මුලතිව් සෙම්මාලෙයි පළාතේ පිහිටි ගණ දෙවි කෝවිල අසල කිසියම් පිරිසක් විසින් බුදු පිළිමයක් තැන්පත් කිරීම පළාතේ සාමයට බාධාවක් නිසා එය ඉවත් කිර...
මුලතිව් සෙම්මාලෙයි පළාතේ පිහිටි ගණ දෙවි කෝවිල අසල කිසියම් පිරිසක් විසින් බුදු පිළිමයක් තැන්පත් කිරීම පළාතේ සාමයට බාධාවක් නිසා එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය සංස්කෘතික අමාත්‍යංශය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කොට තිබේ.
නමුත් පළාතේ ආරක්ෂක අංශ කියා සිටින්නේ මේ ස්ථානයේ 2012 වර්ෂයේ සිට බුදුපිළිමය තැන්පත් කොට තිබූ බවයි.
එවකට මුලතිව් පළාතේ සිටි යුද හමුදා නිලධාරීන් ඔවුන්ගේ කදවුර අසල එම බුදුමැදුර ඉදි කළ බවද ඊට ඔවුන් දිනපතාම වන්දනාමාන කළ බවද ආරක්ෂක අංශ නිලධාරීන් කියා සිටියි.
යුද්ධයෙන් පසුව මුලතිව් පළාතේ සාමාන්‍ය වැසියන් යළි පදිංචි වීමෙන් පසුව එම යුදහමුදා කදවුර ඉවත් කළද බුදුමැදුර ඉවත් නොකළ බවද ආරක්ෂක නිලධාරීන් කියා සිටියි.
ගම්මානවල පදිංචි වූ වැසියෝ බුදුමැදුරට නුදුරින් ගණදෙවි කෝවිලක් පිහිටුවා ඇති අතර ඔවුන්ට එය ස්ථානයේ ඇති බුදුපිළිමය ඉවත් කරගැනීමට වුවමනා නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරිය ලවා එය ඉටු කරගැනීමට දරණ උත්සාහයේ එක් ප්‍රතිපලයක් බවට මෙම ලිපි යැවීම මුලතිව් ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS