Loading... කොළඹ මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවස හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය කිසිවකුටත් භාර නොදීමට ද්‍රවිඩ...
Loading...
ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹ ඇත්තේ පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතාට යන ස්ථාවරය අනුවය.
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැන නැගී තිබෙන ගැටුම නිරාකරණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර එහි අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කරන තෙක් විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානය ප‍්‍රකාශ කර සිටියි.
එම තත්ත්වය යටතේ රටේ විපක්ෂ නායක ලෙස හිමි කිසිදු වරප‍්‍රසාදයක් මහින්ද රාජපක්ෂ මහතාට නොදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය වැඩි දුරටත් සඳහන් කරයි.
-දිවයින පුවත්පත
එම තත්ත්වය යටතේ රටේ විපක්ෂ නායක ලෙස හිමි කිසිදු වරප‍්‍රසාදයක් මහින්ද රාජපක්ෂ මහතාට නොදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය වැඩි දුරටත් සඳහන් කරයි.
-දිවයින පුවත්පත
COMMENTS