දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්දගේ තීන්දුව සිකුරාදා ලැබෙනකං මගේ තීරණ පමා කරමි - ජනපති

ජ නපති මෛත්‍රිපාල සිරිසේන නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුවෙන් ප...

https://www.gossiplankanews.com/2018/12/maithripala-reaction.html
නපති මෛත්‍රිපාල සිරිසේන නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුවෙන් පසු ජනපති එයට දක්වන ප්‍රතිචාරය පිළිබඳව බොහෝ දෙනා උනන්දුවෙන් පසුවුණා. නමුත් මේ සියලු අර්බුද මතුකරමින් තීන්දු තීරණ ලබාගත් ජනපති මෙම අවස්ථාවේදීත් නම්‍යශීලී වනවාට වඩා
පක්ෂපාතී ලෙස අදහස් දක්වා ඇති බව වාර්තාවේ.
අධිකරණය අද දුන් තීන්දුව පිළිගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට තමා සූදානම් නැතැයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද 13 දිනද නැවත පවසා තිබේ.
ඊයේ 117 ක් බහුතරය පෙන්වා අගමැති ධූරයට රනිල් නම් කළ යුතු බවට පාර්ලිමේන්තුවේ තීන්දුවක් ලබා තිබුණද එය ජනපති ගණනකටවත් ගෙන නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (13) රාත්‍රීයේ ජනපති ප්‍රකාශ කර ඇත්තේ රනිල් සමග ආණ්ඩු නොකරන බවත්
තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය රටට එරෙහි වැඩපිළිවෙළ වැළැක්වීමට බැවින් එම ස්ථාවරය වෙනස් කිරීමට අදහසක් නැති බවත්ය. තමා රටට ආදරය කරන රට ගැන හිතන අයෙකු නිසා ඔවුන් රටට කිරීමට යන විනාශය වැළැක්වීමට සෑම පියවරක්ම ගන්නා බවත් මේ නිසා කවුරු මොන තීන්දු දුන්නත් නැවත ආපස්සට නොයන බවත්ය.

ඒ නිසා ශ්‍රිලනිපය හා සන්ධානය වෙනුවෙන් තමා කැපවන බවත් ඒ නිසාම දැනට තාවකාලිකව වැඩ තහනමට ලක්ව සිටින අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ බලය නැවත ස්ථාපිත වන්නේ නම් ඔවුන් සමග පෙරට යාමට අදිටන් කරගෙන සිටින බවය.
මහින්දගේ තනතුර පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ

තීන්දුව 2019 ජනවාරි 19ට යෙදුණත් එම අතුරු තහනම වළක්වනවාද නැද්ද යන්න ගැන මහින්දගේ ඇපිල් නඩුවේ තීන්දුව හෙට 14 ලබාදීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙට විභාගයට ගැනෙන අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුවක් ලැබීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට (14) රාත්‍රීයේද රැස්වීමට එහිදී තීරණය කර ඇති අතර මහින්දගේ තනතුර යළි ලැබුණොත් ඔවුන් සමග රට ගෙනයාමට අදහස් කරන බවත් ඒ නිසා තම තීරණය තවත් දවසක් පමා කරන බවත් ජනපති දන්වා ඇත.

වත්මන් අර්බුදය සම්බන්ධ වැදගත් තීරණයක් අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්නද ජනපතිවරයා එජාපය හෝ එහි නියෝජිතයෙකු සමග කිසිදු සාකච්ඡාවකට යාමට හෝ මේ වනතුරු ඉදිරිපත්වී නැත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ තීන්දුව සිකුරාදා ලැබෙනකං මගේ තීරණ පමා කරමි - ජනපති
මහින්දගේ තීන්දුව සිකුරාදා ලැබෙනකං මගේ තීරණ පමා කරමි - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhH_FLIkGBAwhx5x69ZaHSYKX6zdiTF5X0Lkfk2V6usk_gVys6NdctShVEOboGKw5fXlGMq989MUqF09U-ouQINy3C60Sy2WBKl1k-MG4VfvtAnVY4vsUFNL3kXiVvDh67NhV3PVwthqpo/s1600/Maithripala_Sirisena_AFP.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhH_FLIkGBAwhx5x69ZaHSYKX6zdiTF5X0Lkfk2V6usk_gVys6NdctShVEOboGKw5fXlGMq989MUqF09U-ouQINy3C60Sy2WBKl1k-MG4VfvtAnVY4vsUFNL3kXiVvDh67NhV3PVwthqpo/s72-c/Maithripala_Sirisena_AFP.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_208.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_208.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy