‘මහින්ද රාජපක්ෂ මහත්තයගෙත් කකුල් වෙව්ලන වෙලාවේ අපි තමා එදා ඒ ත්‍රස්තවාදය ඇතුළු අඳුරුම යුගයේ මළ කඳන් මැදින් මේ රට ඒ ජයග්‍රාහී යුගයට අරගෙන ය...
‘මහින්ද රාජපක්ෂ මහත්තයගෙත් කකුල් වෙව්ලන වෙලාවේ අපි තමා එදා ඒ ත්‍රස්තවාදය ඇතුළු අඳුරුම යුගයේ මළ කඳන් මැදින් මේ රට ඒ ජයග්‍රාහී යුගයට අරගෙන යන්න මුල් උනේ’ යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පවසයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මෙසේද කියා සිටියේය.
අද ඔය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දේශප්‍රේමය කතා කරන අය ඇඳන් යට ඉන්නකොට,ප්‍රභාකරන්ගේ කාලතුවක්කු කතා කරන වෙලාවේ,මහින්ද රාජපක්ෂ මහත්තයගෙත් කකුල් වෙව්ලන වෙලාවේ,අපි තමා එදා ඒ ත්‍රස්තවාදය ඇතුළු අඳුරුම යුගයේ මළ කඳන් මැදින් මේ රට ඒ ජයග්‍රාහී යුගයට අරගෙන යන්න මුල් උනේ මිත්‍රවරුනි.මහින්ද මහත්තයා 2005 බලයට ආපු වෙලාවේ එතුමට උදව් කරන්න කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ නෑ.මේ මුළු කොළඹ දිස්ත්‍රිකයටම හිටියේ භාරත ලක්ෂ්මන් විතරයි.ඒ භාරත ලක්ෂ්මන්ට ඒකට තෑග්ග දුන්නා මහින්ද මහත්තයා.වෙන කිසිම කෙනෙක් ස්ටේජ් එකක් ගහන්න,පෝස්ටරයක් ගහන්න එදා හිටියේ නෑ මේ කොළඹ දිස්ත්‍රිකයේ.
අපි තමයි එතුමාගේ ඒ ව්‍යාපාරය අරගෙන ගිහිල්ලා එතුමාව ඒ තැනින් තිබ්බේ.එතුමා කිසිම අවස්තාවක කිවේ නෑ මම ආවොත් කොටි සංවිධානය පරාජය කරනවා කියලා.එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ ලීවේ මම ආවොත් ප්‍රභාකරන් එක්ක සාකච්ජා කරනවා කියලා විතරයි.2005 බලයට ඇවිල්ලා ගෙනාපු පළවෙනි අයවැයෙන්ම කරේ මොකක්ද ලක්ෂ 8000ක් කොටින්ට ලබා දෙන විදියට රාඩා කියන ආයතනය හරහා උතුරේ ගෙවල් හදන මුවාවෙන් ප්‍රභාකරන්ට සල්ලි ලබා දීමට යෝජනා කිරීමයි.අද ඒ නඩුව ඇහෙනවා අධිකරණයේ,කොහොමද ඒ සල්ලි ටික ගියේ,හදපු එක ගෙයක් වත් නෑ,ගෙවල් හදනවා කියලා කිලිනොච්චිය,වව්නියාව,යාපනය,නැගෙනහිර ත්‍රස්තවාදීන්ට අවි ආයුද ගේන්න කොහොමද ඒ මුදල් ගියේ කියන එක දැන් මහාධිකරණයේ විනිශ්චය වෙනවා.
එතුමා ඊළඟට කරේ මොකද්ද නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා ඇරියා සාකච්ජා කරන්න කොටි සංවිධානයේ ඇන්ටන් බාලසිංහම් එක්ක ජිනීවා නගරයට.මෙහෙන් නිමල් සිරිපාලගේ නිළ කණ්ඩායම යනකොට බැසිල් රාජපක්ෂයි සජින් වාසුයි හොර පාරෙන් ජිනීවා වලට ගියා.අරලිය ගහ මන්දිරයේ දැම්මා කාමරයක් මේ ජිනීවා වල සාකච්ජා ගැන සාකච්ජා කරන්න.ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ මහත්තයලා අපි එහෙම එතන ගිහිල්ලා වාඩි වෙලා හිටියා.ඔය අතරේ මට ජිනීවා වල ඉඳන් කතා කරලා ශ්‍රීපති සුරියආරච්චි කිවා, මහත්තයෝ මෙතන එළියේ නිමල් සිරිපාලයි ඇන්ටන් බාලසිංහම් දෙන්නා කතා කරනවා ,හෝටලය ඇතුළේ කොටි බැසිලුයි සජින් වාසුයි සාකච්ජා පවත්වනවා කියලා.ඔන්න ඔහොමයි ගේම ගහගෙන ගියේ මහින්ද මහත්තයා.අවුරුදු 05ක් ප්‍රභාකරන් එක්ක දීග කන්න හිතාගෙන තමයි මහින්ද ආවෙත් වැඩ කරගෙන ගියෙත් මිත්‍රවරුනි.
අපිට විශාල කේන්තියක් කෝපයක් තිබුණා මෙයා මේ උඩින් හා යටින් කරගෙන යන ක්‍රියාවලිය පිළිබඳව.අපේ කේන්තිය කෝපය උත්සන්න උනේ 2006 අප්‍රේල් මාසේ අපේ හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයට බෝම්භ ගහපු වෙලාවේ.අපි ගිහිල්ලා මහින්ද රාජපක්ෂට කීවා හමුදාපතිට ගහලා තියෙනවා,හමුදාපති පණ අදින තත්වයට පත්කරලා තියෙනවා,ධීනයෙක් නොවී ප්‍රභාකරන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න කියලා.ඒත් කළේ නෑ.මට සාමය රකින්න තියෙනවා කීවා.නොවේජියානුවෝ එක්ක සාකච්ජා කරන්න තියෙනවා කිවා.ඔයගොල්ලෝ කීවට මට යුද්ධ කරන්න බෑ බෑ.. බෑ කිවා.
මම කියනවා මහින්ද රාජපක්ෂට මේවා බොරු නම් විවෘත්තව එන්න සංවාදයකට ඒ ඉතිහාසය මතක් කරලා දෙන්න.ඊට පස්සේ ආවා ජූනි මාසේ,ජූනි මාසේ සල්ලි කොටහා ප්‍රභාකරන්ට ගියේ නෑ.ඔවුන් මොකද කළේ වැහුවා මාවිල්ආරු වේල්ල.වහලා අපේ ජනතාව 6000කට පවුල් වල වතුර දෙන්න නැති තත්වයක් ඇති වුණා.අන්න ඒ වෙලාවේ තමා අපි තීරණය කරේ මහින්ද රාජපක්ෂගේ ඩබල් ගේමට උත්තර දෙන්න ඕනේ කියලා.ඒ නිසා තමා අපි මාවිල්ආරුවට ගිහිල්ලා ඒ ජනතාවගේ වතුර ටික බේරා ගන්න සටන එදා ආරම්භ කරේ.ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට සහ අපිට ගෙනල්ලා කීවා,මට යුද්ධ කරන්න බෑ.ලබ්බෙන්ද යුද්ධ කරන්නේ කියලා ඇහුවා.දැන් මේක මම කතා කර ගන්න ඕනේ කියලා කකුල පස්සට පස්සට තියාගෙන ආවා.
නමුත් මේ රටේ ආරක්ෂක අංශ.අපේ හිටපු සන්නද්ධ සේනාංක වල නායකයෝ හමුදාපතිතුමා ඉන්නකොට රෝහලේ,එතුමා සුව වෙමින් ඉන්නකොට අභීතව තීරණය කරලයි ඉදිරියට ගියේ.ඒ සටන ජය ගත්තේ අගෝස්තු 08.අන්න ඊට පස්සේ තමා මහින්ද මහත්තයා යුද්ධ වීරයා වෙන්න පටන් ගත්තේ.ඒකට කමක් නෑ හැබැයි රටට ඇත්ත කියන්න කියලා විතරක් අපි කියනවා.LTTEය පැරදුණාට පස්සෙත් මහින්ද මහත්තයා LTTEය එක්ක ගනුදෙනු නතර කළේ නෑ.12600ක් LTTE සාමාජිකයෝ නිදහස් කලා.ඒ මොකටද වන්නියේ හා නැගෙනහිර ජන්ද තමන්ට ගන්න පුළුවන් වෙයි කියලා.1000කට ආසන්න පිරිසක් හමුදාවේ බුද්ධි අංශයට අරගෙන ආණ්ඩුවේ පඩි ගෙව්වා.නැගෙනහිර පළාත,හම්බන්තොට,කතරගම,මොණරාගල තමන්ගේ ප්‍රදේශ වල තමන්ගේ නෑ හිතවතුන් වෙන හයසිය ගානක් ඝාතනය කරපු රාම් ලා ,නගුලන් ලා හමුදාවේ පඩි ලැයිස්තු වලට ගෙනාවේ ගෝඨාභය.
මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

COMMENTS