Loading... පසුගිය දිනවලදී මාවනැල්ල හා තවත් ප්‍රදේශවල සිදුව ඇති බුදු පිළිම විනාශ කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට නිවාස ඉදිකිරී...
Loading...
පසුගිය දිනවලදී මාවනැල්ල හා තවත් ප්‍රදේශවල සිදුව ඇති බුදු පිළිම විනාශ කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කර ඇත.
අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් දැක්වෙන්නේ මෙම විමර්ශණ කටයුතු පුරා විද්‍යා දෙපාර්තමේන්තු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරනු ඇති බවයි.
දැනටමත් ඒ සදහා හය දෙනෙකුගේ කණ්ඩායමක් පත් කර ඇති බවද සදහන්ය.
දැනට සිදු කර ඇති මූලික විමර්ශන අනුව විනාශ කරන ලද බුදු පිළිම පුරා විද්‍යාත්මක වැදගත්මක් සහිත ඒවා නොවන්නේ යයි තහවුරු වී ඇති බවත් නිවේදනයේ දැක්වෙයි.
-lanakcnews
COMMENTS