දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නුගේගොඩ චැපල් පාරේ නිවෙසක මෙහෙකාරිය මැරූ ත්‍රිත්ව ඝාතකයා අසල්වැසියන් අල්ලලා
Homeගොසිප්

නුගේගොඩ චැපල් පාරේ නිවෙසක මෙහෙකාරිය මැරූ ත්‍රිත්ව ඝාතකයා අසල්වැසියන් අල්ලලා

PropellerAds

නු ගේගොඩ චැපල් පාරේ අතුරු මාර්ගයක් වන පැලවත්ත පාර ප්‍රදේශයේදී (03) වැනිදා පස්වරුවේ නිවෙසක් තුළදී තියුණු ආයුධයකින් ඇන මෙහෙකාරිය ඝාතනය කර නිව...

සැඟවී සිටින ඥානසාර හිමි දිවයින පත්තරේට එවු ලිපිය
Sri Lankan සමාගම නැවත එමිරේට්ස් වෙත
(පරණ සීන්) සුසන්තිකාගේ ආච්චිට හාල්ගරන කතාව (video)
නුගේගොඩ චැපල් පාරේ අතුරු මාර්ගයක් වන පැලවත්ත පාර ප්‍රදේශයේදී (03) වැනිදා පස්වරුවේ නිවෙසක් තුළදී තියුණු ආයුධයකින් ඇන මෙහෙකාරිය ඝාතනය කර නිවෙසේ හිමිකාරී වන ගුරුවරියට එම ආයුධයෙන් පහරදී බරපතළ තුවාල කර පලා යෑමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව
අත්අඩංගුවට ගත් පුද්ගලයකු සතියකට ඉහතදී කළ මනුෂ්‍ය ඝාතන දෙකකද ප්‍රධාන සැකකරු බවට හෙළිව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
      
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ නොම්බර 80 ඒ කෙන්ගහවිල, දාම්පේ,

මීගොඩ ලිපිනයේ නිවසේ හිමිකාරිය වන  69 හැවිරිදි සෝමාවතී ප්‍රනාන්දු නැමැති කාන්තාවක් බවත්ආනන්ද බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් වන ශිරෝමා විතානගේ (43) සිද්ධියෙන් බරපතළ තුවාල ලැබීම හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය කියයි.

මෙම ඝාතනය සඳහා යොදාගත් රම්බෝ වර්ගයේ පිහි‍යක්, නවින වර්ගයේ යතුරුපැදියක්, ජංගම දුරකථනයක් සහ හිස් වැසුම් සහිත සීත කබා වැනි ඇඳුම් කිහිපයක්, නවීන පන්නයේ අත්ඔරලෝසුවක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ

 තුවාල ලැබූ ගුරුවරිය සැකකරුගේ මවගේ යෙහෙළියක් බවත් දින තුනක් වැනි කාලයක් මෙම නිවසේ නතර වී සිටී බවත් කාන්තාවන් දෙදෙනා මරා පුලුස්සා දමා රහසිගතව නිවසේ රැදී සිටීමට උත්සාහ කළ බවත් මීට ඉහතදී තමන්ට නිධානයකින් හමු වූ රත්රන් කිලෝවක් බෙදා ගැනීමේදී වූ අසාධාරණයක් හේතුවෙන් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී හමුදාවේ සේවය කළ අයකු ඝාතනය කර ලී මඩුවක් තුළට දමා පුලුස්සා දැමීම කළ බවත් තමන්ගේ හොඳම මිතුරාගේ සහ හැඩරුව තමන්ට සමාන බැවින් ඔහු ලෙස පෙනී සිටීමට උත්සාහ කළ නිසාවෙන් රනාල ලැගුම්හලේදී ඔහුව ඝාතනය කළ බවත් පාපෝච්චාරණය කර ඇතැයි පොලිසිය පැවැසීය.

ඉකුත් 24 වැනිදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ ලී මෝලක් තුළ පිලිස්සෙමින් තිබියදී සොයාගත් මහරගම නාවින්න ජනතා මාවතේ පදිංචි යුද හමුදා සෙබළෙක් වන ජයතිස්ස රත්නායක (51)

සහ නවගමුව රනාල ප්‍රදේශයේ ලැගුම්හලක නාන කාමරයක් තුළ පිලිසෙමින් තිබූ කොළඹ - 05, තිඹිරිගස්යාය පාර ප්‍රදේශයේ පදිංචි ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් මෙන්ම මෝස්තර නිර්මාණ ශිල්පියකු (25) ඝාතනය කර ඇත්තේ මෙම සැකකරු බව මූලික පරීක්ෂණවලදී හෙළිවූ බවද පොලිසිය පැවැසීය.

නවගමුව ලැගුම්හලේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ රියැදුරු බලපත්‍රයද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවත් පොලිසිය පවසයි.

මෙම ඝාතන දෙකම කළ සැකකරු ප්‍රදේශයේ තම මවගේ යෙහෙළියක් වන තුවාල ලැබූ ගුරුවරියගේ නිවසේ සැඟව සිට ජපානයට පලා යෑමට සැලසුම් කර ඇති බවත් පොලිසිය විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. සැකකරු මෙහෙකාරියට පිහි පහර එල්ලකර ගුරුවරියට පිහියෙන් පහර දීමට උත්සාහ කිරීමේදී ගුරුවරීය නිවෙසින් පිටතට පැමිණ අසල්වාසීන්ගේ ආධාර ඉල්ලා කෑගසා ඇත. යාබද නිවසේ අය  එම ස්ථානයට පැමිණීමෙන් සැකකරු එම ස්ථානයෙන් පලා යන අවස්ථාවේ ප්‍රදේශවාසීන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමත් සමඟ සැකකරු පසුපස හඹා ගොස් තිබේ.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට නිවෙසක වහලයක සැඟව සිටී සැකකරු පොලිස් නිලධාරීන් දැක එම ස්ථානයෙන් පැන ගොස් ගසකට නැඟ සැඟව සිටියදී පැය දෙකක වැනි කාලයක් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසීය. මරණය වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ ගංගොඩවිල අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය කළ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.


-නිඳුවර අබේසිංහ-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නුගේගොඩ චැපල් පාරේ නිවෙසක මෙහෙකාරිය මැරූ ත්‍රිත්ව ඝාතකයා අසල්වැසියන් අල්ලලා
නුගේගොඩ චැපල් පාරේ නිවෙසක මෙහෙකාරිය මැරූ ත්‍රිත්ව ඝාතකයා අසල්වැසියන් අල්ලලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqYWsHUno6eSu98JDggm6CbUl7scBpqWqEeE7ijjXM0de8LqB1JDiPEofvdXtOlf9VUrs-ttyCG8bdKDanuP9b_I-vr800GIW_XPkXrxH9lTEbpmxFzVJ7PSYUfOLLijRaM6Fvk_arC-o/s1600/nf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqYWsHUno6eSu98JDggm6CbUl7scBpqWqEeE7ijjXM0de8LqB1JDiPEofvdXtOlf9VUrs-ttyCG8bdKDanuP9b_I-vr800GIW_XPkXrxH9lTEbpmxFzVJ7PSYUfOLLijRaM6Fvk_arC-o/s72-c/nf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_361.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_361.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy