දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අමාත්‍යංශ වල වැඩ කටයුතු දිගටම - ජනපති ලේකම්වරු හමුවේ කියයි
Homeප්‍රවෘත්ති

අමාත්‍යංශ වල වැඩ කටයුතු දිගටම - ජනපති ලේකම්වරු හමුවේ කියයි

PropellerAds

අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම තාවකාලිකව අත්හිටුවාලමින් පසුගියදා අභියාචනාධිකරණ නියෝගයක් නිකුත් කෙරිණි. අග්‍රාමාත්‍යවරයාට සහ ...

තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට යුධ ශක්තිය පෙන්වීමට සූදානම් බව පුටින් කියයි...ලෝක යුද්දය එක වෙඩිල්ලක දුරින්?
හරීන් ලබන සඳුදා රන්ජන්වත් අරන් ජිනීවා යයි!
හැකියාව ඇති සියලු දෙනා තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න – යුක්රේන් ජනපති ජනතාව අමතා කියයි
අමාත්‍යංශ වල වැඩ කටයුතු දිගටම - ජනපති ලේකම්වරු හමුවේ කියයි

අගමැතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම තාවකාලිකව අත්හිටුවාලමින් පසුගියදා අභියාචනාධිකරණ නියෝගයක් නිකුත් කෙරිණි.

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත.

අද (04) පෙරවරුවේ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ජනපතිවරයා මෙම උපදෙස් දී ඇත.

මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියළුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත ජනාධිපතිවරයා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එවන් තත්ත්වයක් තුල අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා විශේෂ සාකච්ජාවක් පැවැත්වූ අතර එම සාකච්ජාවේ නිකුත් කළ නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනය

2018.12.04 දින පෙරවරුවේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී.  එහිදී ;

“අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් ගරු අභියාචනාධිකරණය විසින් 2018.12.03 දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත.

තවද, මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියලුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇත.”

ජනාධිපති මාධ්‍ය අංශය

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමාත්‍යංශ වල වැඩ කටයුතු දිගටම - ජනපති ලේකම්වරු හමුවේ කියයි
අමාත්‍යංශ වල වැඩ කටයුතු දිගටම - ජනපති ලේකම්වරු හමුවේ කියයි
http://am.lk/media/k2/items/cache/476ef99bf20e0667b3849c77d830f837_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy