රට මුහුණදී සිටින දේශපාලන අර්බුදය විසඳීමට වහාම මැදිහත්වන ලෙස ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් ඊයේ (23) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
රට මුහුණදී සිටින දේශපාලන අර්බුදය විසඳීමට වහාම මැදිහත්වන ලෙස ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් ඊයේ (23) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයාගේ නිල නිවසේ රාත්‍රී 6.30ට පමණ ආරම්භවූ මෙම රැස්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර හා ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සහභාගී වී තිබේ.
වත්මන් අර්බුදය හේතුවෙන් ජනතාව මුහුණදී සිටින ගැටළු පැහැදිලිකර දී ඇති එම මන්ත්‍රීවරුන් පිරිස මෙම අර්බුදය නිමා කිරීමට ඇති එකම විසඳුම යලි ඔක්තෝම්බර් මස 26 දිනට පෙරතිබු යහපාලන ආණ්ඩුව ස්ථාපිත කිරීම බව අවධාරණය කර තිබේ.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එක්සත් ජාතික පෙරමුණේ වෙනත් අයකු නම් කර ගැනීම සඳහා තම කණ්ඩායම එජාපයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ජා පවත්වමින් සිටින බවද එම මන්ත්‍රීවරුන් පිරිස පවසා ඇති අතර ජනාධිපතිවරයා එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළකර ඇති බව වාර්තාවේ.
මෙහිදී 'පොහොට්ටුව' සන්ධානයට එරෙහිව කරුණු දක්වා ඇති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු යලි යහපාලන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට නොහැකිවේ නම් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමේ අවශතාවය පෙන්වා දී තිබේ.
ශ්‍රීලනිපය රැක ගැනීමේ සටන: ඉරිදා රැස්වීමක් !
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමේ අරමුණ ඇතිව එම පක්ෂයේ ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් නොවැ 25 ඉරිදා සවස 2 ට කොළඹ මහජන පුස්තකාල ශාලාවට කැඳවනු ලැබ ඇති රැස්වීම සම්බන්ධයෙන් මේ වන විට රට පුරා මහත් උනන්දුවක් ඇති වී තිබේ. දිවයිනේ සිටින ශ්‍රීලනිපයේ ප්‍රබල දේශපාලන චරිත රැසක්ද මෙම සාමාජික පාක්ෂික හමුවට සහභාගී වන බවට සහතික වී ඇතැයි සංවිධායකයෝ පවසති.

COMMENTS