Loading... මෙතෙක් ස්‌ථිර බෙහෙත් වර්ගයක් සොයාගෙන නොමැති ඩෙංගු රෝගය පාලනය කිරීමට හැකි බෙහෙතක් පැපොල් පත්‍රිකාවල යුෂවල අඩංගු සංයෝගයක්...
Loading...
මෙතෙක් ස්‌ථිර බෙහෙත් වර්ගයක් සොයාගෙන නොමැති ඩෙංගු රෝගය පාලනය කිරීමට හැකි බෙහෙතක් පැපොල් පත්‍රිකාවල යුෂවල අඩංගු සංයෝගයක් යොදාගෙන නිපදවිය හැකි බව මැලේසියානු විද්‍යාඥයන් පිරිසක් විසින් අනාවරණය කර තිබේ.
මැලේසියා සරසවියේ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව පැපොල් පත්‍රිකාවල යුෂෙහි අන්තර්ගත zකාපේන්Z සංයෝගය උපයෝගී කරගෙන මෙම බෙහෙත් වර්ගය නිපදවා ඇති අතර ඒ හරහා ඩෙංගු රෝගය වැළඳුණු විටදී පහළ බසින රුධිර පට්‌ටිකා (ප්ලේට්‌ලට්‌ස්) ප්‍රමාණය වර්ධනය කර අභ්‍යන්තර රුධිර වහනය අඩු කිරීමට හැකි වන බව පර්යේෂණය මෙහෙයවූ නොටින්හැම් විශ්වවිද්‍යාලයේ සහායක මහාචාර්ය වෛද්‍ය චින්ග්ලිත් හී පවසයි.
මෙම බෙහෙත හරහා වසර 20 කට අධික කාලයක් මුළුල්ලේ මැලේසියාව ඇතුළු සෙසු රටවල ඩෙංගු රෝගය නිසා මියයන ජීවිත බේරා ගත හැකි වන බව ඔහු කියයි.
zකාපේන්Z සංයෝගය පැපොල් පත්‍රිකාවල යුෂවලින් ලබා ගැනීමේ කාර්යයට මැලේසියාවේ ආහාර හා ඖෂධ පිළිබඳ විශ්වවිද්‍යාලයේ රසායන ඉංජිනේරු පිරිසක් දායක වී සිටිති.
-Divaina

COMMENTS