දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉංජිනේරු පීඨයට තේරී සිටියදී සියදිවිනසාගන්න හැදූ තරුණයාගේ මොළය මියගිය නිසා සිරුරු කොටස් පරිත්‍යාග කෙරේ
Homeගොසිප්

ඉංජිනේරු පීඨයට තේරී සිටියදී සියදිවිනසාගන්න හැදූ තරුණයාගේ මොළය මියගිය නිසා සිරුරු කොටස් පරිත්‍යාග කෙරේ

PropellerAds

ලබන වසරේ ඉංජීනේරු පීඨයකට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබා සිටියදී සිය දිවි නසා ගැනීමට ගොස් මොළයට හානි සිදුවී කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර...

මාධ්‍ය ඩීල් අතහරින ලෙස රන්ජන් ජවිපෙන් ඉල්ලයි
‘මරණය පමණක් ස්ථිර‘ බවට ෆේස් බුක් මගින් මිතුරන්ට දන්වා ජීවිතයෙන් සමුගත් පෑලියගොඩ සඳමාලි
වාද්දුව කාර්-දුම්රිය අනතුර බීමත්කම නිසා වුණ වින්නැහියක්
ලබන වසරේ ඉංජීනේරු පීඨයකට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබා සිටියදී සිය දිවි නසා ගැනීමට ගොස් මොළයට හානි සිදුවී කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය 21 හැවිරිදි තරුණයකුගේ වකුගඩු දෙක ඉවත් කරගෙන වකුගඩු රෝගී තරුණයන් දෙදෙනකුට
සාර්ථක ලෙස බද්ධ කළ බව මහනුවර ශික්ෂණ රෝහලේ දී මියගිය අයගේ අවයව ලබාගැනීමේ  සම්බන්ධිකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අරුණ අබේසිංහ මහතා පවසයි.

සිය දිවි නසා ගැනීමට යාමේදී මොළයට හානි සිදුවී මොළේ මියගිය අයකුගේ වකුගඩු දෙකක් බද්ධ කිරිම මීට පෙර සිදුකොට නොතිබුණ බවත්. මෙවැන්නක් මෙරට සිදුවූයේ පළමුවරට බවත් වෛද්‍ය අබේසිංහ මහතා සඳහන් කළේය.

මෙම තරුණයාගෙන් ලබාගත් වකුගඩු දෙක සාර්ථක ලෙස කරුණයන් දෙදෙනකුට බද්ධ කර ඔවුන් සුවය ලබමින් සිටින බව ද වෛද්‍ය අබේසිංහ මහතා කීය.

මෙම වකුගඩු දෙකෙන් එකක් මහනුවර ශික්ෂණ රෝහලේ දි හසලක මිනිපේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකුට වකුගඩු බද්ධ කිරිමේ ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේඝඥ පී.කේ. හරිස්චන්ද්‍ර මහනා විසින් බද්ධ කරනු ලැබීය.
අනෙක් වකුගඩුව පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකුට බද්ධ කරනු ලැබුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ශල්‍ය වෛද්‍ය විශේෂඥ බන්දුල සමරසිංහ මහතා විසිනි.

තම එකම පුතාගේ වකුගඩු දෙක ඔහුට පින් පිණිස රෝගීන් දෙදෙනකු ජීවත් කරවීම සඳහා පරිත්‍යාග කිරීමට එම තරුණයාගේ මව සහ පියා කැමැන්ත ප්‍රකාශ කිරිමෙන්
පසුව ශල්‍ය වෛද්‍ය විශේෂඥ හරිස්චන්ද්‍ර මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලට ගොස් වකුගඩු දෙක ශල්‍යකර්මයක් මගින් පෙරේදා (20) ඉවත් කරගත්තේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ දීපානි විජේසිංහ මහත්මිය. වෛද්‍ය අබේසිංහ මහතාට මෙම මොළේ මියගිය තරුණයා ගැන දැනුම්පදීමේ ප්‍රතිඵලයක් වශයෙන් වකුගඩු රෝගීන් දෙදෙනකුට ජීවත්වීමේ වාසනාව ලැබී ඇත.

මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ගෝතම  රකිනවසම් මහනා, එම රෝහලේ මොළේ මියගිය අයගේ ශරිර අවයව ලබාගැනීමේ ඒකකය බාර හෙද නිලධාරී අනුර රත්නායක, සහකාර සම්බන්ධිකරණ නිලධාරී හෙද නිලධාරිනි ආර්.එම්. ජයවර්ධන යන  මහත්වරුන් සහ හෙද නිලධාරිනියක් වන පවිත්‍රා බුලත්ගම සහ රසිකාමණී විජේවීර යන මහත්මීන් වකුගඩු දෙක ඉවත් කර ගැනීමේ කාර්යයේදී  විශේෂඥ වෛද්‍යවරයාට සහාය දී තිබේ.
තමන්ට සිටි එකම පුතාගේ වකුගඩු දෙකෙන් තවත් පුතුන් දෙදෙනකු ජීවත් කරවීමට ලැබීමෙන්  පුතා මියයාමේ දුක යම් තරමකට හෝ තුනී කර ගැනීමට හැකි වන බව එම තරුණයාගේ මව සහ පියා පැවසු බව වෛද්‍ය අබේසිංහ මහතා කීය.

වකුගඩු දෙකට අමතරව අක්මාව සහ හදවන ද ලබාදීමට එම තරුණයාගේ මවුපියන් කැමැත්ත  දී තිබුණත් ඒවා බද්ධ කිරිමට ලබාගැනීම සුදුසු තත්වයක නොතිබුණ බව වෛද්‍ය අබේසිංහ මහතා පවසයි.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉංජිනේරු පීඨයට තේරී සිටියදී සියදිවිනසාගන්න හැදූ තරුණයාගේ මොළය මියගිය නිසා සිරුරු කොටස් පරිත්‍යාග කෙරේ
ඉංජිනේරු පීඨයට තේරී සිටියදී සියදිවිනසාගන්න හැදූ තරුණයාගේ මොළය මියගිය නිසා සිරුරු කොටස් පරිත්‍යාග කෙරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEih3kqZFRfsy9gpiku4brqf9PIXjj4_riS3apRyG8oL0EG2mJm630woy3_vEFIUAMIlSCYZoUz5qbbqv9Iix2EcZ70_U6dpCNTMa-CAHO5lOUrXcQZ1erDybX03Nprb6j_ktB076dqDnxI/s1600/151021092349-cnnpartnerimages-healthgrades-surgery-super-tease.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEih3kqZFRfsy9gpiku4brqf9PIXjj4_riS3apRyG8oL0EG2mJm630woy3_vEFIUAMIlSCYZoUz5qbbqv9Iix2EcZ70_U6dpCNTMa-CAHO5lOUrXcQZ1erDybX03Nprb6j_ktB076dqDnxI/s72-c/151021092349-cnnpartnerimages-healthgrades-surgery-super-tease.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_543.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_543.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy