දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු දේශීය නිෂ්පාදකයින්ගෙන් - විපක්ෂය නගන චෝදනා අසත්‍යයි

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත්, එමගින් “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි ...

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු දේශීය නිෂ්පාදකයින්ගෙන් - විපක්ෂය නගන චෝදනා අසත්‍යයි
ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත්, එමගින් “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිළක මහත්මිය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්ට්‍රික්ටොන් 12,000 ක් සහ සොයා බෝංචි ටෙට්ට්‍රික් ටොන් 6000 ක අවශ්‍යතාවයක් පවතී. මෙම අවශ්‍යතාවය සපුරාගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන මගින් වන අතර, මේ සදහා 2018 මැයි 23 දින පුවත් පත් දැන්වීම් පළ කොට ජාතික තරඟකාරි ලංසු කැඳවන ලදි. ඒ සදහා ලැබුණු ලංසු දෙක තාක්ෂණික ඇගයීම් කමිටුවට යොමු කර අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කරන ලදි. තාක්ෂණික ඇගයීම් කමිටුවේ ද නිර්දේශය ද සළකා අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම ප්‍රසම්පාදනයේ අවම ලංසුකරුවන් වන දේශීය සමාගමට ටෙන්ඩරය පිරිනමන ලදි.
දේශීයව බඩඉරිඟු නිෂ්පාදනයේ නිරත සමාගමක් වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමීම මගින් දේශීය බඩඉරිඟු වගාවේ නිරත ගොවීන්ගේ ආර්ථීකය නගා සිටුවීම මෙම ටෙන්ඩරය පිරිනැමීමේ පදනම ලෙස සළකා ක්‍රියා කර ඇත. මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී එම ලංසුව සමග දේශීයව බඩඉරිඟු ලබාගැනීමට දේශීය සැපයුම්කරුවන්ට පමණක් ඉදිරිපත් විය  හැකි පරිදි ඒ බව තහවුරු කර ගැනිමට අවශ්‍ය සජීවී බඩඉරිඟු තොඟ වගාවන් සම්බන්ධ ගොවීන්ගේ නාමලේඛණය සහ ගොවි සංවිධානවල නාමලේඛණ පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කර ඇත.බඩඉරිඟු තොඟ පිටරටින් ආනයනය කිරීම සදහා මෙම කැබිනට් තීරණයෙන් කිසිදු ඉඩකඩක් ලබා දී නොමැත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29543,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු දේශීය නිෂ්පාදකයින්ගෙන් - විපක්ෂය නගන චෝදනා අසත්‍යයි
ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු දේශීය නිෂ්පාදකයින්ගෙන් - විපක්ෂය නගන චෝදනා අසත්‍යයි
http://am.lk/media/k2/items/cache/0a483e6fd7b9a5fced20fadb10ea9ec0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_784.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_784.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy