දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශේෂ කාර්ය බළකා නිලධාරීහු විදෙස් යුවළකගේ නැතිවූ මුදල් පසුම්බිය සොයා දෙති
Homeගොසිප්

විශේෂ කාර්ය බළකා නිලධාරීහු විදෙස් යුවළකගේ නැතිවූ මුදල් පසුම්බිය සොයා දෙති

PropellerAds

විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ වැටී තිබූ එංගලන්ත ජාතික යුවළකට අයත් මුදල් පසුම්බියක් ඉකුත්දා අනුරාධපුර උළුක්කුලම පිහිටි පොලිස් විශේෂ කා...

2015 දෙරණ 2016 සිරස 2017 හිරු - පිටපිට අවුරුදු කුමරිය වුණ මිතුනිකා ප්‍රනාන්දු
මෝදි පිටව යද්දි විමල්ගෙ සරම කඩාගෙන ගිහින් (සඳුදා කාටූන්)
බෝඩිමේ නානකාමරයේදී හදිසියේ මියගිය මොරටු සරසවි සිසුවිය සරසවි ඇදුරන්ගේ පීඩනයට ලක්වූ කතාව
විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ වැටී තිබූ එංගලන්ත ජාතික යුවළකට අයත් මුදල් පසුම්බියක් ඉකුත්දා අනුරාධපුර උළුක්කුලම පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසකට පෙරේදා
(14දා) සවස හමුවී තිබූ අතර එහි හිමිකරුවන් වූ විදේශීය යුවළ සොයා වහාම මුදල් පසුම්බිය ඔවුන් අතට පත් කිරීමට නිලධාරීන් පිරිස කටයුතු කර තිබිණි.

අනුරාධපුර, උළුක්කුලම පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවයේ නියුතු කඳවුරු අණදෙන නිලධාරියා ඇතුළු
පිරිස විල්පත්තුව කුකුළුකටුව රක්ෂිත ප්‍රදේශයේ වැටලීමකට සහභාගි වී නැවතත් කඳවුර වෙත පැමිණෙමින් තිබියදී බිම වැටී තිබූ මුදල් සහිත පසුම්බිය හමුවී තිබූ අතර එම මුදල් පසුම්බිය විදේශිකයකු සතු පසුම්බියක් බව ඔවුන් තහවුරු කරගෙන තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ භාරකරු සමඟ එක්වී අංක 24 රැඩිකල් රයිඩ් ෆින්චැම් ස්ටේජ් වොකිම්හැම් එංගලන්තයේ පදිංචි 34 හැවිරිදි ජොනතන් ඩේවිඩ් නමැත්තාගේ බව තහවුරු කරගෙන තිබිණි.

ඒ අනුව ජොනතන් ඩේවිඩ් හා ඔහුගේ බිරියට මුදල් පසුම්බියේ තිබූ ශ්‍රී ලංකා රුපියල් 21,666ක් ණය කාඩ්පත් හතරක් හා රියැදුරු බලපත්‍රය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී භාරදීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකර තිබිණි.ජොනතන් ඩේවිඩ් මහතා හා ඔහුගේ බිරිය විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරැඹීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම අකරතැබ්බයට මුහුණපා තිබෙන අතර මුදල් පසුම්බිය අස්ථාන ගතවීමෙන් දැඩි අපහසුතාවකට පත්වී සිටි යුවළ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ ක්‍රියාව මහත් සේ අගය කර තිබිණි.

මුදල් පසුම්බිය නැතිවීම නිසා මම හුඟක් අසරණ වුණා. නමුත් පොලිස් නිලධාරීන් සිය නිහතමානී බව ඔප්පු කරමින් කඩිනමින් පසුම්බිය මා අතට පත්කිරීමට කටයුතු කළා. මම සියලුම නිලධාරීන්ට මේ අවස්ථාවේ ස්තුතිය පළ කරනවා යනුවෙන් ජොනතන් ඩේවිඩ් මහතා පැවැසුවේය.

අනුරාධපුර, උළුක්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එච්.එම්.කේ.එම්. විජේරත්න, පොලිස් පරීක්ෂක ඩී.එම්. ජයලත්, උප පොලිස් පරීක්ෂකවරුන් වන යූ.එස්. උදයකුමාර, පී.බී.එල්. සිල්වා යන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙහෙයුමට සහභාගි වූ අවස්ථාවේ මුදල් පසුම්බිය ඔවුන්ට හමුවී තිබිණි.

මහේෂ් විජේසූරිය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29348,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශේෂ කාර්ය බළකා නිලධාරීහු විදෙස් යුවළකගේ නැතිවූ මුදල් පසුම්බිය සොයා දෙති
විශේෂ කාර්ය බළකා නිලධාරීහු විදෙස් යුවළකගේ නැතිවූ මුදල් පසුම්බිය සොයා දෙති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqD83plXYe2ma9mS0ee9ydaVGQs2Uapen-jX7UXPwwEIMB3XZ3z438PaPVoxCmO2dEGs5TnwHdKIuEyU41Jt77UXe5Ygx4emHfPXn_ZrSrl26CeXNY5hs9jOxAKAY-P6ge4Jl1CbZQO-A/s1600/chrome_2019-01-17_09-48-29.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqD83plXYe2ma9mS0ee9ydaVGQs2Uapen-jX7UXPwwEIMB3XZ3z438PaPVoxCmO2dEGs5TnwHdKIuEyU41Jt77UXe5Ygx4emHfPXn_ZrSrl26CeXNY5hs9jOxAKAY-P6ge4Jl1CbZQO-A/s72-c/chrome_2019-01-17_09-48-29.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_440.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_440.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy