දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බවුසරයට ගිනි ඇවිළී ඉන්ධන පිරවුම්හලම අළුවෙයි
Homeගොසිප්

බවුසරයට ගිනි ඇවිළී ඉන්ධන පිරවුම්හලම අළුවෙයි

PropellerAds

පෙට්‍රල් ලීටර් හයදහස් පන්සියයක් (6500) සහිත ඉන්ධන බවුසරයක් ගල්කුලම පිරවුම්හලේ භූගත ටැංකි සඳහා ඉන්ධන පොම්ප කරමින් තිබියදී හදිසියේ හටගත් ගින්...

මහින්ද කොපි කරලා රනිලුත් ආගමික වන්දනාවේ (සඳුදා කාටූන්)
තායි නිවාඩුව අවසන් කර ජනපති යළි ලංකාවට (PHOTOS)
අමාත්‍ය මණ්ඩලය ගැන UNP මන්ත්‍රීවරුන් කලකිරීමෙන්-මහින්ද
පෙට්‍රල් ලීටර් හයදහස් පන්සියයක් (6500) සහිත ඉන්ධන බවුසරයක් ගල්කුලම පිරවුම්හලේ භූගත ටැංකි සඳහා ඉන්ධන පොම්ප කරමින් තිබියදී හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් ඉන්ධන පිරවුම්හල මුළුමනින්ම දැවී විනාශයට පත් විය. එහෙත් සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට අනුරාධපුර මහ නගර සභාවේ
නාගරික ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ට හැකිවිය. ඊයේ (16දා) සවස 2.45ට පමණ හදිසි ගින්න හටගෙන තිබූ අතර ඒ හේතුවෙන් අනුරාධපුර ඛනිජ තෙල් තොග ගබඩාවේ සිට ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයද සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශයට පත්විය.

                  
ඉන්ධන පිරවුම්හලේ ඩීසල් හා පෙට්රල් නිකුත් කරන පොම්ප සියල්ලද විනාශයට පත් විය. ඊට අමතරව ඉන්ධන පිරවුම්හලේ ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම දැවී විනාශයට පත් වී තිබූ අතර එහි තිබූ ගෑස් ටැංකි සියයකට ආසන්න ප්‍රමාණයක් අධික ගින්නට හසුවී පුපුරා ගොස් තිබිණි. ඒ-9 ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි මෙම පිරවුම්හල තුළ ගින්නක් හටගෙන තිබෙන බව තිරප්පනේ පොලිසියට සැලවීමත් සමඟ පොලිස් ස්ථානාධිපති
පොලිස් පරීක්‍ෂක බී.එම්. දිසානායක මහතා ඇතුළු පිරිසක් පැමිණ ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක නිතර වුවත් ගින්න දැඩිව ව්‍යාප්ත වීම නිසා වහාම ගිනි නිවන ඒකකය කැඳවීමට පියවර ගනු ලැබීය.

ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ බවුසරය පුපුරා යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත් අතර එහි හටගෙන තිබූ ගින්න විනාඩි දහයක් ඇතුළත මර්දනය කිරීමට සමත් විය. හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පැය තුනකට අධික කාලයක් ගිනි නිවන ඒකකයට ගත විය. පිරවුම් හලේ භූගත ටැංකියට ඉන්ධන සපයමින් සිටියදී එක්වරම එම ටැංකිය තුළින් මතු වූ ගින්නක් සමඟ ඉන්ධන බවුසරයට ගිනි ඇවිළී ඇති බවට සැකකරන අතර වෙනත් හේතුවකින් ගින්න හටගත්තේද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය හා ඛනිජ තෙල් සංස්ථාව වෙන වෙනම පරීක්‍ෂණ පවත්වයි.

බවුසරයේ තිබූ ඉන්ධන භූගත ටැංකියට පුරවමින් තිබියදී ටැංකිය තුළින් පැමිණි හදිසි ගිනි ජාලාවක් නිසා ගින්න ඇති වූ බව බවුසරයෙන් පිට සිට දිවි බේරාගත් එහි රියැදුරා පැවැසුවේය. ගින්න හට ගැනීමත් සමඟ ඒ-9 ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල විය. ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවරගෙන තිබිණි. ගින්න හේතුවෙන් ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇතත් කිසිදු පුද්ගලයකුට ගින්නෙන් අනතුරක් සිදුවී නොතිබිණි. අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ස්ථානාධිපති එම්.එස්.එම්. සිරාජ් මහතා ඇතුළු ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පස්දෙනකු ගින්න මැඬපැවැත්වීමට පැමිණියහ.

මිහින්තලය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී.ජේ. ගුණතිලක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ තිරප්පනේ පොලිසියේ නිලධාරීන්ගේ කාර්යයට සහාය දැක්වූහ. ශ්‍රී ලංකා යුද හමුදාවේ 211 වැනි බළ සේනාවේ නිලධාරීන් විශාල පිරිසක් ද සිද්ධියවූ ස්ථානයට පැමිණ ගින්න නිවීම සඳහා සහාය දැක්වූ අතර සිද්ධිය සැලවූ වහාම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උතුරු මැද පළාත් ප්‍රාදේශීය කළමනාකාර ඒ.ජී.ජේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එහි පැමිණ සිටියහ.

-මහේෂ් විජේසුරිය-











Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බවුසරයට ගිනි ඇවිළී ඉන්ධන පිරවුම්හලම අළුවෙයි
බවුසරයට ගිනි ඇවිළී ඉන්ධන පිරවුම්හලම අළුවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGasO0PCcK1Mpbim7bu3u1otUkRZ4Qio1YClg60IjRfPezuE0HMgx_e-yd33PCJhYB6zM0fNrSOMj6hJsGxdYhEPZDrHdZvTk1VYcPclCmQy_FvEQq9rNFLOhRBSoD-0CW0FPXvXvDq9s/s1600/chrome_2019-01-17_08-29-35.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGasO0PCcK1Mpbim7bu3u1otUkRZ4Qio1YClg60IjRfPezuE0HMgx_e-yd33PCJhYB6zM0fNrSOMj6hJsGxdYhEPZDrHdZvTk1VYcPclCmQy_FvEQq9rNFLOhRBSoD-0CW0FPXvXvDq9s/s72-c/chrome_2019-01-17_08-29-35.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_216.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_216.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy