දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කුඩු එක්ක නළුවා මාට්ටු,පොලිසියට කොකා පෙන්වා හීන් නූලෙන් නළුවා මාරු,නම පොලිස් පොතේවත් නැහැ.

Loading... මෙගා ටෙලියකට හෝ මියුසික් වීඩියෝ එකකට යන්තම් පශ්චාත්භාගය හෝ පෙන්වන්නට ලැබෙන පුද්ගලයාට අද කියන්නේ ද නළුවෙක් කියාය. ඒ තරමටම ලංකා...

Loading...
මෙගා ටෙලියකට හෝ මියුසික් වීඩියෝ එකකට යන්තම් පශ්චාත්භාගය හෝ පෙන්වන්නට ලැබෙන පුද්ගලයාට අද කියන්නේ ද නළුවෙක් කියාය. ඒ තරමටම ලංකාවේ නළුවෝ වැහි වැහැලාය. නළුවෙක් නිළියක් වෙන්නට අපේ කොල්ලෝ කෙල්ලෝ දඟලන දැඟලිල්ල දෙයියනේ කියලා අපේ රට කරවන තැන බකන් නිලාගෙන ඉන්නා උන්දලාට තිබුණා නම් අද ලංකාව ආසියාවේ ආශ්චර්යය වී බොහෝකල්ය. කොහොම නමුත් මේ කියන්නට යන්නේ ඒ උන්දලාගේ කෙරුවාට ගැන නම් නොව හොටු පෙරාගෙන බිම වැටී ගෙන පපුව පලා ගන්නා තරමට නාහෙන් හඬා වැටෙන මියුසික් වීඩියෝවල නිතරම දකින්නට ලැබෙන වර්තමානයේ මෙගා ටෙලිනාට්‍යවල රිදී තීරයේ නිර්මාණ එකක දෙකක මුහුණ පෙන්වාගෙන සිටින නළු බට්ටෙක් ගැනය.

ice naluwa2 පසුගිය දිනක කොළඹ අවට ප‍්‍රදේශයකදී ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට මාට්ටු වූයේ මෙම පුද්ගලයාය. මාධ්‍ය සදාචාරධර්මවලට අනුව මෙම පුද්ගලයාගේ නම ප‍්‍රසිද්ධ කිරීමට අපට නොහැකිය. නමුත් එවැනි පුද්ගලයන් දේවත්වයෙන් අදහන සමහරක් තරුණියන්ට ඔහු ටක්කෙටම කවුරුන්දැයි කියා හඳුනා ගන්නට අපට පුංචි හින්ට් එකක් නම් ලබා දිය හැකිය.

 පසුගිය වකවානුවේ කලා ලෝකයේ සිදු වූ අමුතු අමුතු විපර්යාස අතරේ ලේන් පැටියෙක් නිසා පවුලක් කඩා ඉහිරවා ගන්නට සිදු වූ පුවතක් ඔබට යන්තමින් හෝ් මතකයේ තිබෙන්නට පුළුවන. එක්තරා ප‍්‍රසිද්ධ නළුවෙකුගේ සහ නිළියකගේ පවුල කැඩුවේ ලේනෙක් තෑගි කරලා නිසා යැයි ගොසිප් වෙබ් අඩවි තලූ මරමර උණු කැවුම් සේ හිට් කරවූ ඒ ඕපාදූපවල සඳහන් කර තිබූ ලේනා අදාළ නිළියට තෑගි කර ඇත්තේ මෙන්න මේ කියන නළුවාය.

 මේ ඕපාදූපවල සත්‍ය අසත්‍යභාවය පිළිබඳව සියයට සියයක් තහවුරු කරන්නට නම් අප දන්නේ නැත. එලෙස අනුන්ගේ වන්හුන් හොයා කුණු අදින්නට අපට අවශ්‍ය ද නැත. ඒවායේ සත්‍ය අසත්‍ය අදාළ පුද්ගලයෝ දන්නවා ඇත.

 කෙසේ නමුත් ඒ අතුරු කතා මේ කතාවට ගෙනාවේ මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයා පිළිබඳව ඔබට යම් අදහසක් ලබා දෙන්නටය. තාරුණ්‍යයේ හිනිපෙත්තේ සිටින මෙම නළුවා මෙවැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් යැයි නිකමටවත් කිව නොහැකි තරමටම මොහු සිටින්නේ ඇල්වතුරත් නිවලා බොන ගානටය. සමහර පුද්ගලයන්ට මතුපිටින් බලා චරිත සහතික දෙන්නට බැරිය. මොහු ද එවැනිම මොඩල් එකේ අයෙකි.
  
 අපිට ඔහු කෙසේ කුමන දහඅට වන්නම නැටුවත් අල්පෙනෙති තුඩක තරමේවත් ගානක් නැත. සරලව කියනවා නම් අදාළම නැත. නමුත් රටේ නීතිය සමඟ ඔහුට සෙල්ලම් කිරීමට දෙන්නට නම් කොහෙත්ම බැරිය. රජ පුටුවේ වාඩි වන මහරජාණන්ගේ සිට පැල්පතේ ජීවත් වන දුප්පත් මනුස්සයා දක්වාම නීතිය නීතියමය. නීතිය ඒ හැමටම පොදුය.

 ‘අයිස්’ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත් වූ මෙම නළුවා සහ ඒ අවස්ථාවේ ඔහුත් සමඟ සිට ඇති නිරූපණ ශිල්පීන් යැයි කියා ගන්නා දෙදෙනා පොලිසියට කොකා පෙන්වා හීන් නූලෙන් මාරු වී ඇත්තේ කාගේ පවර් එකක් අරගෙන දැයි අපට නම් විශාල ප‍්‍රශ්නයකි. 

 නීතිය සැමටම පොදු යැයි ලියා තිබෙන්නේ පොතට පමණක් දැයි අසන්නට දැන් අපට සිදුව ඇත. ලෝකයේ ඇති භයානකම මත්ද්‍රව්‍ය ලැයිස්තුවේ හයවන ස්ථානයේ තිබෙන මෙම ‘අයිස්’ මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් ඒ නළුවා සුදු පිරුවට අඳින උපාසක මහත්තයා කෙනෙක් නම් බඩගින්දර ඉවසාගත නොහැකිව අල්ලපු වත්තකින් පොල් ගෙඩියක් කඩන දුප්පත් මනුස්සයා සාහසික අපරාධකාරයෙක් ගානට වැටෙනවා දැයි අපි රටේ නීතිය හා සාමය සුරකින්නට සිටින නිලධාරීන්ගෙන් අසන්නට කැමැත්තෙමු.

 මොනර කොළ දහයක් පහළොවක් එහෙමත් නැත්නම් පනහක් හැටක් පෙන්වලා ඉස්සරහ දොරින් කණෙන් ඇදගෙන ඇතුළට ගෙනියන අපරාධකාරයන්ට පස්සේ දොරින් ශේප් එකේ මාරු වී එන්නට ඉඩදෙන නිලධාරීන් රටේ නීතිය හා සාමය සුරකින ස්ථානවල සිටිනවා නම් ලංකාවට දෙයියන්ගේම පිහිටය.

 මෙම නළුවා සහ ඔහුගේ සහචර පිරිසට හරි අපූරුවට පොලිසියෙන් ශේප් වී මුකුත් නොවුණ ගානට දත් තිස් දෙකම පෙන්වා විරිත්තාගෙන සිටින්නට හයිය දුන්නේ කවුරුන්ද කියා පළමුවෙන්ම සොයා ගත යුතුය. නීතියට අනුව වරදට අනුබල දෙන්නා ද වරදක් යැයි දැන දැනම පගාවට වැරදිකරුවෙකු නිදහස් කරන්නා ද යන දෙදෙනාම වැරදිකරුවන්ය.

 මෙම නළුවා ප‍්‍රමුඛ අනෙක් සගයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව පොලිසියට බටර් පාරක් දාලා එළියට ආවේ එක්කෝ මේ මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට සම්බන්ධ ඉහළ තැනකින් මොවුන්ට ලැබෙන සහයෝගයක් නිසා ද නැති නම් මොවුන් 

 අත්අඩංගවට ගත් පොලිස් නිලධාරීන්ට ‘අයිස්’ නමැති භයානක මත්ද්‍රව්‍යයක් ළඟ තබා ගැනීම අට පහ නොදත් ළාමක බොළඳ සිඟිත්තෙකුගේ කි‍්‍රයාවක් මෙන් හැෙඟනවාද යන්න අප දන්නේ නැත. දේශපාලනඥයන්ට නම් වෙනම නීතියක් කෝටිපතියෙක්ට නම් තවත් නීතියක් නළුවෙක්ට නම් අලූත්ම නීතියක් කියා විවිධ වර්ගීකරණයන්ට ලක්වූ නීති පද්ධතියක් මේ ලෝකයේ කුමන රටක හෝ නැත. එවැනි සෙල්ලම් හැම එකම දාන්නේ අපේ රටේම පමණක්ය.

 ටෙලිනාට්‍ය එකක දෙකක සිනමා නිර්මාණයක මුහුණ පෙන්නුවාට ඔබ පොරක් නොවන බව අපි ඒ පුද්ගලයාට කියන්නට කැමැතිය. ඕනෑම දෙයක් ඕනෑම විදිහකට ඕනෑම වෙලාවක කරන්නට රටේ ජනාධිපතිටවත් අයිතියක් නැත. එහෙව් එකේ මේ කජු කිරි කොල්ලෙක්ට නීතිය සමඟ සෙල්ලම් දාන්නට ඉඩ දෙන්නට බැරිය.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම නළුවාට පමණක්ම ඇඟිල්ල දික් කරන්නට තරම් අප අමානුෂීය නැත. මෙවැනි පුද්ගලයන්ගේ කන අත ගා වැරැද්ද නිවැරදි නොකර ඔහු තව තවත් ඒ වළටම ඇද දාන්නට කටයුතු කළ පොලිසියේ මහත්වරුන් ද මේ සිදුවීමේ වගකිවයුතු පාර්ශ්වයකි. තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්නට නොහැකි පොලිස් නිලධාරීන් පොලිසියකට වද්දා ගැනීම හෝ සුදුසු නැත. නරක මඟ යන පුද්ගලයන් තව තවත් අපායටම තල්ලූ කරන මෙවැනි නිලධාරීන් රාජ්‍ය සේවයට තියා මොන රස්සාවකටවත් සුදුසු නැත.

 අත යටින් දෙන පගාවට කෙළ හලන මෙවැනි නිලධාරීන් නිසා තමන්ගේ රාජකාරිය දේවකාරිය ලෙස සලකන අවංක පොලිස් නිලධාරීන්ට ද කොන්ද කෙලින් තියාගෙන පාරේ බැහැලා යන්නටවත් බැරිය. මේ ලිපියෙන් එවැනි යහපත් නිලධාරියකුගේ හිතට යම් කනගාටුවක් නැඟුනා නම් එයට අප සමාව අයදිමු.

 ලංකාව මත්ද්‍රව්‍ය ප‍්‍රති අපනයනයට හොඳම රට ලෙස නිල නොවන වාර්තා පොත් අතරට එකතු වී ඇත. යන්තම් දැලි රැවුල එන වයසේ කොල්ලෝ කුරුට්ටෝ පවා කුමන හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී සිටින බව දත්ත වාර්තාවලට අනුව කනගාටුවෙන් හෝ පැවසිය යුතුය. මේ සා විශාල විනාශයක් ඇස් පනාපිට සිදු වෙද්දීත් රට කරවන තැන මහත්තැන්ලා අඳ ගොළු බිහිරි පාසලකට ගිය අය මෙන් හැසිරීම මුළු මහත් රටේම අවාසනාවකි. 

 කෙසේ නමුත් මෙවැනි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ට යන කල දසාව අතිශය ඛේදනීය. ලක්ෂ ගණන් වියදම් කරමින් ඇඟට දමා ගන්නේ මේ පිළිලය නිසා ජීවිතයේ හරි අඩකටත් වඩා කාලයක් විඳ වන්නට වන බව මේ මෝඩ තකතිරුවන් දන්නේ නැත.

 මත්ද්‍රව්‍යයට පෙළඹීම නැවැත්වීමට නොහැකි නම් අඩුම තරමේ එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිසි ආකාරයෙන් දඬුවම් ලබා දී සමාජයේ අනෙක් පුද්ගලයන්ට මෙවැනි මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා නීතියෙන් දඬුවම් ලැබීමට සිදු වන බව කියා බියක් ඇති කිරීමටවත් පොලිසිය කටයුතු කළ යුතු නොවේද?

 ඒ කිසිම දෙයක් නොකර මෙවැනි ප‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ බලපුළුවන්කාරකම්වලට හෝ මුදලට යටවී නීතිය කි‍්‍රයාත්මක නොකර ඔවුන්ව නිදැල්ලේ තැබීම මුළු මහත් සමාජයකටම කරන අසාධාරණයක් බව අප නැවත නැවතත් අවධාරණය කරන්නෙමු. මිල මුදල් නොමැති බලපුළුවන්කාරකමක් නොමැති තුන්වන පන්තියේ අසරණ දුප්පත් මනුස්සයෙක් ජීවත් වීමට කරන සුළු වරද මහ ලොකුවට ගෙන නඩු පිට නඩු දමන නිලධාරීන්ට සමාජයටම පිළිලයක් වන මෙවැනි මිනිසුන් ආරක්ෂා කරන්නේ කුමන වාසියකට දැයි අප දන්නේ නැත. කාටවත් මඩ ගසන්නට කගේවත් පුතිරූප බිඳ දමන්නට අපිට තුන් හිතකවත් කිසිම උවමනාවක් නැත.

 කවුරු සිදු කළත් වරද නම් වරදමය. අපි සිටින්නේ එතනය. වැරැද්ද සාධාරණීකරණය කරන්නට මොන ජගතෙකුටවත් නොහැකිය. ඇති හැකි තැනට ඇඹලයන් සේ ඇදෙන නැති බැරි තැනට තව තවත් වින කරන රටේ නීතිය සුරකින්නට සිටින මෙවැනි නිලධාරීන් සිටිනතාක් කල් සිරි ලංකාවට මින් ඉදිරියක් පේන තෙක් මානෙකවත් නැත.

 අපි කියන්නෙ නළුවෝ වැරදි කරත්, දේශපාලනඥයෝ වැරදි කරත්, කෝටිපතියෝ වැරදි කරත් වැරැද්ද වැරැද්දමය, කියා පමණි. ඊට උඩින් සුදු හුණු ගාන්න දෙන්නට හෝ වැරදි කරන ඈයන්ට කඬේ යන්නට ප‍්‍රශස්ති කියන්නට අපිට බැරිය. අපට එහෙම පුරුද්දක් ද නැත. මේ සිද්ධිය සම්බන්ධව නිසි ලෙස විමර්ශන කටයුතු සිදු කර වැරදිකාරයන්ට මෙන්ම වැරැද්දට අනුබල දුන් උදවියට ද වැරැද්දෙන් නිදහස් කළ උදවියට ද නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීම ඊට අදාළ නිලධාරීන් සතු වගකීමකි. අපි අපේ රාජකාරිය කර ඇත්තෙමු. ඔබ ඔබගේ රාජකාරිය අකුරටම සිදු කරාවි යැයි අපි විශ්වාස කරන්නෙමු. 

 අශිකා ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29556,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුඩු එක්ක නළුවා මාට්ටු,පොලිසියට කොකා පෙන්වා හීන් නූලෙන් නළුවා මාරු,නම පොලිස් පොතේවත් නැහැ.
කුඩු එක්ක නළුවා මාට්ටු,පොලිසියට කොකා පෙන්වා හීන් නූලෙන් නළුවා මාරු,නම පොලිස් පොතේවත් නැහැ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXJ3f5LnY8dlJZ8nxoKEiD_Sz9dCofP6F7I9WQ1umOMiaWQNMJ2XLj5QhpeoSZ2UtylrJ8GFP_DqZXX2ixQUbRUpFme8kPsweJ00pbPsoxr6L3c8wROemNG0EQzRn1TWwhvtT6aN0-KDQ/s320/lanka+%25281%2529.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXJ3f5LnY8dlJZ8nxoKEiD_Sz9dCofP6F7I9WQ1umOMiaWQNMJ2XLj5QhpeoSZ2UtylrJ8GFP_DqZXX2ixQUbRUpFme8kPsweJ00pbPsoxr6L3c8wROemNG0EQzRn1TWwhvtT6aN0-KDQ/s72-c/lanka+%25281%2529.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_504.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_504.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy