පිළිකා රෝගය හේතුවෙන් තම මව දැඩි ලෙස පිඩා විදි බවත් රෝගාතුර වූ බවත් ඔහු සංවේගයෙන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඔහුගේ මවගේ අවසන් කටයුතු ඊ...
පිළිකා රෝගය හේතුවෙන් තම මව දැඩි ලෙස පිඩා විදි බවත් රෝගාතුර වූ බවත් ඔහු සංවේගයෙන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඔහුගේ මවගේ අවසන් කටයුතු ඊයේ දින තිබුණු අතර ඒ සදහා විශාල කලාකරුවන් පිරිසක් සහභාගී වී තිබෙන බවත් සදහන්.
තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගත් අර්ජුන් විවාහ වෙන්නේ 1998 වර්ෂයේ. ඒ ඉන්දියාවේ සුපිරි නිරූපිකාවක්වන Mehr Jesia සමග. මේ දෙදෙනාගේ දරුවන් වන්නේ Mahikaa Rampal හා Myra Rampal. අර්ජුන් මොවුන්ගෙන් වෙන්ව ජිවත් වුවත් ඒ අයද ඇයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ තිබෙනවා.
එමෙන්ම ඔහුගේ කලින් පෙම්වතියත් පැමිණ තිබෙන බව සදහන්. එමෙන්ම වර්තමාන පෙම්වතිය වන අප්‍රිකානු නිරූපණ ශිල්පිනි Gabriella Demetriade පැමිණ තිබීමත් විශේෂත්වයක් බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



COMMENTS