දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හොඳම මිතුරාගේ මව මරා රන්භාණ්ඩ සොරකම් කළ තරුණයෙක්
Homeගොසිප්

හොඳම මිතුරාගේ මව මරා රන්භාණ්ඩ සොරකම් කළ තරුණයෙක්

PropellerAds

තම හොඳම මිතුරාගේ 67 හැවිරිදි මව ඝාතනය කර ඇය පැළඳ සිටි පවුම් 1 1/2ක පමණ රන් මාලයක් සහ මංගල මුද්ද පැහැරගෙන ගිය බව කියන තරුණයෙක් ආණමඩුව පොලිසි...

දුම්රිය හරස් මාර්ගවලට බම්බු ගේට්ටු වෙනුවට සීනු නාදවන විදුලි ගේට්ටු
සැමියාගේ මුදල් ලක්ෂ ගණන් අරන් ෆේස්බුක් පෙම්වතා සමඟ පැන ගිය බිරිය මාට්ටු
බිරියගේ දේහය නිවසින් ගෙනයද්දී සැමියාත් මරුට
තම හොඳම මිතුරාගේ 67 හැවිරිදි මව ඝාතනය කර ඇය පැළඳ සිටි පවුම් 1 1/2ක පමණ රන් මාලයක් සහ මංගල මුද්ද පැහැරගෙන ගිය බව කියන තරුණයෙක් ආණමඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම අපරාධයට හවුල් වූ බව කියන තරුණයකු ද රත්මලාන ප්‍රදේශයේ  සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මෙසේ ඝාතනය කර ඇත්තේ ආඩිගම, පුනවිටිය පදිංචිව සිටි මෝතා ඥානවනී (67) නමැති දෙදරු මවකි.  මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මොනරාගල, බිබිල මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මොහු ආඬිගම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක සේවය කරමින් සිටියදී ඥානවතී මහත්මියගේ පුත්‍රයකු සමග මිත්‍ර වී පවුලේ හිතවතෙකු බවට පත්වී ඇතැයි පොලිසිය කීය.

මෙම සැකකරු ඥානවනී මහත්මියගේ පුතාට දුරකතන ඇමතුමක් ලබාදී එම රෝගාතුරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් රෝහලෙන් ටිකට් කපා ඇති නිසා මැදගම පිහිටි නිවෙසට යාමට කුරුණෑගලට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

තම හොඳම මිතුරාට පිහිටවීමේ අරමුණින් ඥානවතීගේ පුතා  කුරුණෑගල බස් නැවතුම්පොළට ඉකුත් 11 වැනිදා රාත්‍රියේ ගොස් ඔහු (ප්‍රධාන සැකකරු) එනතෙක් රැදී සිට ඇත.

 මධ්‍යම රාත්‍රී වන තෙක් බලා සිටියත් මිතුරා නොපැමිණි නිසා ඥානවතීයේ පුතා යළි ආණමඩුවට ඒමට බස් රථයක් නොතිබූ නිසා බස් නැවතුම්පොළේ බංකුවක් මත වාඩි වී රැය පහන්කර තිබේ.

හොඳම මිතුරාට මෙසේ බොරු කියා කුරුණෑගලට පිටත් කර යැවීමෙන් පසු ප්‍රධාන සැකකරු ඔහුගේ මිතුරකු සමග ඥානවනී මහත්මියගේ නිවෙසට ඉකුත් 12 වැනිදා රාත්‍රියේ ගොස් තිබෙන බව එම පොලිස් නිලධාරියා කීය.

සැකකරුවන් දෙදෙනා වත්තේ පිහිටි කුකුල් කූඩයට ගල් ගැසූ අවස්ථාවේ ඒ ගැන විපරම් කිරිමට ඥානවනී මහත්මිය පැමිණි අවස්ථාව්වේ ඇය අල්ලාගෙන ඇත. මේ අවස්ථාවේ ඇය සැකකරුවන්ට පහර දෙමින් ඔවුන්ගෙන් මිදීමට පොරකා ඇති බව කියති.

සැකකරුවන් දෙදෙනා ඥානවතී මහත්මියගේ අත්පා ගැට ගසා මුහුණ රෙද්දකින් කිටි කිටියේ තදවන සේ බැඳ දමා ඇය ඔසවාගෙන ගොස් මුළුතැන්ගෙයි අසල තබා ඇය පැළඳ සිටි රන් මාලය හා මංගල මුද්ද ගලවාගෙන පළාගොස් ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම නොරතුරු අනාවරණය වූ බව එම පොලිස් නිලධාරීයා කීය.

ප්‍රධාන සැකකරු 37 හැවිරිදි වියේ  පසුවන තිදරු පියකු වන අතර අනෙකා 20 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ඥානවතී මහත්මියගේ සැමියා 60 වැනි වියේ පසුවන අතර ඔහු ශ්‍රවණබාධිතව  පෙළෙන නිසා මේ කිසිවක් ඇසී නොමැති බව ද පොලිසිය පවසයි.

රත්මලාන ප්‍රදේශයේ සැඟව සිටියදී ප්‍රධාන සැකකරු සහ අනෙක් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

පැහැර‍ගෙන ගිය රන් මාලය රුපියල් 54,000කට උකස් කර මුදල් ලබාගත් බවන් මංගල මුද්ද මැදගම පිහිටි නිවසේ තිබෙන බවත් ප්‍රධාන සැකකරු පොලිසියට පවසා තිබෙන බව පැවැසේ.
රෙද්දකින් මුහුණ කිටි කිටියේ කදවන සේ බැඳීම නිසා හුස්ම හිරවී ඥානවනී මහත්මිය මියගොස් ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හොඳම මිතුරාගේ මව මරා රන්භාණ්ඩ සොරකම් කළ තරුණයෙක්
හොඳම මිතුරාගේ මව මරා රන්භාණ්ඩ සොරකම් කළ තරුණයෙක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiUcI2c43PbPeBWjDQB_nidY4poaqXdK7lNcwAGprqF-MGQXlHETDnI1Gf6PCk_603t_t1rgzBTBx9wCauP0G6XdxgoZWq27K1VL8me5NNUlzULHUGHheJFqSGUE2pf0BKsioP1ZHAjuk/s1600/gossiplanka_2019-01-17-1276.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiUcI2c43PbPeBWjDQB_nidY4poaqXdK7lNcwAGprqF-MGQXlHETDnI1Gf6PCk_603t_t1rgzBTBx9wCauP0G6XdxgoZWq27K1VL8me5NNUlzULHUGHheJFqSGUE2pf0BKsioP1ZHAjuk/s72-c/gossiplanka_2019-01-17-1276.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_373.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_373.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy