Loading... ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළු කිරීමට තමනටද අල්ලස් දීමට උත්සාහ කල බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහත...
Loading...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළු කිරීමට තමනටද අල්ලස් දීමට උත්සාහ කල බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
තමන් මේ පිලිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කලේ යයිද ඒ මහතා සදහන් කරයි.
ඇමතිවරයා මෙම අදහස් පල කලේ බීබීසී සේවය සමගින් සාකච්චාවකට එක්වෙමිනි.
මෙම සිදුවීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අන්ත දූෂිත තත්ත්වයේ බරපතළකම පෙනෙන බවත් ඔහු කියා සිටී.
තමන් මෙම සිදුවීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකක ප්‍රධානියාට පැමිණිලි කල විට එම නිලධාරියා ඔළුවේ අත ගසා ගත් බවත් ඇමතිවරයා තව දුරටත් සදහන් කලේය.
-lankasinhalanews
COMMENTS