Loading... කඩුවෙල පුරවරයට, කඩුවෙල මහ නගර සභාවට අත්වී තිබූ අඳුරු යුගය නිමා කරමින්, නව නගරාධිපති ධුරයට කඩුවෙල පුරවරයේම උපත ලැබූ බුද්ධික ...
Loading...
කඩුවෙල පුරවරයට, කඩුවෙල මහ නගර සභාවට අත්වී තිබූ අඳුරු යුගය නිමා කරමින්, නව නගරාධිපති ධුරයට කඩුවෙල පුරවරයේම උපත ලැබූ බුද්ධික ජයවිලාල් මහතා 2018 ක්වූ මාර්තු මස 28 වැනි දින කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තේරී පත්වීමත් සමඟ කඩුවෙල ජනතාවගේ සිතුම් පැතුම් එකින් එක සඵලවන යුගයක් ඇතිවූ වග ප‍්‍රකාශ කළ යුතුය.
එලෙස නගරාධිපති ධුරයට පත්වූ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා සිය මංගල කතාවේදීම මහජන මුදල් මහජන අයිතියට ලබා දෙමින් තමාට හිමිවන ලක්ෂ 200 ක් පමණ වටිනා නිල රථය සහ ඉන්ධන දීමනාව තමාට අවශ්‍ය නොවන බව ප‍්‍රකාශ කරමින් එම මුදල් ජනතා සුබ සිද්ධියට යොදවන මෙන් ඉල්ලා සිටින ලදී. එම ප‍්‍රකාශයට අනුව බස්නාහිර පළාත් සභාව විසින් ට‍්‍රැක්ටර් රථ 06 ක් ටේ‍්‍රලර් සහිතව කඩුවෙල මහ නගර සභාව වෙත ලබාදීමට කටයුතු කරන ලදී. තවත් අබලන් වී වෙන්දේසියට නියමිතව තිබූ ට‍්‍රැක්ටර් රථ 9 ක් ඉතා අඩු මුදලක් වියදම් කරමින් කඩුවෙල නගර සභාවේ සේවයට නැවත එක් කිරීමට නගරාධිපතිතුමන්ට හැකියාව ලැබී ඇත. මේ තුළින් පෙර පැවැති කසළ එකතු කිරීමේ ප‍්‍රශ්නයට සෘජු විසඳුමක් ලබාදී ඇත.
ඊට අමතරව ‘‘පුරහල ගමට’’ පුරපති ජංගම සේවය නමින් ඉතා සාර්ථක එක්දින වැඩසටහනක් කඩුවෙල මහ නගර සභාවට අයත් කොට්ඨාස සියල්ලකම වාගේ පැවැත්වීමටද ජයවීලාල් මහතා කටයුතු කරන ලදී. එහිදී මහජනතාවට කොම්පෝස්ට් බඳුන්, කොම්පෝස්ට් පොහොර, මල් පැළ, එළවළු පැළ සහන මිලට, වරිපනම් බදු මුදල් ගෙවීම, තාක්‍ෂණ නිලධාරී උපදෙස්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක උපදෙස්, ආයුර්වේද සායන, ජාතික හැඳුනුම්පත් සකස් කිරීම, ග‍්‍රාමසේවක උපදෙස් හා සේවා ආදී සේවාවන් රැසක් ලබාගත හැකි වේ. මේ සේවාවන් සඳහා ඉතා සහනදායී මුදලක් මහජනතාවගෙන් අය කරගන්නා අතර එක් දිනක් තුළ සියලූ සේවා සපයා ගැනීමේ හැකියාව ඇත.
මේ සේවාවන් අතර නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා සිදු කරනු ලබන තවත් වටිනා ප‍්‍රජා සත්කාරයකි ‘‘කසළ පොළ’’ වැඩසටහන. නිවසේ එකතු වී ඇති ප්ලාස්ටික් හා යකඩ කැබලි, වීදුරු බෝතල්, පොල්කටු, ප්ලාස්ටික් භාජන, කඩදාසි/කාඞ්බෝඞ්/පත්තර වැනි දෑ ගෙනැවිත් භාරදිය හැක. මෙමගින් ප‍්‍රදේශයේ දැඩිව පැවති ඩෙංගු උවදුර සමනය කිරීමට මනා පිටිවහලක් සැලසී ඇත.
ජංගම පුස්තකාලයක් ඉදිකර එය ජනතා අයිතියට ලබාදීමත්, වැඩිහිටි සමිතිවල සාමාජිකයන්ට නොමිලේ චාරිකා යෑම සඳහා සහ තවත් අත්‍යවශ්‍ය ආයතනික කටයුතු සඳහා ආසන 54 නව බස්රථයක් සේවයේ යෙදවීමටත් මෙම ඉතා කෙටි කාලය තුළ කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපතිතුමන්ට හැකියාව ලැබී ඇත.
යවිලාල් මහතා මෙම ධුරයට පත්වීමත් සමඟ පැවති විශාලම ප‍්‍රශ්නය නම් කසළ එකතු කිරීම සහ බැහැර කිරීමයි. ට‍්‍රැක්ටර් රථ ලබා ගනිමින් කසළ එකතු කිරීම විධිමත් කළ අතර කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානය විධිමත් කිරීමෙන්, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයෙන් හා ඊසද ඨ්ි නිෂ්පාදනය කිරීමෙන් එකතුවන කසළ එම මධ්‍යස්ථානය තුළදීම විධිමත් පරිහරණයට ගැනීමෙන් කෙරවලපිටිය කසළ අංගනයට ලබාදුන් මුදල ඉතා අඩු අගයකට ගැනීමට යවිලාල් මහතාට අවස්ථාව සැලසිණ. තවද ඉවතලන ප්ලාස්ටික් කැබලි කර විකිණීම, ඡුක්ිඑසජ බෝතල් වැනි නොදිරන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කරන ආයතන වෙත ලබාදී මුදල් ලබාගැනීම වැනි කටයුතු මගින් කසළ ප‍්‍රශ්නයට ඉතා සාර්ථක පිළිතුරක් ලබාදී ඇත. මේ වන විට ඊසද ඨ්ි මගින් විදුලිය නිපදවන අතර කොම්පෝස්ට් පොහොර ටොන් 30 ක පමණ ප‍්‍රමාණයක් නිපදවනු ලබයි.
2018 මාර්තු මස 28 වැනි දින කඩුවෙල මහ නගර සභාවට තේරීපත් වූ නව නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා විසින් මෙම මාස 09 ක තම ධුර කාලය තුළ සිදුකළ සහ සිදු කරමින් සිටින මෙම සේවාවන් අතරට තවත් මෙකී නොකී සේවාවන් සහ වැඩසටහන් රාශියක් එක් වෙමින් පවතී. මෙම නායකයා පක්‍ෂ පාට බේද නොසලකා කඩුවෙල මහජනතාවට තම සේවය ඉටු කිරීමට පහළ වූ යුගයේ ජ්‍යෙෂ්ඨතම නගරාධිපතිවරයෙකි.
අශිකා ජයවීර
-දිවයින පුවත්පත
-දිවයින පුවත්පත
COMMENTS