දරුවෙකු සමග තනිවී සිටින තැනැත්තියක වන අතර ඇය පෙම්වතාගේ කීමට මේ දේවල් කළ බව පොලිසියේදී පාපොච්චාරණය කර තිබේ. මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා තෙක් ඇය රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත
ටික දිනක් සැඟවී සිටි මාධ්‍ය ආයතනයේ අලෙවි විධායකයා ඊයේ අත්අඩංගුවට ගත් අතර සැකකරු අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

තොරතුරු - නිමන්ති රණසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙම්වතිය යොදවා ලිංගික කප්පම් ගන්න හැදූ මාධ්‍ය ආයතන මාර්කටින් එක්සෙකටිව් හසුවේ
පෙම්වතිය යොදවා ලිංගික කප්පම් ගන්න හැදූ මාධ්‍ය ආයතන මාර්කටින් එක්සෙකටිව් හසුවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdTSTWlxD1_ZcQlTQ0kX2Brqyv5xdthq4C4ZapHSBjLeEFwov3haUvCyl8UQN9MCpvpCflIHwbvNibw7KJui6ele-hSCTGFa4LkqFRVJhXNzi-jXBbdhROgyr1BsUTq91r8oNUF3avWvg/s1600/gossiplanka_2019-02-02-1558.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdTSTWlxD1_ZcQlTQ0kX2Brqyv5xdthq4C4ZapHSBjLeEFwov3haUvCyl8UQN9MCpvpCflIHwbvNibw7KJui6ele-hSCTGFa4LkqFRVJhXNzi-jXBbdhROgyr1BsUTq91r8oNUF3avWvg/s72-c/gossiplanka_2019-02-02-1558.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy