දේශපාලනය නොකර රැකියාව නිසි පරිදි කරන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් දැඩිව අවවාද කර තිබේ....
දේශපාලනය නොකර රැකියාව නිසි පරිදි කරන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් දැඩිව අවවාද කර තිබේ.
ජනාධිපතිවරයා සහ තමන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපි සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් ද ආරක්ෂක ලේකම්වරයා විසින් දැඩිව දොස් පවර ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කැඳවා ඇතත් මේ වන තෙක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එහි නොයාම සම්බන්ධයෙන් ද ආරක්ෂක ලේකම්වරයා සිය අවධානය යොමු කර ඇත.
ඉතා ඉක්මනින් රහස් පොලිසිය වෙත ගොස් අදාළ ප්‍රකාශය ලබාදීමට කටයුතු කරන්නැයි ද ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට තදින් දැනුම් දී ඇති බව ද ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
-cybernews
COMMENTS