දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නිරෝෂන් මාකදුර ගමේදී මධුෂ් ගැන කතා කරයි

“සාම්ප්‍රදායික දේශපාලනඥයන් වගේ මම කුඩුකාරයන් හදන්නවත් පාතාලය හදන්නවත් ,මිනිමරුවත් හදන්න මට ඕන නැහැ.මට පුළුවන් වුණොත් මනුස්සකම පිරුණූ මිනිස...

නිරෝෂන් මාකදුර ගමේදී මධුෂ් ගැන කතා කරයි

“සාම්ප්‍රදායික දේශපාලනඥයන් වගේ මම කුඩුකාරයන් හදන්නවත් පාතාලය හදන්නවත් ,මිනිමරුවත් හදන්න මට ඕන නැහැ.මට පුළුවන් වුණොත් මනුස්සකම පිරුණූ මිනිසුන් ටිකක් යවන්න මම උත්සාහ ගන්නවා හදවතින්ම.මධුෂ් වගේම මගේ යාළුවන්ගේ හැම ගෙදරකට මම යනවා. මේ හැම දෙනාම මගේ යාළුවන් ඒ නිසා මම මධුෂ් ඉස්කෝලේ ගියේ මට වඩා අවුරුදු හතරකට කලින් මගේ ගම්වල සහෝදර සහෝදරයින් අවේ මේ ගමට .ඒ කාලේ හිටපු අයත් හිටියා නොසිටි අයත් හිටියා.ඒ සැමෝම මට එක විධියට ආදාරය කළා.හැමෝගේම ගෙවල්වලට මම හැමදේකට යනවා.මට මධුෂ් ගමන් දෙකක දී තමයි හමු වුණේ.එකවාරය දී ඉස්කෝලේ දී දැක්කා. පස්සේ 2007  අවුරුද්දේ දී කඹුරුපිටියේ දී දැක්කාය.ඒ අවස්ථා දෙකේ දී හැම මගේ ජිවිතයේ කිසිදාක හමුවෙලා නැහැ.හමු වෙන්න උවමනාවත් ඇති වෙලාත් නැහැ.ආසාවක් තිබිලත් නැහැ වැඩක් තිබිලත් නැහැ.කඹුරුපිටිය ,මාතර මිනිසුන් දන්නවා මම ඇසුරු කරන්නේ කවුද කියලා දන්නවා. ජිවත් වෙන්නේ කොයි විදියට ද ඒ හැඩය මොකක් ද ප්‍රමාණය මොකක් ද  කියලා දන්නවා." යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්තන මහතා පැවැසි ය.

මන්ත්‍රිවරයා මේ අදහස් පැවැසුවේ මාතර, මාකදුරේ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මම බැංකුයෙන් ණය ගත්තේ කෝටි තුනයි නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් කියන්නේ කෝට් අටක් ගැන තමයි මෙයා කියන්නේ . හැබැයි  කෝටි අටක ලෝන් එකක් ගැන මම කිවේ නැහැ එහෙම එකක් මේවා සියල්ල කරන්නේ ජනතාව විමුක්ති පෙරමුණ. මේ මඩ ව්‍යපාරයක් වෙලා තියෙන්නේ.ඉඩමේ පර්චස් එකක් මිලියන 1.8 බවත් එහි පර්චස් 40යි.ඉඩම ,ගොඩනැගිල්ල ගත්තේ මෙහෙම කියලා හැදුවේ මේ අයනේ.මම ජනතා විමුක්ති පෙරමුණේ මහත්වරුන්ට මම කියනනේ දැන මුහුණු පොතේ යන දේවල් අලුත් කර ගන්න කියලා. මොක ද මම ණය ගත්තේ කෝටි තුනයි.මේ නිසා අයේ මෙය වෙනස් කරලා කෝට් තුනට ගහන්න පටන් ගන්න කියලා තමයි මම කියන්නේ. අපි හිතනවා රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබුණේ නැහැ කියලා අපි හිතන්නේ එය ආණ්ඩුවත් කියනවා.මධුෂ්ලා අත්අඩංගුවට ගත්තු එක බධාගන්න ඕනවට වඩා කට්ටිය ඉන්නවා.මට කියන්නේ මේ ආකාරයෙන් රාජත්‍රාන්ත්‍රික පාස්පෝට් හදලා නැහැ කියන එක තමයි අපිට කියන්න වෙන්නේ.බලමු අපි මෙය හැරිය දිග් ගැස්සෙනවා නම් හරි තැන්වල වදිවි කියලා මට හිතෙනවා.එහි දී රාජත්‍රාන්ත්‍රික බලපත්‍ර හදාල තියෙන්නේ කොහොම ද,ගමන් බලපත්‍ර හදා ගත්තේ කොහොම ද කියලා,මධුෂ් එකක් ගණුදෙනු කළේ කවුද කියලා.මොනවාගේ ගණුදෙනු ද ඒවා කොයි තරම් දිග් ගැස්සිලා තියෙනවා කියලා අපිට අද හෙටම මේවා හෙලි කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා."

"මේ මොහොත වන විට අපරාධකාරයන් අත්අඩංගුව ගෙන තියෙනාව කියන එක් පැහැදිලි වෙලා තියෙන්නේ.නමුත් ඩුබායි රාජ්‍ය තවමත් මේ තත්ත්වය සම්බන්ධයෙන් ඒ ආණ්ඩුව කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කරලා නැහැ. ලංකාවේ ආණ්ඩුව උත්සාහ ගන්නවා මධුෂ් ඇතුළු කණ්ඩායම ලංකාවට ගේන්න .අපි බලා ගෙන ඉන්නවා ආණ්ඩුව කුමක් ද කරන්නේ කියලා .මේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කරන්න මේ ආණ්ඩුව කොන්දක් තියෙන්න ඕන.කලාකාරයෝ කිහිප දෙනෙක් මේ සිද්ධියට හසුවෙලා තියෙන්නේ නමුත් මේ සම්බන්ද වීම ගැන මම කිසි දෙයක් දක්නේ නැහැ කුමන සම්බන්දයක් නිසි ද සම්බන්ධ වුණේ කියලා.රහස් පොලිසිය ආධාරයෙන් මේ තිබුණු සම්බන්ධය කුමක් ද යන්න සම්බන්ධයෙන් නිවැර දී තිරණය ලැබේ වි කියලා අපිට හිතන්න පුළුවන් වෙනවා.මධුෂ් එකක් සම්බන්ධය වීම සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විවිධ කතා තිබුණා.මේ තත්ත්වයේ දි පහත් තැනින් තමයි ගලා ගෙන යන්න ලෙහෙසි වෙලා තියෙන්නේ.ඒ මොක ද මිනිහෙක් මැරුණාම මට ඒ මළ ගෙදර යන්න බැහැ නේ. ඒ මළ ගෙදර ගියාම මම ව්‍යපාරයක් පටන් ගෙන තියෙන්නේ ඒ අපරාධකාරයාගේ සල්ලිවලින් කියලා.අපරාධකාරයන්ට උදව් කළ නිසා තමයි ඒ මළ ගෙදරට ගියේ කියලා මඩ ගහනවා.අපරාධකාර වැඩ කරන අය මේ වගේ ස්ථානයක යයි ද කියලා ගැටළුවක් තියෙනවා .නමුත් මට කොන්දක් තිබුණා. ඒ මළ ගෙදරට යන්න.මනුස්සයෙක්ගේ මළ ගෙදරට යන්න මට අපරාධකාරයා අදාළ වෙන්නේ නැහැ.එහෙමනම් ඒ මිනිය එම්බාම් කරපු මිනිහත් ,පංශුකුලය දුන්නු හාමුරුවොත් වැරදි,ඒ මිනිහාට බෙර ගහපු අයත් වැර දී ,ඒ මිනි පෙට්ටියට කර තියපු අයත් වැරදි මේ මහ පොළවත් ඒ සිද්ධිය සම්බන්දයෙන් වැරදි.මේ හැම දේකම ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ ගන්නේ ලංකාව ඇතුළේ වෙනම ක්‍රමයක් මේ හදන්න හදන්නේ.අද ජනතා විමුක්ත පෙරමුණ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බෙල්ටෙක දාන්නයි. ටයි එක දාන්නයි විතරයි. අනිච්චා වත සංකාරා කියලා තමයි අපිට අද කියන්න වෙන්නේ."යැයි මන්ත්‍රිවරයා පැවැසි ය.

(මාතර කැලුම් බෝධිමාන)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරෝෂන් මාකදුර ගමේදී මධුෂ් ගැන කතා කරයි
නිරෝෂන් මාකදුර ගමේදී මධුෂ් ගැන කතා කරයි
http://am.lk/media/k2/items/cache/253b31e65f91f0f05fd0e6d818992978_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_134.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_134.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy