දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්දගේ මන්ත්‍රීකම බේරුවේ අනුකම්පා කරල - දුමින්ද

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙනඒමට කටයුතු කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ගතවූ කාලසීමාව පිළිබඳ කළකිරීමෙන් පසුවන එම පක්ෂයේ ජාතික සංවිධායක ...

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙනඒමට කටයුතු කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ගතවූ කාලසීමාව පිළිබඳ කළකිරීමෙන් පසුවන එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කියයි.

ඔවුන්ගේ මතය සාකච්ඡා කිරීමටද අවස්ථාවක් තිබිය යුතු බවද අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රති සංවිධාන කටයුතු පෙබරවාරි 01දා සිට අනුරාධපුරයෙන් ආරම්භ කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පෙබරවාරි මාසේ පලමුවැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා... පැහැදිලිව ප්‍රකාශ කරල තියෙනව විශේෂයෙන් දුමින්ද දිසානායක ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ පාර අපේක්ෂකයා වෙන්නෙත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමයි. ඒ වගේම අපේ අපේක්ෂක තමයි ඊළඟ පාර 2025 වෙනකම් රටේ ජනාධිපතිවරයා බවට නැවත පත්වෙන්නෙත් කියල බොහොම නිර්භීතව කියපු කෙනෙක් මම.. අපි බොහොම අනුකම්පාවෙන් තමන්ගේ මන්ත්‍රීකම බේරගන්න අපි උදව් කරල මන්ත්‍රීකම බේරලදීල තියෙනවා.. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ ඇතුළු ඒ පොහොට්ටුවේ එදා සාමාජිකත්වය අරගෙන බොහොම ආඩම්බරෙන් අපි පොහොට්ටුවේ කියපු කට්ටිය නීතිමය ගැටලුවක් එනකොට නෑ අපි පොහොට්ටුවේනෙමෙයි කියල කියනකොට අපි මේ අය අපේම හිතවත්තු නිසා අපේම කණ්ඩායමක් නිසා අපි ඉඩදුන්නා..හැබැයි අද ඒ වාසිය අරගෙන ආයි පාරක් තමන්ගේ හැබෑ පක්ෂය මොකද්ද කියල ඒ අය කියනවා..ඒක තමයි ඇත්ත යථාර්ථය ඒක ගැන තමයි මම කිව්වේ කවුරු කොහොම කිව්වත් මේ අය පොහොට්ටුවේ සාමාජිකයෝ නෙවෙයි කියල...මම එදා ඉඳල මාධ්‍යට කියපු දෙයක් ඒ අය පොහොට්ටුවේ සාමාජිකයෝ හැබැයි මන්ත්‍රීකම බේරලදෙන්න අපි ඒ වෙලාවේ උදව්වක් අනුකම්පාසහගතව ඒ අයට කරා කියන කාරණය..චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිතුමියටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාටවත් වෙනම පක්ෂයක් ඇති කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ..හැබැයි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන්න වෙහෙස මහන්සි වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විදියට ඒ අයට යම් කනගාටුවක් හිතේ අමාරුවක් පහුගිය කාලය පිළිබඳව තියෙනවා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම තුළ කාටවත් තේරෙන්නේ නෑ..මේ අලුත් පක්ෂයක් හදන්න යනව කියලවත්..එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධවෙන්න යනව කියන කාරණය.. හැබැයි ඉතින් කණ්ඩායමක් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කරල ඒ තුළ ඒ කණ්ඩායමට යම්කිසි හිත් රිදවීමක් වෙනවනම් ඒ අයට කතාකරන්න තැනක් තියෙන්නත් ඕන..කතා කරන්නත් ඕන…"

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29543,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ මන්ත්‍රීකම බේරුවේ අනුකම්පා කරල - දුමින්ද
මහින්දගේ මන්ත්‍රීකම බේරුවේ අනුකම්පා කරල - දුමින්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxYLLTHhh5I0_3pHSBNtoK0xF5-zzTuv7oOiJXEMYHl_d-qMglWMemEN4ZZC7AqPu3lwWbUdfmCua-YtEwgx-kY7qNhnBq-nSC0dli3n8GLl5v0Q1DTtK-hWAJhjfNJiwcYrzXdZovf64/s320/7810920c894682ec78c57b7ba2469935_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxYLLTHhh5I0_3pHSBNtoK0xF5-zzTuv7oOiJXEMYHl_d-qMglWMemEN4ZZC7AqPu3lwWbUdfmCua-YtEwgx-kY7qNhnBq-nSC0dli3n8GLl5v0Q1DTtK-hWAJhjfNJiwcYrzXdZovf64/s72-c/7810920c894682ec78c57b7ba2469935_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_979.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_979.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy