දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපතිගේ සැර කතාවට හේතු හා ලැබුණ පිළිතුරු

ඔ ක්තෝබර් 26 වනදා ජනපති මෛත්‍රීපාල සිරිසේන හිටි අඩියේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු ඇතිවූ විවිධාකාර දේශපාලන හැලහැප්පීම් අධිකර...

https://www.gossiplankanews.com/2018/12/after-maithri-speech.html#more
ක්තෝබර් 26 වනදා ජනපති මෛත්‍රීපාල සිරිසේන හිටි අඩියේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු ඇතිවූ විවිධාකාර දේශපාලන හැලහැප්පීම් අධිකරණය මගින් විසඳාලීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ යළි අගමැති ධූරයේ පිහිටුවනු ලැබීම ඊයේ 16 සිදුවිය.
මෛත්‍රී යළි රනිල්ව අගමැති ධූරයට පත් කළේ 'සිතකින් නොවේ' යයි
ඊයේ ඔහු කළ කථාවෙන්ද තහවුරු විය. මෛත්‍රීද මූලිකවී මෙහෙයවන ලද සිද්ධිදාමය අසාර්ථකවීමෙන් පසු ඔහුට පැනනගින වේදනාව හා කෝපය ඊයේ කතාවෙන් පිටකරන ලදැයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එසේම ජනපතිට එරෙහි දෝෂාභිටෙයා්ගයක් එල්ල කරාවි යන බියද එම කතාව තුළ සැඟව පැවතිණි.

කෙසේ වෙතත් මෙහිදී වැදගත්වන්නේ රටේ පැවැත්මයි. 2003-2004 කාලයේ චන්ද්‍රිකා රනිල් විරසකය නිසා රටේ වැඩ අවුල්වූ ආකාරයට ඊයෙ සිට ජනපති-අගමැති එක්වී රට කරන ඉදිරි මාස කිහිපය අවුල් සහගත ආකාරයට ගෙවී යන්නේ නම් රටට ස්ථාවරත්වයක් නැත. ඔවුන්ගේ සමගිය රටේද සමගියයි.
කෙසේ වෙතත් මහින්ද කදවුර ඉදිරි මාස කිහිපය සිය මැතිවරණ ජය වෙනුවෙන් දැනටමත් සමාජ මාධ්‍ය හවුල් කරගෙන විවිධාකාර ප්‍රචාරක වැඩසටහන් අරඹා ඇති අතර වෙනදාටත් වඩා ප්‍රබලව ප්‍රබන්ධාත්මක කතා, මඩ පෝස්ටර පතුරුවාලීම ඊයෙ සිටම ආරම්භ කර තිබෙනු දක්නට ලැබේ.
ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඊට පිළිතුරක් සපයා තිබේ.

"අපි මේ ගමන අර්බුද ඇති කරගන්නේ නැතිව..අර්බුද තිබෙනවා නම් තනි තීරණ ගන්නේ නැතිව..සාකච්ඡා කරලා විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ ඉදිරිපත් කරපු කරුණු කාරණා හදවතින්ම ඉදිරිපත් කරපු කරුණු කාරණා. අපි ඒවා සියල්ලම අපේ හදවතට ගත්තා. ඒ වගේම ඔබතුමාට බොහොම පැහැදිළිව කියන්න ඕනේ.. අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන කථා කළෙත් නෑ..ඒවා කරන්නට බලාපොරොත්තුවකුත් නෑ."
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මේ සම්බන්ධව පවසා තිබුනේ මෙවැන්නකි.
 "නීතිවිරෝධී ලෙස අපි කිසිම කටයුත්තක් කරන්නේ නෑ. අපි විනිවිදභාවයයි..විවෘතභාවයයි..යහපාලනයයි මේ රටේ ඇති කරලා තියෙනවා. චෝදනා තියෙනවා නම් ඔප්පු කරන්න.. මේ රටේ නීතිය හොඳට වැඩ කරන බව අපි දැක්කා පසුගිය දවස්ටිකේ. "

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29539,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ සැර කතාවට හේතු හා ලැබුණ පිළිතුරු
ජනපතිගේ සැර කතාවට හේතු හා ලැබුණ පිළිතුරු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7Q4O3bZj4qW90GJjE5iE_vVNie2YnPaki8IDGkeV8t9nD4G1RB7PqvBOHy1eqXDggMDh5ymDGJIqik_6BlcxAxEp5IwxbrWm4IVEwkkkfKo23fwwdKRAH1rYn7B71xJ6l9ClL06xq9jI/s1600/gossiplanka_2018-12-17-788.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7Q4O3bZj4qW90GJjE5iE_vVNie2YnPaki8IDGkeV8t9nD4G1RB7PqvBOHy1eqXDggMDh5ymDGJIqik_6BlcxAxEp5IwxbrWm4IVEwkkkfKo23fwwdKRAH1rYn7B71xJ6l9ClL06xq9jI/s72-c/gossiplanka_2018-12-17-788.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_424.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_424.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy